අල්ලස් මුදලක් ලබාගැනීමට යාමේදී කහවත්ත පොලිසියට අනුයුක්තව සේවය කරන සැරයන්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් කහවත්ත - වැල්අඳුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පානදුර ප්‍රදේශයේ දැව ව්‍යාපාරිකයෙකුගෙන් ඊයේ රුපියල් 12,500ක අල්ලස් මුදලක් ලබාගැනීමට යාමේදීයි. සැකකාර පොලිස් සැරයන්වරයා විසින් ව්‍යාපාරිකයා උඩවලව ප්‍රදේශයේ සිට ප්‍රවාහනය කළ දැව තොගයක් මීට පෙර පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ව්‍යාපාරිකයා විසින් අදාළ දැව ප්‍රවාහනය කිරීම සඳහා ලබාගත් බලපත්‍ර ඉදිරිපත් කළ නමුත්, දැව තොගය මුදාහැරීමට සහ දැව ප්‍රවාහනය නිදහසේ කරගෙන යාම සඳහා රුපියල් 25,000ක අල්ලසක් සැරයන්වරයා ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.
එම අවස්ථාවේදී ව්‍යාපාරිකයා විසින් රුපියල් 12,500ක මුදලක් ලබාදී ඇති අතර, ඊයේ ඉතිරි රුපියල් 12,500ක මුදල ලබාදීමට යාමේදී මෙලෙස පොලිස් සැරයන්වරයා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.