සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය පදනම් කර ගනිමින් ක්‍රියාත්මක වන විවිධ මූල්‍ය වංචා පිළිබඳ තොරතුරු ලැබී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසනවා.
මෙවැනි වංචාවන්වල වැඩිවීමක් මෑත කාලීනව නිරීක්ෂණය වී ඇති බවයි එම සංගමයේ සභාපති රජිව් යසිරු කුරුවිටගේ මැතිව් සඳහන් කළේ.
එවැනි වංචා රැසක් අන්තර්ජාලය හරහා මුදල් ඉපයීම වැනි ක්‍රම හරහා සමාජ මාධ්‍ය අඩවි තුල සිදුවන බව අනාවරණ වී තිබෙනවා.
මෙවැනි මූල්‍ය වංචා මෙහෙයවනු ලබන පුද්ගලයන් තම බැංකු ගිණුමට හෝ වෙනත් ක්‍රමයකට සමාජ මාධ්‍ය පරිශීලකයන්ගෙන් මුදල් ලබාගෙන ඔවුන් විසින් පොරොන්දුවූ සේවාව ලබාදීම මගහරින බවටයි හෙළිවී ඇත්තේ.
එමෙන්ම සමාජ මාධ්‍ය පිටු මගින් පරිශීලකයන්ට සපයන පහසු ණය යෝජනා ක්‍රම හරහා පරිශීලකයන්ගේ බැංකු දත්ත ලබාගැනීමට කටයුතු කරන බවක් ද නිරීක්ෂණය වී ඇති බවයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පෙන්වා දෙන්නේ.
සමාජ මාධ්‍ය තුලින් සහ අන්තර්ජාලය හරහා මෙම සේවා ලබාගැනීමට අදහස් කරන්නේ නම් ඒ පිළිබඳ විශේෂ අවධානයක් ලබාදෙන ලෙසට ඔවුන් දැනුම්දෙනවා.
එමෙන්ම පහසු ණය යෝජනා ක්‍රම යටතේ යම් ණයක් ලබාගැනීමට කටයුතු කරන්නේ නම් තම බැංකු ගිණුමේ පෞද්ගලික තොරතුරු කිසිවක් ණය මුදල ලබාදීමට කටයුතු කරන පිරිස් වෙත කුමන හෝ හේතුවක් මත ලබාදීමට යාමෙන් වලකින ලෙසටයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වැඩිදුරටත් දැනුම්දෙන්නේ.