Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
14
"අර අයියා මට මොනවාදෝ බොන්න දුන්නා. මට මොකුත් මතක තිබුණේ නැහැ.." - 32 හැවිරිදි පෙම්වතා අතින් අපයෝජනය වූ 15 හැවිරිදි දැරියක් හෙළි කළ සංවේදී කතාව

- "අර අයියා මට මොනවාදෝ බොන්න දුන්නා. මට මොකුත් මතක තිබුණේ නැහැ.." - 32 හැවිරිදි පෙම්වතා අතින් අපයෝජනය වූ 15 හැවිරිදි දැරියක් හෙළි කළ සංවේදී කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,727 Views
අම්මා මට කතා කරනවා හීනෙන් වගේ ඇහුණා...
ඒ වෙලාවේ මට මොනවා වුණාද කියලා මම දන්නෙ නැහැ..
"එයා මට රුපියල් දෙසීය පනහක් දුන්නා අරක්කු ගේන්න කියලා.."
 
දරුවෙකුට අත්වූ රුදුරු වේදනාවක් ගැන අනුවේදනීය කතා පුවතක් පසුගියදා වාර්තා වූයේ ගල්ගමුව ප්‍රදේශයෙන්. මෙය තරුණයෙකු සමඟ පෙම් බැඳ සිය ආත්මයම විනාශ කරගත් දැරියක් ගැන දුක්බර කතාවක්.
 
"අර අයියා මට මොනවාදෝ බොන්න දුන්නා. ගේ පිටිපස්සෙ ගල් තලාවේ තමයි අපි හිටියේ. පස්සෙ මට මොකුත් මතක තිබුණේ නැහැ. අම්මා මට කතා කරනවා හීනෙන් වගේ ඇහිලා තමයි මම පිටිපස්ස දොරෙන් ගෙට ආවේ. ඇවිත් ඇඳට වැටුණේ. ඒ වෙලාවේ මට මොනවා වුණාද කියලා මම දන්නෙ නැහැ.."

ඒ වදන් පිටවුණේ ළාබාල දැරියකගේ මුවිනුයි. ඒ ගල්ගමුව පොලීසියේදියි. මේ සිද්ධියට ලක් වූ දැරිය පියවි සිහියට පැමිණියද පෙරදා සිදුවූ කිසිවක් ඇයට මතක තිබුණේ නැහැ.
 
රාත්‍රීය ගත වී දෙගොඩහරි ජාමයත් පසුවන තෙක්ම ඇය සිට ඇත්තේ ගේ පිටුපස ඇති ගල්තලාව මතයි. කණගාටුවට කරුණ නම් මේ ගැන දැරියගේ දෙමවුපියන්ද නොදැන සිටීමයි.
 
කෙසේ හෝ මේ දැරිය සිය නිවසින් පිටව ඇත්තේ රෑ දොළහත් පසුවූ පසුවයි. ඒ තරම් සූක්ෂම ආකාරයේ දෙයක් කරන්නට තරම් ඇයට ද හොඳ 'ඉව'ක් තිබිය යුතුයි. කෙසේ හෝ එය සිදුකළ ඇය අවසානයේ තම ආත්මයද නැති කරගෙන තිබුණා.
 
ගල්ගමුව පොලිස් බල ප්‍රදේශයට අයත් තේක්කවත්ත, මහගලකඩවල ප්‍රදේශයෙන් මේ සෝචනීය සිදුවවීම පොලිසියට වාර්තා වුණා. ඒ ඉකුත් 7 වන දිනයි. එදින උදෑසන ගල්ගමුව පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යංශයට පැමිණි මවක හා පියෙකු පොලිස් නිලධාරිනියන් ඉදිරියේ කීවේ පෙරදින රාත්‍රීයේ තම දියණිය මුහුණ පා ඇති ඛේදනීය සිදුවීම ගැනයි.
 
නමුත් දියණිය ඒ වනවිටත් අපයෝජනයට පත්ව ඇති බව දෙමවුපියන් දැන සිට නැහැ.
 
මේ සියල්ල පිළිබඳ සෙවීමට විමර්ශන ආරම්භ වුයේ එතැන් සිටයි. දැරිය කෙලෙසූ නරුමයා සොයන්නට ගල්ගමුව පොලිසියට වැඩි වෙහෙසක් ගැනීමට සිදුවූයේ නැහැ. මන්ද සැකකරු එම ප්‍රදේශයේම පදිංචි අයෙකු වීම නිසායි.
 
එක් සහෝදරියකගේ සහ සහෝදරයන් දෙදෙනෙකුගේ වැඩිමහල් සහෝදරිය වූ මේ දැරිය 15 හැවිරිදි වියේ පසු වූවා.
 
එහෙත් ජීවිතයේ සුන්දර පාසල් කාලය ඇයට මඟ හැරෙන්නටදෝ ඇගේ සිත ප්‍රේමාන්විත හැඟීමකින් පිරී ගොස් තිබුණා. ඒ හැඟීම ක්‍රමයෙන් ඇයව 'මනස්කාන්ත' ලොවක් කරා ගෙන යන්නට ඇති. ඇයට පෙම් කරන්නට ඇගේ ජීවිතයට එක් වූයේ ඇගේ වයසේ මෙන් දෙගුණයක් වයසැති 'ප්‍රේම කුරුල්ලෙක්'. ඔහු 32 හැවිරිදි වුවත් ඔහු ඇයට පෙම් කළා.
 
සිද්ධිය වූ දිනට පෙර දින සවස එම ප්‍රදේශයේ වෙළඳසැලක් අසළදී මේ දෙදෙනා මුණ ගැසී තිබෙනවා.
 
"එයා මට රුපියල් දෙසීය පනහක් දුන්නා අරක්කු ගේන්න කියලා.." පොලිසිය ඉදිරියේ පෙම්වතා කීවා.
 
පසුව පෙම්වතා මත්පැන් හා කටගැස්ම සියල්ල සකස් කරගෙන දැරියගේ නිවස ආසන්නයට පැමිණ තිබෙනවා. ඔහු අනතුරුව 'මිස් කෝල්' ඇමතුමකින් දැරියට සංඥා කොට දැරිය ගෙන්වා ගෙන ඇත්තේ කාටත් රහසිනුයි.
 
කැළැවෙන් වටවූ එම නිවස දහවලේ පවා ඇත්තේ හුදකළාවේයි. ඒ නිසා මේ සිදුවීම දහවලේ සිදු වුවත් එය කිසිවෙකුටත් පෙනෙන් නැහැ.
 
ඉන්පසුව මතින් සප්පායම් වන්නට මේ දෙදෙනාම තෝරා ගත්තේ නිවස පිටුපස ඇති ගල් තලාවයි. ඒ වන විට වෙලාව මධ්‍යම රාත්‍රීය ද පසුවී තිබුණා.
 
ඔවුන් දෙදෙනාම අනතුරුව මීවිත රසවිඳින්නට ඇති. දැරිය ද මධුවිතින් සප්පායම් වී තිබෙනවා.
 
ක්‍රමයන් පියවි සිහියෙන් ඔබ්බට ගිය ඇය ටිකකින් ගල් තලාව මත ඇද වැටුණා. නැතිනම් ඇය ගල්තලාව මත ඇය සැතපෙන්නට ඇති. එහෙත් තමා සමඟ උන් පෙම්වතා 'රුදුරු' වේ යැයි ඇස කෙසේවත් නොසිතන්නට ඇති.
 
ඉන් පසු සිදුවූයේ කුමක්දැයි යන්න කිසිවෙකුත් දන්නේ නැහැ. මවගේ හඬ පවා ඇයට ඇසුණේ සිහිනෙන් මෙනි. ඒ හඬට නිවසට ගියත් ඇයට පියවි සිහියක් තිබුණේ නැහැ. දැරියගේ වෙනසක් මවටත් පියාටත් දැණුනු අතර ඇය ළඟින් ආ මත්පැන් දුගඳ ද හොඳින්ම ඔවුන්ට දැණුනා.
 
ඒ මොහොතේ දැරියගෙන් ඒ ගැන විමසුවත් පිළිතුරු දෙන්නට තරම් ශක්තියක් ඇයට තිබුණේ නැහැ. දැරියගේ පියා කුලී වැඩක නිරතව උපයන මුදලින් හා මසුන් අල්ලා හම්බ කරන මුදලින් මෙම පවුල නඩත්තු කළේ දහසකුත් ප්‍රශ්න මැදයි.
 
දූ දරුවන් සිවුදෙනා පාසල් යවා ඔවුන්ට අධ්‍යාපනය දෙන්නටත් බිරිය ජීවත් කරන්නටත් දරුවන් වෙනුවෙනුත් මෙම පියා මහත් වෙහෙසක් ගන්නට ඇති.
 
පසුදා පහන් වෙද්දි නිවසම එකම කලබගෑනියක් වුණා. කෙසේ හෝ පසුදා දැරියගේ මුවින්ම තමාට පෙරදා රාත්‍රී සිදුවූ දේ කියවුණා. මවුපියන් මේ ගැන විමසීමේ අරමුණින් එම තරුණයා සොයා ගොස් තිබුණා. කෙසේ හෝ තවත් බලා සිටිය නොහැකි තැන ඔවුන් නීතියෙන් පිළිසරණ පතා තිබුණා.
 
සැකකරු භාණ්ඩ බෙදාහැරීමේ නියෝජිත ආයතනයක් පවත්වාගෙන යන බවට පොලිසියට තොරතුරු ලැබී ඇති අතර පසුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු විසින් තමා අතින් දැරියට අතවරයක් වූ බව ද පිළිගෙන තිබුණා. දැරිය කෙළෙසී ඇති බවට වෛද්‍ය වාර්තාවාන්ද ඔප්පු වී තිබුණා.
 
අවසානයේ සැකකාර පෙම්වතා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියම කෙරුණා. මේ වන විට දැරිය දෙමවුපියන් භාරයට පත් කර තිබෙනවා.
 
එම්. එම්. ක්‍රිෂාන්
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,271 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  500 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  13,454 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,630 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,352 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,484 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  7,750 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  3,802 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  784 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,316 Downloads



Top 10 Commenters

Latest Comments

Top