Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
14
"මෙයා එයාට‍ ගොඩාක් ආදරය කෙරුවා, දෙමාපියෝ ගැන හිතුවේ නැහැ.." - ආදරය නිසාම ජීවිතයෙන් විඳවන තරුණියක් ගැන, ආදරවන්තයින්ගේ දිනයදා ඇසුණු හද කම්පා කරවන කතාව - Video

- "මෙයා එයාට‍ ගොඩාක් ආදරය කෙරුවා, දෙමාපියෝ ගැන හිතුවේ නැහැ.." - ආදරය නිසාම ජීවිතයෙන් විඳවන තරුණියක් ගැන, ආදරවන්තයින්ගේ දිනයදා ඇසුණු හද කම්පා කරවන කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

71,366 Views
එහෙම කියලා තියෙද්දිත් ඇයි මෙහෙම කරගත්තේ..
"මාස කීපයකින් ආරංචි වුණා ඒ කොලුවා බැඳලා කියලා.."
දෙමවුපියෝ කියන දේ අහන්න, නැතිවුණොත් මගේ දුවට වුණු දේ වෙයි...
 
අද ආදරය ගැන කතා කරන්නට මුළු ලෝකයම වෙන්කර ඇති දවස.
 
මානව ඉතිහාසයේ ආරම්භයේ පටන් අද දක්වා මේ ආදරයේ ජයග්‍රහණ මෙන්ම පරාජයන්ද විඳ ඇති පිරිස සුළුපටු නැහැ.
 
ආදරවන්තයන්ගේ දිනයේදී හිරු තබන මේ සටහන ආදරයේ, විරහ වේදනාවේ එක් ශෝකාන්තයක්.

විවාහය තහනම් කර තිබූ සමයක රජුට වසන් වී ආදරය කළ යුවළක් එක්කිරීමේ වරදට ක්‍රිස්තුවර්ෂ 3වන සියවසේදී රෝමයේ ජීවත් වූ වැලන්ටයින් සාන්තුවරයා හිස් ගැසුම් ලන්නේ එවක රෝම පාලකයා වන ක්ලෝඩියස්ගේ නියෝගයකින්.
 
ඒ පෙබරවාරි 14 වනදාකයි.
 
එතැන් පටන් වැලන්ටයින් සාන්තුවරයා සිහිකෙරෙන ආදරවන්තයින්ගේ දිනය ශත වර්ෂ ගණනාවක් තිස්සේ සැමරෙනවා...
 
මේ ආදරය අත්නොවිඳි අයෙක් අප අතර නැහැ.
 
කුඩා කළ දෙමාපිය නෑ හිත මිතුරන්ගෙන් අප විදිනා ආදරය යොවුන් වියේදී සුන්දර ප්‍රේමයකට පෙරළෙනවා.
 
සාලිය අශෝකමාලාටත්, කුස පබාවතීයටත්, රෝමියෝ ජුලියට්ටත්, ප්‍රේම කලේ ආදරයේ සීමා මායිම් නොතකා.
 
සා ජහාන් මුම්ටාස් වෙනුවෙන් ටජ්මහලක් තනන්නේ ඒ අරුම පුදුම ආදරයේ නාමයෙන්.
 
මේ වේයන්ගොඩ වට්ටත්තර පදිංචි සමාධි හෙට්ටිආරච්චි. ලොව සුවහසක් දෙනාගේ සිත් පිරිමැදි ඒ ප්‍රේමනීය හැගිම ඇයව වසර 10කට වැඩි කලක් එක් තැන් කොට තබනවා.
 
හෙදියක ලෙසින් සේවය කළ සමාධි නව යොවුන් වියේ තම සිත තුළ පිලිසිදගත් ආදරණීය හැගීම පිලිබද සිටියේ දහසකුත් එකක් බලාපොරොත්තු පොදි බැදගෙන.
 
"මෙයා එයාට‍ ගොඩාක් ආදරය කෙරුවා ටිකක් නෙවෙයි දෙමාපියො ගැන හිතුවේ නැහැ. මෙයා හිතුවේ එයා ගැනමයි. අපේ අයියා වගේ නෙවෙයි ඒ අයියා හරි හොඳයි කිව්වා. ඒ තරම් තිබුණු ළමයාට තමයි ඔය දේට පත් කෙරුවේ..."
 
නමුත් කල් යත්ම දෙදෙනා අතර ඇතිවූ සිත් තැවුලක් හේතුවෙන් සමාධි තම ජීවිතය පිලිබද හිතුවක්කාර තීරණයක් ගන්නට තරම් දරදඩු සිතක් ඇති කරගන්නවා.

ඇය ගත් එම ක්ෂණික තීරණය අද ඇයට පමණක් නොව ඇගේ දෙමාපියන්ටත් එක් කර ඇත්තේ නිමා නොවන දුක් කන්දක්
 
"ඔය දේ කර ගනී කියන අදහසින් තමයි කතා කරලා දෙන්නම් කිවවේ මෙයාට. ඒ කියලා තියෙද්දීත් ඇයි මෙහෙම කරගත්තේ කියන එක මට හිතාගන්න අමාරුයි. මාස කිහිපයක් ගියාට පස්සේ හෙයලා බලපුවාම ආරංචි වුණා ඒ කොලුවා බැඳලා කියලා. සනීප කරන්න බැහැ කියලා තමයි ඩොක්ටර්ස්ලා කිව්වේ. මටත් දැන් බැහැනේ. අවුරුදු 11ක් තිස්සේ කරලා බැලුවා. අනේ කිසිම දරුවෙකුට මෙවන් කරදරයක් නම් වෙන්න එපා..."
 
"මේ වගේ දේවල් දැන් ඉන්න පරම්පරාවට නෙවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් ඉන්න ලමයි දෙමාපියන් කියන දෙයක් අහලා පිලිපදින්න. පිලිපැදලා නැතිනම් මගේ දුව වගේ මේ ඇදට වෙලා ඉන්නයි සිද්ධවෙන්නේ..."
 
යොවුන් වියේ ඇතිවන මෙවැනි තත්ත්වයන් අවධි මනසින් විචාර කර කළමනාකරණය කරගත යුත්තේ කෙසේද..?
 
ආදරවන්තයින් වෙනුවෙන් දිනක් වෙන් කෙරුණද ආදරය ලොව සදාකාලීක ප්‍රේමණීය හැගීමක්.
 
ඒ පිවිතුරු හැගීම කිලිටි කර නොගෙන්නේ නම් ගෙවෙන සෑම දිනක්ම ආදරවන්තයින්ගේ දිනයක් වනු නොඅනුමානයි.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,480 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  612 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  14,616 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,748 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,508 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,559 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  8,039 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  3,919 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  812 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,404 Downloads



Top 10 Commenters

Latest Comments

Top