සතිඅන්තයේ ලැබුණු දැඩි වරුසාවත් සමඟ සිදුවූ දේ...
වසර 30ක් තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා කරයි..
එංගලන්තයේ මුළු භූමියට සමාන කොටසක් විනාශයි..
ඕස්ට්‍රේලියාවේ - නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පසුගිය මාස කිහිපය පුරා අඛන්ඩව පැතිර ගිය ලැව් ගිනි මේ වනවිට නිමා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
පසුගිය සති අන්තයේදී පැවති අධික වර්ෂාව ඊට හේතුවයි. වසර 30 ක කාලයක් තුළ ඕස්ට්‍රේලියාවට බලපෑ වැඩිම වර්ෂාපතනය ගෙවීගිය සති අන්තයේදී වාර්තා වුණා.