Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
15
සජිත්ගේ නව සන්ධානයට හංසයාත්, අහිමි වන ලකුණු - Video

- සජිත්ගේ නව සන්ධානයට හංසයාත්, අහිමි වන ලකුණු - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,092 Views
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව පිහිටුවන නව සන්ධානය, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමින් ඉදිරි මහමැතිවරණයට තරඟ වදින්නේ නම් පමණක් හංසයා සලකුණ ලබාදීමට එකඟ බව එම පෙරමුණේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

කෙසේ වෙතත්, සලකුණ ලබා ගැනීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂය හෝ පිහිටුවීමට නියමිත නව සන්ධානයේ සාමාජික පක්ෂයක කිසිවෙකුත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සමග මෙතෙක් කිසිදු සාකච්ඡාවක් සිදුනොකළ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, කොළඹ අද පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක කියා සිටියේ හංසයා සලකුණ ඉදිරි මහ මැතිවරණයට ලබාදීම සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ එකඟතාවය පළ කර ඇති බවයි.

කෙසේ වෙතත්, පවතින නීතිමය වාතාවරණය තුළ දේශපාලන පක්ෂයක සලකුණ වෙනත් දේශපාලන පක්ෂයකට ලබා දෙන්නේ නම්, එම සලකුණ හිමි මුල් පක්ෂය අදාළ සලකුණ ඉවත් කර ගත යුතු වනවා.

ඒ හේතුවෙන්, වසර 25 ක් පමණ පැරණි තම පක්ෂයේ සලකුණ අහෝසි කර ගනිමින් පක්ෂයේ සලකුණ වූ හංසයා වෙනත් නමකින් ලියාපදිංචි වන පක්ෂයකට ලබාදීමට කිසිසේත් එකඟ නොවන බවයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ප්‍රකාශකයා හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ අනුව, එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිහිටුවීමට නියමිත නව සන්ධානය හංසයා සලකුණෙන් තරඟ වදින්නේ නම්, එම සන්ධානය තරඟ වැදිය යුතු වන්නේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යන නමින්.

මේ අතර, සමගි ජන බලවේගය විසින් හදවත සලකුණ ඉල්ලා ඇතත්, මැතිවරණයකදී කොමිසම පිළි ගන්නා ලකුණු නාමාවලිය තුළ එම සලකුණ නොමැතිවීම හේතුවෙන් එය ලබාදීම මැතිවරණ කොමිසම ප්‍රතික්ෂේප කර ඇතැයි ද වාර්තා වනවා.

කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ සලකුණ සම්බන්ධයෙන් පොදු එකඟතාවයකට පැමිණීම සඳහා නීතිඥ කමිටුවකට එම කටයුතු භාර දී ඇති බවයි.

ඒ අනුව, ඊට අදාළ නීතිමය තත්ත්වයන් පිළිබඳ අවසන් තීරණය අනිද්දා දිනයේදී එම කමිටුව මගින් ප්‍රකාශයට පත් කෙරෙනු ඇති.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,131 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  897 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  17,648 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,346 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,802 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,774 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,009 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,390 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  896 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,609 Downloads



Top 10 Commenters

Latest Comments

Top