Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
14
"අපි සුපර්ණා ඔස්සේ එක්තරා විදිහකට කතා කරන්නේ කොරෝනා ගැන කිව්වොත් හරි.." - දුලීකා මාරපන

- "අපි සුපර්ණා ඔස්සේ එක්තරා විදිහකට කතා කරන්නේ කොරෝනා ගැන කිව්වොත් හරි.." - දුලීකා මාරපනHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

50 Views
"පිටපත ලියන කාලේ එහෙම ලෙඩක් තිබුනේ නැහැනේ..."

"එහෙම දිගටම ඉන්න බැහැ මිනිස්සු වපර ඇහින් බලනවා..."

"අපි දෙන්නා විවාහ වුනේ ගිවිසුමකට, කන්ට්‍රෝල් කරන්නේ නැහැ කියලා.."

බොහෝ දෙනෙක් ආදරේ කරන දුලීකා මාරපන ගැන මේ දිනවල බොහෝ දෙනෙක් කතා කරනවා. ඒ සුපර්ණා සිනමා නිර්මාණය නිසා. අද සවස සිට දිවයින පුරා සිනමා ශාලාවල පුළුල් තීරයේ විකාශය ආරම්භ වන සුපර්ණා ගැන සුපර්ණාට පණ පොවණ දුලීකා කියන්නේ මෙහෙමයි.

දුලීකා කාලයක් බලාගෙන හිටියා ඔබ රංගනයෙන් සම්බන්ධ වූ සුපර්ණා තිරගත වනතුරු. ඒ අවස්ථාව අද ඒ කියන්නේ පෙම්වතුන්ගේ දිනය වූ පෙබරවාරි 14 වැනිදාම තිරගතවීම් ආරම්භ වෙනවා..ඒ ගැන මොකද හිතන්නේ..?
වැලන්ටයින් කියන්නේ අපේ කෙනෙක් නෙමෙයි. ඉතාලියේ රෝමයේ ජිවත් වෙලා පෙබරවාරි 14 වැනිදා මිය ගිය Saint Valentine
සිහි කිරීම වෙනුවෙන් වෙන් වූ දිනයක්. කොහොම නමුත් කියන්න ඕන මහපොළොවට ආදරේ කරන, සොබා දහමට ආදරේ කරන අපේ රටට ආදරේ කරන සිනමා පටයක් තමයි සුපර්ණා කියන්නේ. ඉතිං අද එය තිරගත වීම ගැන මට මහා සතුටක් තියෙනවා. සියලුම දෙනාට ඇවිත් සිනමාපටය බලන්න කියලා ආරාධනා කරනවා අපේකම වෙනුවෙන්.

සිනමාපටය පටිගත කිරීම් කරලා කාලයක් ගත වුණා. මෙය මිට කලින් තිරගත වෙන්න තිබ්බා කියලා හිතෙන්නේ නැද්ද..?
මේ සිනමාපටය අධ්‍යක්ෂණය කළේ සුජීව ප්‍රියලාල් , නිෂ්පාදනය කල්‍යාණි රණවක, මේ දෙදෙනාගේම කුළුදුල් සිනමා දැක්ම. ඒ වගේම සංගීත අධ්‍යක්ෂ, නර්ථන ශිල්පියා වගේම සුපර්ණාගේ කුඩා කළ රගදක්වන පුංචි දියණියගෙත් පළමු සිනමා ප්‍රවේශය. සුජීව මේ පිටපත ලිව්වේ පර්යේෂණය කරලා. පිටපත ලියන්නත් එයාට කාලයක් ගියා. ඒ වගේම මෙය තිරගත වෙන්න තිබුනේ 2017 වර්ෂයේ අගෝස්තු මාසේ. විවිධ හේතු රටේ ප්‍රශ්න, ස්භාවික ආපදා වගේ හේතු නිසා මෙය තිරගත වීම කල් දාගත්තා. අපේ රටේ සිනමා නිර්මාණයක් කරලා කාලයක් බලාගෙන ඉන්න ඕන එය තිරගත කරන්න. නමුත් අපි හරිම වාසනාවන්තයි එතරම් කාලයක් නොගිහින් අද තිරගත කරන්න පුළුවන් වුනු එක ගැන. හරිම දවසේ තිරගත වුනා කියන සතුට තියෙනවා. මම මෙය තිරගත වීම ප්‍රමාද වුනා කියලා හිතන්නේ නැහැ.

සුපර්ණා කොයි වගේ සිනමාපටයක්ද කියලත් මතක් කරමු.මොකද මෙය කාලීන මාතෘකාවක් බව බොහෝ දෙනෙක් දන්නේ නැහැ..?
බයෝ වෙපන්ස් එහෙම නැත්තම් අපි අහලා තියෙනවා ජිව අවි කියලා. මෙය ඒ වටා ගෙතුණු කතාවක්. රටක් එක එක විදිහට විනාශ කරන්න පුළුවන්. යුද්ධයක් නැතුව. අවි ආයුධ භාවිතා නොකර. අපේ ජාන මංකොල්ල කනවා රටේ මිනිස්සු ඒ ගැන දන්නේ නැහැ. දැනුවත් නැහැ. දේශීය සහල් පිටට ගිහින් ඒවායේ අයිතිය වෙන වෙන රටවල් භුක්ති විදිනවා. අපේ විවිධ නිෂ්පාදන අයිතිය, ශාකවල අයිතියට අයිතිවාසිකම් කියන්නේ පිටරැටියන්. අපිට අවේණික පළතුරු, එළවළු විනාශ වෙනවා. මොකද එක එක බැක්ටීරියා, දිලීර වගේ දේවල්වලින්. බැක්ටීරියා වේවා දිලිර වේවා යම්කිසි රෝගයක් වේවා මේ දේවල්වල බෝවීමේ මුල් අවස්ථාවක් නැහැ. හේතුව ඒවා නිෂ්පාදනය කරලා ඔය කියන ජිව අවි කියන ක්‍රමයට ඒවා එලියට දානවා. මේ දවස්වල චීනයේ තියෙන කොරෝනාවත් ඒ වගේ එකක්. කලින් ආ සාස් වෛරස් වෛරසයත් ඒ වගේ එකක්. කෝකත් එහෙමයි. ඒක ජනතාවට තේරෙන්නේ නැහැ. 2017 පර්යේෂණාත්මකව සුපර්ණා ලිව්වෙත් ඔය කියන කරණා ගැනයි. අපි දැන් සුපර්ණා ඔස්සේ එක්තරා විදිහකට කොරෝනා ගැන කියනවා. පිටපත ලියන කාලේ එහෙම ලෙඩක් තිබුනේ නැහැනේ. ඒකයි සුපර්ණා කාලින මාතෘකාවක් වෙන්නේ.

ඒ වගේම කියන්න ඕන ලෝකේ වල් අලි මරණ ප්‍රධාන රටක් බවට අපේ රට පත් වෙලා. සොබා දහම බලාගෙන ඉද්දි විනාශ වෙනවා. අලුත් පරම්පරාවේ දරුවෝ එක එක දේවල් නිසා විනාශ වෙනවා. ආහාර රටාවෙන් පවා. මේ සියලු කරනා එක්ක සුපර්ණා ලෝක තාක්ෂණයේ උපරිම තාක්ෂනය භාවිතා කරලා නිර්මාණය කරලා තියෙනවා. ලොකේෂන් 200ක් විතර භාවිතා කරලා මිට පෙර සිනමා නිර්මාණවලින් නොයිදුල් වුනු දර්ශන තල අපි භාවිතා කරලා තියෙනවා කියන එකත් මතක් කරනවා.

අලුත් සිනමා අධ්‍යක්ෂවරයෙක් එක්ක වැඩ කිරීම පහසුවක් වුණාද. ඔබ විවිධ චරිත එක්ක වසර 22ක් ගණුදෙනු කළ රංගන ශිල්පිණියක් හැටියට සුජීවගේ අධ්‍යක්ෂණය ගැන බිරිද හැටියට නොවෙයි නිළියක් හැටියට සෑහීමකට පත් වෙනවාද..?
අනිවාර්යයෙන්ම සෑහීමකට පත් වෙනවා. මෙහි මාධ්‍ය දර්ශනය නැරඹු සියලු දෙනා කිව්වේ සිනමාවට අලුත් අධ්‍යක්ෂවරයෙක් වුවත් ඔහුගේ ඒ නවක බව කිසිම තැනක දැක්කේ නැහැ කියලයි. මම විතරක් නෙමෙයි මේ සිනමාපටයේ ඉන්න නළු නිලියෝ සියල්ලම සෑහීමකට පත් වුනා. ඒ වගේම කියන්න ඕන කැමරාව ඉදිරියට එන්න කලින් හැම නළු නිලියක්ම එයා කලින් සුදානම් කළා. චරිතය හැදුවා. ඒ දේවල් කළේ කලාකරුවෝ පිඩනයට පත් කරලා නෙමෙයි. මටත් එයත් එක්ක වැඩ කිරීම අපහසුවක් වුනේ නැහැ. අධ්‍යක්ෂවරයාට අවශ්‍යම රංගනය ඔහු මගෙන් ගත්තා.

සුජීව දන්න කාලේ ඉදලම මට කිව්වේ සිනමාපටයක් අධ්‍යක්ෂණය කරන්න ඕන කියලයි. නමුත් වෙනත් රටක නිර්මාණයක් කොපි කිරීමවත්, කරන්නවාලේ සිනමාපටයක් කිරීමවත් නෙමෙයි එයාට ඕන කළේ. සිනමා කෘතියකින් ජනතාවට හොද පණිවිඩයක් දෙන්න ඕන. ඒ දේ නියමාකාරව එයා කළා.

ඔබේ සැමියා නිසා ඔය විදිහට ඔබ ගුණ වර්ණනා කරනවද..?
කොහෙත්ම නැහැ. මම නිතරම එයාව නරක විදිහට විවේචනය කරන කෙනෙක්. අම්මා අප්පා වරදක් කළත් වැරදි නම් වැරදියි කියලා මම කියනවා. එයාගෙන් මට කරදර ගොඩක් ආවා. මොනා කළත් වැඩිපුරම චෝදනා කලේ මට. එයා නිර්මාණයකදී හරිම ආත්මාර්ථකාමී මනුස්සයෙක්. මට කියලා වෙනසක් නැහැ. එයාට ඕන දේ එයා කරනවාමයි.

සාර්ථක නිර්මානයක ප්‍රථිපල භුක්ති විදිමින් ඉන්නේ ඔහු වේදිකාවෙන් ලැබූ පන්නරය නිසා වෙන්න ඇති..?
මම කලාවට පිවිසිලා අවුරුදු 22යි. එයා කලාවට ආරම්භය ගන්නේ මිට වසර 25 කලින් වේදිකාවෙන්. රංගනයට තිඹිරිගෙය වෙන්නේ වේදිකාව. වේදිකාව එක්ක රංගනයට ආ සියලු දෙනා පරිපුර්නයි. දක්ෂයි. සුජිවත් දක්ෂ ඒ නිසයි.

සුජීව ඔබට පෙර රංගනයට අවතීර්ණ වුණත් ඔහුට කලින් ඔබ ජනප්‍රිය වුනා නේද..?
පිරිමින්ට වඩා ගැහැණු කොහොමත් ජනප්‍රිය වෙනවනේ. ඒකට හේතුව මාව වේදිකාවෙන් ඉක්මණට ටෙලි නාට්‍යවලට අධ්‍යක්ෂවරු ඩැහැ ගැනීම වෙන්න ඇති.

ඔබ කාලයක් කොණ්ඩේ සම්පුර්ණයෙන්ම ඉවත් කරලා තිබුණා. එය කරදරයක් විදිහට දැක්කේ නැද්ද..?
මගේ ජිවිතේ සුන්දරම කාලේ තමයි ඒ. මම හරිම සැහැල්ලුවෙන් හිටියා. නමුත් ගැහැණියකට කොණ්ඩේ නැතුව දිගටම ඉන්න බැහැ මිනිස්සු වපර ඇහින් බලනවා. ඒ නිසා ආයෙමත් කොණ්ඩේ වැව්වා.

ජිවිතේ ඉදිරි සැලසුම් කොහොමද..?
මම සැලසුම් ගහන්නේ අවුරුදු පහකට. ඊළග මොනවාද කරන්නේ කියලා සැලසුම් කරමින් යනවා. අපේ රට වෙනුවෙන් මම අරගල කරනවා. මේ පරිසරය, සංස්කෘතිය, රැකගන්න මම ඕනෑම දෙයක් කරනවා.

ඒ කියන්නේ බොහෝ කලාකරුවන් දේශපානයට ආවා වගේ ඔබත් දේශපාලන වේදිකාවට නගින්න කැමැත්තෙන්ද ඉන්නේ..?
කොහෙත්ම දේශපාලනයට නම් එන්නේ නැහැ. කලාකරුවන් වෙනුවෙන් පෙනී ඉන්නවා කිව්වට කවුරුත් කලාකරුවන් වෙනුවෙන් පෙනී ඉන්නේ නැහැ. දේශපාලනය වෙනුවෙන් කලාකරුවන් වෙන්දේසි වෙන එක නතර වෙන්න ඕන කියලයි මම නම් කියන්නේ.

රට වෙනුවෙන් කලාව වෙනුවෙන් අරගල කරන දුලීකාට පවුල මග හැරෙන්නේ නැද්ද..?
මග හැරෙන්නේ නැහැ. මොකද එයත් මාත් එක්ක මේ ජිවිතේ හැම තැනම දුවනවනෙ.

ඒ කියන්නේ ඔබ කලාවෙන් කිසිම හේතුවකට ඉවත් වෙන්නේ නැහැ කියන එකද..?
ඔව්. කිසි කෙනෙකුට මාව නතර කරන්න බැහැ. අම්මට තාත්තට බය නැති මම ස්භාව ධර්මයට පමණයි බය. හේතුව අපි වැරදි කළොත් ස්භාවධර්මයෙන් කොයි වෙලේ පෙරළා පහර දෙයිද දන්නේ නැහැ. ඒ නිසා ස්භාවධර්මයට මම බයයි

කලාවෙන් ඈත් නොවෙන්න සැමියා සුජීව එක්ක ගිවිසුම් ගහගෙන වගේ..?
ඔව්. අපි දෙන්නා විවාහ වුනේ ගිවිසුමකට. මොනම හේතුවකටවත් එයා මාව කන්ට්‍රෝල් කරන්නේ නැහැ. මමත් එයාව කන්ට්‍රෝල් කරන්නේ නැහැ කියලා. නමුත් මම ගේට්ටුවෙන් ඇතුළට යද්දී කොහොමත් කන්ට්‍රෝල්. බිරිදගේ යුතුකම් ඉටු කරන කෙනෙක් හැටියට. ඒ මොනවා වුනත් කියන්න ඕන සුජීව කියන්නේ මාව හොදින් තේරුම් ගත් හොදම සහයකයා කියන එක.

හර්ෂණී වීරරත්න





Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top