Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



...
Feb
14
UPDATE: අධිකරණයට ඉදිරිපත් කළ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට ලැබුණූ නියෝගය මෙන්න - Video

- UPDATE: අධිකරණයට ඉදිරිපත් කළ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට ලැබුණූ නියෝගය මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views
කටුනායක ගුවන් තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මේ මස 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔහු අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ආන්දෝලනාත්මක මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ලව සිටි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග කටුනායක ගුවන්තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද අලුයම අත්අඩංගුවට ගත්තා.

පැය 10 කට අධික කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව උදයංග වීරතුංගව අද පස්වරු 6.30 ට පමණ කොළඹ - කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළා.

මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී වරෙන්තු මත ඕමානයේ රැඳී සිටි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් දින කිහිපයකට පෙර ඕමානය බලා පිටත්ව ගොස් තිබුණා.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති හිටපු තානාපතිවරයා අද අලුයම 4.30 පමණ මෙරටට රැගෙන ආවා.

ඕමානයේ මස්කට් නුවර සිට ඔහුව මෙරටට රැගෙන ආවේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල්. 208 දරණ යානයෙන්.

පසුව ඔහු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු මුලස්ථානයට රැගෙනවිත් මිග් යානා ගනුදෙනුව අදාළව ප්‍රකාශයක් ලබා ගෙන තිබෙනවා.

පැය 10කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව උදයංග වීරතුංගව පස්වරු 6.30 ට පමණ කොළඹ - කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවට ඉදිරිපත් කිරීම සඳහැ රැගෙන ආවා.

මහේස්ත්‍රාත් නිල මැදිරියේදී උදයංග වීරතුංගව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කළා.

මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කෝට්ඨාසය සිදුකළ විමර්ශනවලදී චෝදනා එල්ල වු රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ජාත්‍යන්තර පොලීසිය හරහා අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පළමුව වරෙන්තු නිකුත් කළේ 2016 වසරේ ඔක්තෝම්බර් 20 වනදායි.

මුදල් විශූද්ධිකරණ පනත යටතේ අක්‍රමිකතාවක් සිදුකර ඇති බවට ඔහුට චෝදනා එල්ල වී තිබුණා.

2017 වසරේ ජනවාරි 4 වනදා ඔහුට අයත් බැංකු ගිණුම් 16ක ගනුදෙනු අත්හිටුවීමට ද අධිකරණය නියෝග කළ අතර අනතුරුව රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය ඇතුළු ගමන් බලපත්‍ර ද තහනම් කළා.

උදයංග වීරතුංගව අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය ඔහුට එරෙහිව රතු නිවේදනයක් ද නිකුත් කර තිබීම විශේෂත්වයක්.

තමන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව අවලංගු කරන ලෙස ඉල්ලා උදයන්ග වීරතුංග ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ද ගොනු කර තිබූ අතර ශේෂ්ඨාධිකරණය එය ප්‍රතික්ෂේප කර තිබුණා.

update : Friday, 14 February 2019 - 19.04
--------------------------------------------

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top