Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
14
සතොස ලිපිගොනු සහ ඔප්පු සොයා ගත් වැල්ලවත්තේ නිවස බදියුදීන්ගේ බිරිඳගේ බව හෙළිවෙයි

- සතොස ලිපිගොනු සහ ඔප්පු සොයා ගත් වැල්ලවත්තේ නිවස බදියුදීන්ගේ බිරිඳගේ බව හෙළිවෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,536 Views
පසුගිය ආණ්ඩුව සමයේ සතොස ආයතනයේ සිදුවූ බව කියන මූල්‍ය වංචාවකට අදාළ බවට සැක කෙරෙන ලිපි ගොනු සොයා ගත් වැල්ලවත්ත ප්‍රදේශයේ නිවස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ වන එම්.එම්. අයිෂාට අයත් නිවසක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට අද දැනුම් දුන්නා.
 
ඒ අනුව මේ සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගෙන් සහ ඔහුගේ බිරිඳගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට බලාපොරොත්තු වන බවයි එම දෙපාර්තමේන්තුව ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොඩ් මිහාල්ට කරුණු වාර්තා කරමින් සඳහන් කළේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ අධ්‍යක්ෂවරයාට ලද තොරතුරකට අනුව ගල්කිස්ස අධිකරණය හරහා ලබා ගත් නියෝගයක් මත අදාළ නිවස පරීක්ෂා කර තිබෙනවා.
 
එහිදී අදාළ නිවසේ තිබී ඉඩම් ඔප්පු 240 ක් සහ සතොස ආයතනයේ සිදුවූ මූල්‍ය වංචාවකට අදාළ බවට සැක කෙරෙන ලේඛන කිහිපයක් සොයා ගෙන ඇති අතර, එම නිවසේ සිටි ඉම්රාන් මොහොමඩ් නැමැති පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගැණුනා.
 
අදාළ ලිපි ලේඛන තොගය තුළ තිබී පොරොන්දු නෝට්ටු කිහිපයක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයා ගෙන ඇති අතර, නිවස භාරව සිට අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ අදාළ පොරොන්දු නෝට්ටු රුපියල් නව ලක්ෂ 35,000ක වටිනාකමින් යුක්ත ඒවා බවයි.
 
කෙසේ වෙතත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂාවට අනුව ඒවායේ වටිනාකම රුපියල් නව කෝටි තිස් පන්ලක්ෂයක් බවට අනාවරණ වී තිබෙනවා.
 
මේ අතර, අත්අඩංගුවට ගත් සැකකරුගේ සහෝදරයෙකු සහ සේවකයෙකු සිද්ධියේ සාක්ෂිකරුවන් ලෙස හඳුනාගෙන ඇති බැවින් ඔහුට ඇප ලබාදීම විමර්ශනවලට බාධාවක් විය හැකි බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට කරුණු වාර්තා කළා.
 
ඒ අනුව, අදාළ කරුණු සලකා බැලූ ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ නිවසේ සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයා මේ මස 28 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,269 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  500 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  13,451 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,630 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,348 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,481 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  7,741 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  3,797 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  784 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,315 Downloads



Top 10 Commenters

Latest Comments

Top