Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
15
ආසියාවෙන් පිටත ප්‍රථම කොරෝනා වෛරස් මරණය ප්‍රංශයෙන් වාර්තාවෙයි - Video

- ආසියාවෙන් පිටත ප්‍රථම කොරෝනා වෛරස් මරණය ප්‍රංශයෙන් වාර්තාවෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,038 Views
කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් යුරෝපයේ සිදුවූ ප්‍රථම මරණය ප්‍රංශයෙන් අද වාර්තා වුණා.

කෙසේ නමුත්, ප්‍රංශයේදී මියගොස් ඇත්තේ 80 හැවිරිදි චීන ජාතික සංචාරකයෙක්.

ඔහු කොරෝනා වෛරසය කේන්ද්‍ර ගත වූ චීනයේ හුබෙයි ප්‍රාන්තයෙන් පැමිණි අයෙකු බවයි ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍යවරිය වන අන්යෙස් බිසොන් ප්‍රකාශ කළේ.

මේ වනවිට ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිත මරණ සංඛ්‍යාව 1527 දක්වා ඉහළ ගොස් ඇති අතර, මුළු ආසාදිත සංඛ්‍යාව 67,000කට අධිකයි.

කොරෝනා වෛරස් මරණවලින් 1523 චීනයෙන් වාර්තා වූ අතර, හොංකොං, පිලිපීනය සහ ජපානයෙන් ද එක් මරණය බැගින් වාර්තා වී තිබුණා.

දැන් ප්‍රංශයෙන් වාර්තා වන්නේ ආසියාකරණයෙන් පිටත සිදු වූ ප්‍රථම කොරෝනා වෛරස් මරණයයි.

මේ අතර, ජපානයේ යොකොහමා වරායට ඔබ්බෙන් නැංගුරම් ලා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවෙන් නව කොරෝනා වෛරස් ආසදිතයන් 67 දෙනෙකු සොයා ගෙන ඇති අතර, ඒ අනුව, එහි සිටින මුළු ආසාදිත සංඛ්‍යාව 285 දක්වා ඉහළ යනවා.

එමෙන්ම, නෞකාවේ සිටින සිය පුරවැසියන් ඉවත් කරගන්නා බව ටෝකියෝ නුවර ඇමරිකානු තානාපති කාර්යාලය අද ප්‍රකාශ කළා.

ඒ සඳහා හෙට දිනයේ ජපානය වෙත ගුවන් යානයක් යැවීමටද ඇමරිකාව සැළසුම් කර තිබෙනවා.

කෙසේ නමුත් ඔවුන් ඇමරිකාව වෙත රැගෙන ගිය පසු සති දෙකක කාලයක් වෙන්කොට අධීක්ෂණය කිරීමට නියමිතයි.

 3700කට වැඩි පිරිසක් ගමන් කරන සුඛෝපභෝගී ඩයමන්ඞ් ප්‍රින්සස් නෞකාවේ ඇමරිකානුවන් කොතෙක් සිටීද යන්න මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටින එහි කාර්ය මණ්ඩලයට අයත් ඉන්දියානුවන් 132 දෙනෙකු සහ මගීන් 6 දෙනෙකු ඉවත් කර ගැනීම සඳහා ටෝකියෝ නුවර ඉන්දීය තානාපති කාර්යාලය ද, ඉල්ලීමක් කර තිබෙනවා.

නෞකාවේ සිටින කොරෝනා වෛරස් ආසාදිතයන් 219 දෙනා අතරින් 6 දෙනෙකු ඉන්දියානුවන්. යොකොහොමා මුහුදු තීරයට ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාව පැමිණියේ මේ මස මුලදීයි.

හොංකොං නුවරදී, නෞකාවට නැවත පැමිණි මගියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් අනතුරුවයි එහි සියලූදෙනා නෞකාව තුළම රඳවා ගැනීමට පියවර ගැණුනේ.

එලෙස රඳවා තබා සති දෙකක් ගතවීමෙන් අනතුරුවයි ඉන්දියාව සිය පුරවැසියන් ඉවත් කර ගැනීමට ජපානයෙන් ඉල්ලීමක් කර ඇත්තේ.

මේ අතර, ජපාන සංචාරකයෙකු තම රටේ සිට නැවත ජපානයට යාමෙන් අනතුරුව, කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් හවායි බලධාරින් ඔහු සමග සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයන් පරීක්ෂා කිරීමට පියවර ගෙන තිබෙනවා.

හවායි දිවයින් වලට අයත්, ඔවාහු දූපතේ පසුගිය ජනවාරි 28 වනදා සිට පෙබරවාරි 3 වනදා දක්වා සංචාරය කළ පුද්ගලයෙකු නැවත ජපානයට යාමෙන් අනතුරුවයි මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණ වී ඇත්තේ.

කොරෝනා වෛරසය තවදුරටත් පැතිරිම වැළැක්වීමේ පියවරක් ලෙස ව්‍යවහාරයේ පවතින මුදල් නෝට්ටු පිරිසිදු කිරීමට චීනය පියවර ගෙන තිබෙනවා.

එලෙස පාරජම්බූල කිරණ වලට හෝ දැඩි උණුසුමට ලක් කෙරෙන මුදල් නෝට්ටු යළි සංසරණයට එක් කිරීමට පෙර දින 14 ක කාලයක් අදාළ යන්ත්‍රවල රඳවා තැබීමටයි පියවර ගැනෙන්නේ.

චීන මහබැංකුව මෙම පියවර නිවේදනය කළේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින්.

මේ අතර, කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාව ඉහළ යාමත් සමග චීනයේ මුහුණු ආවරණ ඇතුළු ආරක්ෂිත ඇඟලූම් හිඟයක් පවතින බව වාර්තා වනවා.

මේ නිසා කාර්යාල ගොඩනැගිලි සෝපානවල කඩදාසි, අත්පිස්නා, රඳවා තැබීමටයි චීන බලධාරින් පියවර ගෙන ඇත්තේ.

මේ අතර, කැස්ස රෝග ලක්ෂණ පෙන්නුම් කළ ජපන් ජාතිකයෙකු නිසා ඊයේ බදුල්ල දුම්රිය ස්ථානයේ නොසන්සුන්කාරි තත්ත්වයක් හට ගැනීමේ පුවතක් වාර්තා වී තිබෙනවා.

දුම්රිය බලධාරින් විසින් බදුල්ල රෝහල දැනුවත් කර අදාළ ජපන් ජාතිකයා රෝහල් ගත කිරීමට පියවර ගත් අතර, එහිදී ඔහුට කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු කර ගැනීමෙන් පසුව රෝහලෙන් මුදා හැර ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

එමෙන්ම, වූහාන් සිට පැමිණ දින 14 ක කාලයක් නිරෝධායනයට ලක් කෙරුණු ශ්‍රී ලාංකිකයන් 33 දෙනා ඊයේ යහපත් සෞඛ්‍ය තත්වයෙන් තම නිවෙස් වෙත පිටත්ව ගිය අතර, ඔවුන් අද නිවේදනයක් නිකුත් කරමින් චීන රජය, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු සියලූ පාර්ශවයන් වෙත සිය ස්තූතිය පළ කළා.

වූහාන් සිට පැමිණ නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව නිවස බලා ගිය කසුන් වික්‍රමගේ හිරු ප්‍රවෘත්ති අංශය සමග අදහස් දක්වමින් කියා සිටියේ තම ඉදිරි අධ්‍යයන කටයුතු ඔන්ලයින් ක්‍රමයට පවත්වාගෙන යාම සඳහා චීන රජය සහ විශ්වවිද්‍යාල මේ වනවිටත් අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවයි.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,347 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  543 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  13,706 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,645 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,376 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,499 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  7,790 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  3,830 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  792 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,342 Downloads



Top 10 Commenters

Latest Comments

Top