Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
16
"දික්කසාද වුණ ගැහැණියකට ආපහු ජීවිතය පටන්ගන්න බැරිද?" - වොල්ගා කල්පනී - Photos

- "දික්කසාද වුණ ගැහැණියකට ආපහු ජීවිතය පටන්ගන්න බැරිද?" - වොල්ගා කල්පනී - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

117 Views
මම ගැහැණියකට තියා පිරිමියෙකුටවත් අපහාස කරන කෙනෙක් නෙමෙයි......

මම දෙවියන්ට කියන්නේ මේ මඩ ප්‍රහාර ගහන මිනිස්සුන්ට මොළය පාදලා දෙන්න කියලා......

ශ්‍රී ලාංකේය ටෙලිනාට්‍ය කලාවට කවදත් තරුවල හිඟයක් තිබුණේ නැත. වසරින් වසරට හෝ කාලෙන් කාලෙට එක පොදියට නිර්මාණය වන ටෙලි පොකුරු අතර, සුන්දර කෙල්ලන් හරි හරියට බිහිවිය. වොල්ගා කල්පනීද එහෙව් සුන්දර කෙල්ලකි.

දඟකාර පෙනුමැති සුරුබුහුටි වොල්ගා ටෙලිනාට්‍ය තෝරා ගැනීමේදී නම් දඟකාරියක වන්නට කැමැති වූයේ නැත. සුන්දර ටෙලියක බොළඳ පෙම්වතියක වෙනවාට වඩා හරයක් ඇති කතාවක මතක හිටින චරිතයක් කරන්නට කවදත් කැමැති වූ වොල්ගා ගැනයි මේ කතාබහ.

වොල්ගා කොහොමද ඉතිං ?

බොහොම සතුටින් සෑහෙන නිදහසේ ආසා කරන වැඩ ටිකක් කරගෙන පාඩුවේ ඉන්නවා. පසුගිය අවුරුද්ද වුණත් මගේ රංගන ජීවිතය පැත්තෙන් සෑහෙන වාසනාවන්ත වුණා. මොකද එකවිට නාට්‍ය පහක් විතර විකාශනය වුණා. ඒ චරිතත් එකිනෙකාට වෙනස් චරිත. විශේෂයෙන් මම ආසා කරන අධ්‍යක්‍ෂවරු යටතේ වැඩ කරන්න ලැබුණා. ඒ නිසා පසුගිය කාලය බොහොම සුන්දරයි.

2020 පෙම්වතුන්ගේ දිනය වොල්ගාට සුවිශේෂී අවුරුද්දක් නේද?

මම හිතන්නේ 2020 කියන්නේ සුවිශේෂී අවුරුද්දක්. මම හැමදාම හිතන්නේ මේ තමා මගේ හොඳම දවස කියලා. මේ තමා මගේ හොඳම අවුරුද්ද කියලා හිතපු කෙනෙක්. ඔව්. මට 2020 සුවිශේෂයි. නැත්තේ නැහැ.

වොල්ගා දැන් පෙම්වතියක් ?

ඔව්. මම පෙම්වතියක්.

පෙම්වතා ගායකයෙක් නේද?

මම ඒ ගැන කියනවා වඩා ගොඩක් දෙනෙක් ඒ ගැන දන්නවා. මම විශේෂයෙන්ම මේ ගැන කතා කරන්න කැමැති ඉදිරියේදී. ඉදිරියේදී මගේ ජීවිතයට සුවිශේෂී දෙයක් එනවා. එදාට ඒ සියල්ල මම කතා කරන්න කැමැතියි.

ඒ කියන්නේ ළඟදීම විවාහ වෙනවා කියන එකද?

එහෙම කියන්නත් බැහැ. ජීවිතයේ ලොකු වෙනසක් ළඟදීම වෙනවා. ඒ වෙනසත් එක්ක පෙම්වතා කවුද මොකක්ද මේ ගැන කියන්න තියෙන්නේ මේ ඇත්තද මිනිස්සු කියන්නේ කියලා මම ඇත්තටම කියන්න කැමැතියි.

ඔය කියන සුවිශේෂී කාරණාව ඔච්චර අගය කරන්නේ ඇයි ?

මම හිතන්නේ ජීවිතයේ කාලයක් ගියාට පස්සෙනේ අගය කරනම දේවල් හම්බවෙන්නේ. ඉතිං මම හිතන්නේ මේ කාරණාවත් අගය කළයුතු දෙයක්. ප්‍රේක්‍ෂකයෝ දන්නවා මම හැමදාම ඇත්ත කිව්ව කෙනෙක් කියලා. ඉතිං ජීවිතයේ හොඳම දේවල් ප්‍රකාශ කරන්න ඕනෑ ඒ සුවිශේෂී වෙලාවල්වල කියලා මම අහලා තියෙනවා. ඒ නිසා මම කියන්නේ එච්චර කල් ගන්නෙත් නැහැ, ළඟදීම ඒ කාරණාව කියනවා. බොහොම ළඟයි.

වොල්ගාගේ ජීවිතයේ අලූත් පිටුවක් පෙරළෙනවා ?

මගේ ජීවිතය ගැන කෙලින්ම කතා කළොත් අතිශයින්ම නරක කාලයක් තමයි පසු ගිය කාලයේ ගෙවුණේ. ඒ කියන්නේ මගේ පෞද්ගලික ජීවිතය පැත්තෙන් ගත්තොත් මට විතරක් නෙමෙයි ඒ තත්ත්වය බලපෑවේ. මේ ලෝකේට මාව බිහිකරපු දෙමව්පියන් පවා සෑහෙන අපහසුතාවයට පත් කළා. ඇත්තටම පසුගිය කාලයේ මගේ දෙමව්පියන්ට සහ මට සෑහෙන අපහසු කරපු කාලයක්. මම සාමාන්‍යයේ පසුගිය දේවල් කතා කරන්නේ නැති චරිතයක්. නමුත් පසුගිය කාලයේ ජීවිතයේ සිද්ධ වෙන්න ඕනෑ නැති දේවල් සිද්ධවෙච්ච කාලයක්.

දැන් නරක කාලය ගෙවිලා ගියා. හොඳ කාලයද එන්නේ ?

නරක මම හැමදාම හොඳ කරගන්න උත්සාහ කරපු ගැහැණියක්. සමහර තැන්වලදී ඒ නරක හොඳ කරන්න ගිහිල්ලා ඒක කරගන්න බැරිවුණ අවස්ථා තියෙනවා. ඒ වගේ තැන්වලදී මම ජීවිතය අතහැරියා. මම කලින් හොඳින් හිටියා. මම බොහොම අවංකව ජීවත්වෙන මනුස්සයෙක්. හැබැයි ඉස්සරහට මීටත් වඩා හොඳින් ජීවත්වේවි කියලා මට විශ්වාසයක් තියෙනවා.

ඒ කැමැතිම කෙනා ලැබුණ හින්දා නේද?

ඔව් කියලා කියන්න පුළුවන්. ජීවිතේ මාව ආශ්‍රය කරපු යාළුවෝ වෙන්න පුළුවන් මගේ ජීවිතේ ළඟින් හිටපු අය වෙන්න පුළුවන්. ඒ අයත් එක්ක හිටපු අය එකතු වුණා වෙන්න පුළුවන්. එ සියල්ලගෙන්ම මට පසුගිය කාලයේ ලැබුණේ අපහාසයක්, අවලාදයක්, නරකක් සහ පළිගැනීමක් විතරයි. දැන්නම් මගේ ජීවිතයට ලැබුණ කෙනා මම වෙනුවෙන් ඉවසන, මම වෙනුවෙන් කැපවෙන මගේ මඩ ප්‍රහාර දිහා බලාගෙන ඔළුව පාත්කරගෙන ඉන්න කෙනෙක්. ඉතිං මම හිතනවා ඒක තමයි ජීවිතය කියලා.

ඔහු ජනප්‍රිය සංගීත කණ්ඩායමක නිත්‍ය ගායකයෙක්?

ඔව්. නවක ගායකයෙක්. මම හිතනවා ඒ ගායකයාත් එක්ක ඉදිරියේදී මට ආදරය කළා වගේ ආදරය කරලා ජීවත්වේවි කියලා. මම කොහොමත් ඉස්සර ඉඳන් සංගීතයට ආදරය කරන මනුස්සයෙක්. හැබැයි මට සින්දු කියන්න බැහැ.

ඔහු වෙත හිත ඇදී යන්න වොල්ගාට තිබුණ සුවිශේෂී හේතුව ?

මම හිතන්නේ පොළවේ පයගහලා ජීවත්වීම. මගේ දෙමාපියන්ට ගෞරව කරනවා. මම දන්න තරමින් ඔහු මේ ලෝකයේ වැඩියෙන්ම ආදරය කරන්නේ අම්මාට. තමන් ගේ අම්මා ගේ ගෞරව කරන පිරිමියා ගැහැණියකට අනිවාර්යයෙන්ම ගෞරව කරනවා.

මේ ආදර කතාවට ප්‍රශ්න තිබුණේ නැතිද?

මේ ආදර කතාව බාධක බොහෝමයි. ඒක මම අදටත් දෙවියන්ට භාරදීපු ප්‍රශ්නයක්. මගේ තාත්තා මට පුරුදු කරලා තියෙන්නේ කවදාවත් කාගෙන්වත් පළිගන්න නෙමෙයි. මම දන්නේ නැහැ පසුගිය කාලයේ මෙච්චර කතා හැදුණේ, ඇයි මෙච්චර මඩ ප්‍රහාර ඇතිවුණේ කියලා. මම දික්කසාද වුණ ගැහැණියක්. ඒක කෙලින්ම කියනවා. එතකොට දික්කසාද වුණ ගැහැණියකට ආපහු ජීවිතය පටන්ගන්න බැරිද?. සමහර තැන්වලදී මගේ නෑදෑයෝ පවා අහලා තිබුණා ඇයි මෙයා මෙහෙම කරන්නේ කියලා. එහෙම ප්‍රශ්න නැතුවාම නෙමෙයි. එතකොට ගොඩක් දෙනෙක් මාව විවේචනය කළා. බාධක කියලා මම ගොඩක් දැක්කේ මඩ සහ අවලාද. ඒවා සෑහෙන ආවා. මට දුක හිතුණ තැන් ගොඩක් තිබුණා. මම දෙවියන්ට කියන්නේ මේ මඩ ප්‍රහාර ගහන මිනිස්සුන්ට මොළය පාදලා දෙන්න කියලා. මොකද මමත් ගැහැණියක්. මම ගැහැණියකට තියා පිරිමියෙකුටවත් අපහාස කරන කෙනෙක් නෙමෙයි. ඒ අපහාස සහ මඩ බොහොම සතුටින් විඳ දරාගෙන ජීවත්වෙනවා.

මඩ ගහලා වොල්ගාව වට්ටන්න බැහැ. එහෙමද?

ඔව්. වට්ටන්න බැරිවුණා. මම රංගන ක්‍ෂෙත්‍රයට ඇවිත් අවුරුදු පහක් වෙනවා. නමුත් පිට මිනිස්සු මට අවලාද අපහාස කරලා නැහැ. හැබැයි ඒ අපහාසවලට මාව සැලූන්නේ නැහැ.

දික්කසාද ගැහැණියකට අභියෝග වැඩියි. ඔබ ඒ අභියෝගවලට මුහුණදෙන්න සූදානම්ද?

ඔව්. මම අනිවාර්යෙන්ම මුහුණදෙන්න සූදානම්. හැමදාම කියනවා වගේ මම සාම්ප්‍රදායික ගැහැණියක් නෙවෙයි. මම අදවෙනකම් කිසිම පිරිමියෙකුගෙන් ජීවත්වෙලා නැහැ. අද වෙනකොට ලංකාවේ ගොඩක් ගැහැණු හිතාගෙන ඉන්නවා දික්කසාද වෙනකොට අම්මෝ ජීවත්වෙන්න විදිහක් නැහැ කියලා. එහෙම වෙන්න වුවමනා නැහැ. ගැහැණිය අසරණ විය යුතු නැහැ. ගැහැණිය කියන්නේ පිරිමියාට වැඩිය ශක්තිමත්විය යුතු කාන්තාවක්.

ඔබේ කලා ජීවිතයට අනාගත සැමියාගෙන් බාධාවන් වැටේවිද?

නැහැ. දැනට එහෙම නැහැ. මම හිතනවා ඉස්සරටත් එහෙම වෙන එකක් නැහැ කියලා. අනික වෘත්තීන් දෙකක්. ඒක බොහොම ලස්සනයි.බොහොම හොඳ පැහැදිලි ගමනක් යන්න පුළුවන්. මම නිළියක්. ඔහුගේ දේවල්වලට මම උදව් කරනවා. මගේ දේවල්වලට ඔහු උදව් කරනවා ඇරෙන්න වෙන දේවල් නැහැ.

මේ දිනවල වොල්ගාගේ වීඩියෝ එකක් හරි ජනප්‍රිය වෙලා තියෙනවානේද?

ඕක දෙතුන් දෙනෙක් එකතුවෙලා කරපු දෙයක්. බිනෝෂ් පීරිස් බිවෝක්ගේ අවලංගු කාසියක් කියන ගීතයේ මියුසික් වීඩියෝ එකේ එක තැනක තියෙනවා නළුවාට අහුවෙනවා පොටෝ එකක් ගැහැණු ළමයෙකුගේ අත අල්ලාගෙන ඉන්නවා. ඒකේ අධ්‍යක්ෂකවරයා කිව්වා පොඩි ක්ල්ප් එකක් ගහගමු නිකං කියලා. ඒක බොරු ක්ල්ප් එකක් නෙමෙයි. ඇත්ත වීඩියෝ එකක්. වචන ටිකක් වෙනස් වෙලා තියෙනවා. ඒක මා ළඟ සහ බිනෝෂ් ගාව වගේම අධ්‍යක්ෂක රොෂාන් ඈපාසිංහ ළඟ තිබුණා. බිනෝෂ්ගේ හෝ මගේ මැසෙන්ජර් එක හැක් කරලා තමයි මේ වීඩියෝ එක අරගෙන තියෙන්නේ. අපහාසයක් කරන්න තමයි මේ වීඩියෝ එක දාලා තියෙන්නේ. ඒකට නීතිමය කටයුතු අරගෙන තියෙනවා. කවුද දැම්මේ කියන එක හොයන්න තමයි නීතිමය කටයුතු ආරම්භ කරලා තියෙන්නේ. මම හිතන්නේ වාසනාවක ඒ වීඩියෝ එක හින්දා මිනිස්සු මට කතා කරලා ඕකට සැලෙන්න එපා කියලා විතරයි කිව්වේ.

වොල්ගාව මොනදේ කළත් වට්ටන්න බැහැ කියලාද කියන්නේ ?

මෙහෙමයි මමත් සාමාන්‍ය මනුස්සයෙක් හින්දා මටත් රිදෙන තැන් තියෙනවා. නැතිවාම නෙමෙයි. මට රිදුන තැන් ගොඩක් තිබුණ මනුස්සයෙක්. හැබැයි කවදාවත් මගේ ගමනවත් මගේ ජීවිතයේ ළඟින් ඉන්න කෙනාවත් මගේ දෙමව්පියන්වත් අයින් කරන්න අමාරුයි. මම දන්නේ නැහැ. සමහර තැන්වලදී මම හරි අමුතුයි කියලත් හිතෙනවා. ඔය වගේ පොඩි පොඩි බොළඳ දේවල්වලින් වොල්ගාව වට්ටන්න හරිම අමාරුයි.

බිනෝෂ් පීරිස්

බිනෝෂ් පීරිස් කියන්නේ ඇත්තටම කවුද?

මම 2015 අවුරුද්දේ ඉඳන් ගීත ගායනා කරනවා. 2019 වසරේ තමයි මගේ පළමු මියුසික් වීඩියෝ එක රිලීස් කරන්න. 2019 ඒ මියුසික් වීඩියෝ එක රිලීස් කරන්න කලින් පියානෝ වාදකයෙක් විදිහට තමයි කටයුතුකළේ. ඒ විතරක් නෙමෙයි හාඩ් බ්ලැක් සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායකයා විදිහටත් කටයුතු කරනවා.

ඔබේ ගීත කිහිපයක් එළිදක්වන්න සූදානමින්ද ඉන්නේ ?

ඔව්. එක ගීතයක් එළිදැක්වූවා. ඊට අමරතව ලබන මාර්තු හෝ අප්‍රේල් මාසයේ සුවිශේෂී ගීතයක් එළිදක්වන්න සූදානමින් ඉන්නවා. ඒක මගේ දෙවැනි ගීතය.

බිනෝෂ්ගේ ජීවිතයටත් සුවිශේෂී කෙනෙක් ළංවෙලා කියලා ආරංචියි ?

ඔව්. කොහොමටත් මට පුංචි කාලේ ඉඳන් මගේ ජීවිතයට සුවිශේෂී අය තමයි ලංවුණේ. මීට අවුරුදු දෙකහමාරකට තුනකට කලින් ඉතාමත් සුවිශේෂී කෙනෙක් මුණගැසිලා තියෙනවා. මේ කතා කරන මොහොතේත් ඇය මා ළඟින් සිටිනවා.

ඒ සුවිශේෂී කෙනා මුලින්ම මුණගැසුණේ කොහේදීද?

ඒ සුවිශේෂී කෙනා මට හම්බවෙන්නේ අවුරුදු දාහතරේදී පහළොවේදී විතර ජාතික රූපවාහිනියේ අතුරු මිතුරු කියන වැඩසටහනේදී. ඉතිං ඒ සුවිශේෂී කෙනා එදා ඉඳන් අද වෙනකම් සුවිශේෂී කෙනෙක්.

ඒ කාලේ ඇතිවුණ මිතුදම ජීවිතයේ බැඳීමක් දක්වා ගියා. එහෙමද?

ඒ කියන්නේ ළඟදී බැඳීමකට ගියා කියන්න බැහැ. ඒ කාලේ ඉඳන්ම සුවිශේෂී බැඳීම තියෙනවා වගේ තමයි තවම තේරෙන්නේ.

ඇය සුවිශේෂී වෙන්න විශේෂ හේතුවක් තියෙනවාද?

සුවිශේෂී වෙන්න හේතුව එයාගේ වයසත් එක්ක එයාගේ නාට්‍ය බලනවා. මම එයාගේ රසිකයෙක්. මගේ ජීවිතයට එයා ඇත්තටම සුවිශේෂී රංගන ශිල්පිණියක් විදිහට.
 
ඒ සුවිශේෂී කෙනා සමග සුවිශේෂී කටයුත්තකට එළැඹෙනවා නේද?
 
ඒ දිනය බොහොමත් ළඟයි. ඒ කතාවත් මුලින්ම කියන්නම්.

 ඒ කවදා වගේද?

මට නිශ්චිතවම දිනයක් කියන්න බැහැ. බොහෝ දුරට මාස දෙකක් කියලා විතරක් මතකයේ තියාගත්තොත් ඇති.

ඇය නමින් වොල්ගා කල්පනී?

ඔව්. ඇය නමින් වොල්ගා කල්පනී.

වොල්ගාගේ කලා කටයුතුවලට ඔබගෙන් සීමාවන් වැටේවිද?

අනේ නැහැ. මමත් කලාවට ආදරය කරපු කෙනෙක්. කලාව කරන වොල්ගා කල්පනීට විතරක් නෙමෙයි හැම කෙනෙකුටම මම ආදරෙයි. ඒ නිසා මගෙන් කිසිම තහනමක් නැහැ. ඇයට කැමැති ඕනෑම වැඩක් ඇයට කරන්න පුළුවන්. මගෙන් කිසිම තහනමක් නැහැ.

ඇය හමුවීමත් ඔබේ ජීවිතය වෙනස් වුණාද?

ඇත්තම කිව්වොත් ඇය හමුවීමත් සමග මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. මම කලාවට ආදරය කරලා ගායකයෙක් වෙන්න පෙරුම් පුරපු චරිතයක්. මම අවුරුදු පහළොවක් තිස්සේ කළේ සංගීතය. සින්දුවක් කරලා රිලීස් කරන්න පුළුවන්වුණේ ඇත්තටම ඇය නිසා. ඇය මට ලොකු ශක්තියක්. ඇය නිසා මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා.

ඇය හෙට දවසේ ඔබේ සහකාරිය ?

ඉදිරියේදී එ ගැන දැනගන්න ලැබේවි.

"දිවයින"
දිනේෂ් විතාන




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top