Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
15
"උඹ මට මැරෙන්න ඇරල දැන් ඕකිවත් මරා ගන්නද හදන්නෙ..." - මැරිච්ච පෙම්වතා ආවේශ කරගෙන සැමියාට එරෙහිව නැඟිට්ට සකුන්තලාට අත් වූ ඉරණම

- "උඹ මට මැරෙන්න ඇරල දැන් ඕකිවත් මරා ගන්නද හදන්නෙ..." - මැරිච්ච පෙම්වතා ආවේශ කරගෙන සැමියාට එරෙහිව නැඟිට්ට සකුන්තලාට අත් වූ ඉරණමHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16 Views
උඹට එපා නම් මං ඒකිව මගේ ළඟට ගන්නවා...
උඹ වගේ කවදාවත් මං එයාට වෙනස්කම් කරල නැහැ...
මං අද ඉඳලා සකූ එක්ක එයාගෙ ඇඟේ ජීවත් වෙනවා...
 
සමන්ත හා සකුන්තලා මැදිවියේ විවාහක යුවළකි. පොලිස් නිලධාරියකු ලෙස සේවය කළ සමන්තගේත් ගෘහණියක වන සකුන්තලාගේත් යුග දිවිය දැන් වසර 15ක් පමණ ගෙවී ගොස් තිබේ.
 
සිය දරු දෙදෙනාත් හදා වඩා ගනිමින් මේ යුවළගේ යුග දිවි ගමන සාමාන්‍යයෙන් ඕනෑම විවාහක ජීවිත දෙකක් මුහුණ දෙන රස නීරස, ප්‍රශ්න හා විසඳුම්, සතුට අසතුට වැනි ස්වාභාවික තත්ත්වයන් හරහා ගමන් කරමින් තිබිණ.

ගත වූ කාලය තුළ නොතිබුණු අවුල් සහගත තත්ත්වයක් මේ දෙදෙනා අතර හට ගන්නට වූයේ ඔය අතරය. දැන් ඔවුන්ගේ අඬදබර වැඩිය. අවුල් වියවුල් වැඩිය. මේ තත්ත්වයට සම්පූර්ණ හේතුව ලෙස පෙනී ගියේ සකුන්තලා තුළ සැමියා සමන්ත කෙරෙහි පවතින ඊර්ෂ්‍යා සහගත සැකයයි.
 
ඔහු ඉතා ප්‍රිය මනාප මිනිසකු විය. කා අතරත් ජනප්‍රිය පෞරුෂයක් ඔහු තුළ විය. ගෙදර ‍ෙදාර, දරුවන් ගැන බලමින් ද හිතවතුන්ට අසල්වැසියන්ට ඥාතීන්ට තම හැකි පමණින් උදවු උපකාර කරමින් ද කල් ගෙවුයේය. සකුන්තලා මේ තත්ත්වය නොරිස්සුවාය.
 
සමන්ත දැන් තමාව පිළිකුල් කරන බව ද තමන් කෙරෙහි සැලකිල්ලක් නොදක්වන බව ද සිතුවාය. ඇය බොහෝ විට මවාගත් දුකකින් කල් ගත කරනු පෙනිණ. මේ තත්ත්වය රාජකාරියක් කරන සමන්තට මහත් හිසරදයක් විය.
 
එක් දිනක රාත්‍රියේ මහා අසාමාන්‍ය බියජනක සිදුවීමක් විය. දෙදෙනා අතර අභාග්‍යසම්පන්න බහින්බස් වීමකදී සකුන්තලා හිටිවනම වෙනත් රෞද්‍ර හඬකින් සමන්තට බැන වදින්නට වූවාය. අමුතු ආරූඪයක් ශරීරයට ආවේශ වූවාක් මෙන් ඇය ප්‍රාණවත් වී සිටියාය.
 
“උඹ මට මැරෙන්න ඇරල දැන් ඕකිවත් මරා ගන්නද හදන්නෙ... උඹට එපා නම් මං ඒකිව මගේ ළඟට ගන්නවා. එදා වගේම මං සකූට ආදරෙයි. උඹ වගේ කවදාවත් මං එයාට වෙනස්කම් කරල නැහැ. මං අද ඉඳලා සකූ එක්ක එයාගෙ ඇඟේ ජීවත් වෙනවා...”
 
බිරිය සකුන්තලා මාරාවේශයෙන් බියකරු හඬකින් සමන්තට තර්ජනය කරන්නට විය. දරු දෙදෙනා භීතියට පත් වූ අතර සමන්ත වික්ෂිප්තව සිටියේය. ඔවුන් ඉදිරියේම කිහිප විටක් තිගැස්සුණු සකුන්තලා සිහිසුන්ව අසල තිබූ සැටිය මත ඇද වැටුණාය.
 
මේ සිදුවීමත් සමඟ සමන්තගේ සිතට බියක් දැනිණ. ඒ සමඟම කිසියම් අතීත සිදුවීම් පෙළක් දෙසට ඔහුගේ සිත දිව ගියේය. මේ නිමේෂය තුළ ඒ අතීතාවර්ජනය සමන්තගේ සිත තුළ චිත්‍රපටයක් ලෙස මැවී යන්නට විය.
 
සමන්තගේ දිගු කාලීන හොඳම මිතුරකු සිටියේය. විරාජ් නම් වූ ඔහු ද පොලිස් නිලධාරියකු විය. සකුන්තලා ගේ මුල් පෙම්වතා ඔහුය. ඔහු හොඳ පෙම්වතකු ලෙස සකුන්තලාව රැක බලා ගත්තේය. මේ දෙදෙනාට සමන්ත නැතිවම බැරි හොඳ මිතුරකු විය. ඔවුනොවුන් අතර ඇසුර ඉතා ළෙන්ගතු දුක සැප බෙදා කියා ගන්නා සමීප එකක් විය.
 
1990 වසරේ කිසියම් කාලයක සකුන්තලා හා විරාජ්ගේ විවාහයට දින නියම කර ගෙන ද තිබිණ. මිතුරන් දෙදෙනා සේවය කළේ ද අම්පාර ප්‍රදේශයේ එකම පොලිස් ස්ථානයකය. යුද උණුසුම පැවැතිය ද එකල තාවකාලික සාම ක්‍රියාවලියක් පැවැතිණි. එසමයේ එක්තරා වකවානුවක විරාජ් රාජකාරියේ යෙදී සිටියදී සමන්ත නිවාඩු පැමිණියේය. ඒ සිය මිතුරාගේ මංගල දිනයේ දෙවැනි මනාලයා ලෙස පෙනී සිටීමට අවශ්‍ය ඇඳුම් පැලඳුම් සකස් කර ගනු සඳහාය.
 
මිතුරන් දෙදෙනා කතා වී මේ කටයුතු යොදා ගෙන තිබිණ. සමන්ත අවශ්‍ය දේවල් හොඳින් කර ගෙන විරාජ්ගේ ඉල්ලීම පරිදි සකුන්තලාව ද මුණගැසී සමන්තගේ වැඩ පණිවුඩ රැගත් ලියුමක් ද ඇයට භාර දී සිය නිවෙස වෙත ගියේ තවත් දිනකින් අම්පාර බලා යෑමේ බලාපොරොත්තුවෙනි. එහෙත් ඔවුන් තිදෙනාගේම දෛවය එදින වෙනස් වී තිබිණ.
 
පෙරදා රාත්‍රියේ සාම ක්‍රියාවලිය කඩ වී අර පොලිස් ස්ථානයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබේ. ඉතා සුළු වේලාවක් තුළ පොලිසියේ බල බිඳිමින් එය ත්‍රස්තයන් යටතට පත් වී තිබේ. විරාජ් ඇතුළු පොලිස් නිලධාරීන් සමූහයක් ත්‍රස්ත ග්‍රහණයට පත්ව අතුරුදන්ව ඇත. කාලය දින සති මාස ගණන් ගතව ගියේය. සකුන්තලා සිටියේ ඇඬූ කඳුළිනි.
 
සමන්ත හොඳ මිතුරකු හැටියට ඇය අස්වසාලමින් සිටියේ මිතුරාට සිදු වූ ඛේදවාචකය ගැන අවංකවම තැවෙමිනි. ටික කලක් ගත වී තොරතුරු ලැබුණේ පැහැර ගත් පොලිස් නිලධාරීන් සියලු දෙනාම ත්‍රස්තයන් විසින් ඝාතනය කර ඇති බවයි. සකුන්තලා දැඩි මානසික කම්පාවකට පත් වූවාය. සමන්ත සකුන්තලාවත් ඇගේ මාපියනුත් සනසමින් හොඳ මිතුරකු ලෙස ඔවුන් සමීපයේ සිටියේය.
 
මෙම කනගාටුදායක සිදුවීමෙන් අනතුරුව කාලය ගෙවී යමින් තිබිණ. විය යුතු පරිද්දෙන්ම සකුන්තලාගේ ජීවිතයට පිළිසරණයක් වන්නට මාපියන්ගේ ආශිර්වාදය ද මැද හොඳ මිතුරකු ලෙස සමන්ත ඉදිරිපත් විය. සකුන්තලා හා සමන්ත දෙදෙනා විවාහ දිවියට එළැඹුණහ. අතීත මතක ද කැටි කර ගෙන සමන්ත හොඳින් සකුන්තලා රැක බලා ගත්තේ ය. යුතුකම් ද වගකීම් ද ඉටු කළේය. අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන ගිය මිතුරාට ද පෙම්වතාට ද දෙදෙනා එක්ව ආගමික කටයුතුවලදී පින් පැමිණවූහ.
 
ඒත් දැන් මේ සිදු වී ඇති අවුල කුමක්ද? විවාහ ජීවිත සොඳුරු ද නපුරු ද අයුරින් ගලා යන කාලය තුළ මෙවැනි දේ සිදුවෙයි. සමන්තට යම් යම් දේ පැහැදිලි විය. සකුන්තලා එදා ආවේශයෙන් කතා කළ දවසේ තනිකර ම ආවේ මිය ගිය පෙම්වතා විරාජ්ගේ කටහඬයි. මිතුරා සමන්තට එය හොඳ හැටි පැහැදිලිය.
 
මේ තත්ත්වයෙන් සහනයක් උදෙසා සකුන්තලා රැගෙන සමන්ත පන්සල් දේවාල කරා ද ගියේය. ශාන්තිකර්ම දෙසට ද සිත යොමු විය. ඔවුන් පැවැසුවේ මළගිය ප්‍රාණකාරයා ඇගේ ශරීරය තුළ සිටින බවකි. යම් යම් ශාන්තිකර්මවලින් පසු ටික දිනකට සුවෙන් පසුවන සකුන්තලා නැවතත් අර අවුල්සහගත තත්ත්වයටම පත්වෙයි. පවුලේ ආර්ථිකයටද දරුවන්ගේ කටයුතුවලට ද එය බාධාවක් විය. ඇය මනෝ චිකිත්සකවරයෙක් හමුවට යොමු වූයේ ඔය අතර ය.
 
“අප පළමුව සිදු කළේ මේ කාන්තාවගේ ශරීරයට බලපාන යම් අමතර ශක්තියක් (negative energy) තිබේදැයි පරික්ෂා කිරීමයි. එවැනි විද්‍යාත්මක උපකරණ අප සතුයි. එවැනි කිසිවක් නොවූ තැන ඇය හා අතීතාවර්ජනයක යෙදුණා. මෙම ආවේශය පළමුව සෑදුණු දින හා ආසන්න සිදුවීම් ඉතා පරික්ෂාවෙන් බැලුවා. මෙහිදී පැහැදිලි වුණේ ඒ කාලය තුළ ඇය මානසිකව ඉතා දුර්වල මට්ටමකට (Depression) පත්ව සිටි බවයි. තම සැමියා තමාට ආදරය රැකවරණය ලබා නොදෙන බවත් වෙනත් සැක සහිත අහේතුක සිතිවිලිත් (irrational thoughts) ඇගේ සිතේ පැළපදියම්ව තිබුණා.
 
“මනස තුළ යම් යම් සිතුවිලි දිගින් දිගටම කැකෑරෙනවිට එම පීඩනයෙන් මිදීම සඳහා යටි සිත යම් යම් ප්‍රයෝග යොදා ගන්නවා. එය තමන්ටම නොදැනී සිදුවන්නට පුළුවන්. මේ වන විට තමාට මිය ගිය පෙම්වතාගේ ආත්මය වැසී ඇතැයි යන නිගමනයකයි ඇය සිටියේ. එහි කිසිදු සත්‍යයක් නැති බව සැමියාට පමණක් වටහා දුන්නා. මේ තත්ත්වය යටි සිත (unconscious mind) තුළින්ම ඉවත් කළ යුතු නිසා අප ඇය මෝහන නිද්‍රාවකට (hypnotic sleep) පත් කළා. විරාජ් ඉවත්ව යන බවත් මිය ගිය ඔහු ගැන සිතීමෙන් පලක් නැති බවත් ඔහු නැවත නොඑනා බවත් ඇගේ යටි සිත තුළ තදබල ලෙස තැන්පත් කළා. ඉන්පසු සැමියා සමන්ත ඇය වෙනුවෙන් කළ කැපකිරීම් අතීතය ස්මරණය කරමින් ඇය තුළ ඇති අනියත සැක බිය ඉවත් කිරීම සඳහා සාර්ථක උපදේශන කීපයක්ම සිදු කළා. මේ ක්‍රියාවලිය නිමවන විට ඇය හොඳ මානසික තත්ත්වයකට පත්වුණා...”

මව්බිම
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top