මරණ 150 ක් ගත වූ පැය 24 තුළ සිදුවෙලා..
ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දින වෙනස් වෙන් නෑ..
දියතලාවේ සිසුන් පිරිස නැවත නිවෙස්වලට..
මාරාන්තික නව කොරෝනා හෙවත් කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී මියගිය සංඛ්‍යාව මේ වනවිට 1523 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඉන් මරණ 150 ක් ගත වූ පැය 24 තුළ සිදුව ඇති අතර, වෛරසය ආසාදනය වූ බවට හඳුනාගත පුද්ගලයින් සංඛ්‍යාව ද 66,962ක්.
ආසියානු කලාපය ඇතුළු ලොව ප්‍රභල රාජ්‍යයන් රැසකින් මාරාන්තික කොවිඩ් වෛරස ආසාදිතයින් වාර්තා වුව ද, මේ වසරේ ජපානයේ ටෝකියෝහි පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙල පවත්වන දිනයන්හි කිසිදු වෙනසක් සිදු නොකරන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර, චීනයේ වුහාන් සිට පැමිණ දියතලාව යුද හමුදා මූලික රෝහලේ නිරෝධායන ක්‍රියාවලියකට භාජනය කෙරුණු ශ්‍රී ලාංකිකයින් 33 දෙනා ඊයේ ඔවුන්ගේ පවුලේ ඥාතීන් වෙත භාරදීමට යුද හමුදාව කටයුතු කළා.
දින 14 ක කාලයක් නිරෝධායන ක්‍රියාවලියට භාජනය කෙරුණු ඔවුන් ඊයේ එම මධ්‍යස්ථානයේ සිට අකුරේගොඩ පිහිටි යුද හමුදා මූලස්ථානය වෙත රැගෙන එනු ලැබුවා.