නතාෂා පෙරේරා කියන්නේ නිවේදිකාවක් මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය ලංකාවේ නැතිවුණත් ප්‍රේක්ෂක ප්‍රතිවාරවලින් නම් අඩුවක් නැහැ. ඇය ඒ පිළිබඳව කියන්නේ මෙහම කතාවක්.
නතාෂා පසුගිය දවස්වල ලංකාවේ හිටියේ නැහැ නේද?
ඔව්. මම පසුගිය කාලේ ලංකාවේ හිටියේ නැහැ. ඕස්ට්‍රේලියාවේ ඉඳලා තමයි දැන් ලංකාවට ඇවිත් ඉන්නේ. සති කිහිපයකින් නැවත ඕස්ට්‍රේලියාවට යන්න බලාපොරොත්තු වෙනවා. පොඩි නිවාඩුවකට තමයි අපි ලංකාවට ආවේ. නිවාඩුව ගත කරලා ආයෙමත් යනවා.
ඔබේ සැමියා ප්‍රිහාන් සමඟ ගෙවන ජිවීතය කොහොමද?
හොඳයි. අපි සතුටින් ජීවිතය ගත කරනවා. පවුල් ජීවිතය සහයෝගයෙන් ගෙවනවා කියලා තමයි කියන්න තියෙන්නේ.
ඔබ දෙපලගේ නිර්මාණයක් කිරීමට අදහසක් නැද්ද?
අදහසක් තියෙනවා. ඉදිරියේදී අපි දෙන්නගේ නිර්මාණයක් කරනවා. අපිට ආදරේ කරන රසිකයින්ට ඒවා ඉදිරියේදී දැකගන්න පුළුවන්.
ලංකාවේ නොසිටියත් ප්‍රේක්ෂක ප්‍රතිචාරය ඉහලින්ම ලැබෙනවා නේද..?
ඒක හරි පුදුමයි. ලංකාවේ හිටියේ නෑ කියලා ප්‍රේක්ෂක ප්‍රතිචාරවල කිසිම අඩුවක් නෑ. ඕස්ට්‍රේලියාවේ හිටියත් ඒ අය මාව දැකලා කතාබහ කරනවා. මොකද මම කලා ක්ෂේත්‍රයට ආවේ යූටියුබ්වත් නැති කාලේ. ඒ කාලේ ඉඳන් මට ප්‍රේක්ෂක ප්‍රතිචාරය උපරිමයෙන්ම ලැබෙනවා. එදා ලැබුණු ප්‍රතිචාර ඒ විදිහටම අදටත් ලැබෙනවා. ඒක ඇත්තටම වාසනාවක්.
උසාවි වැඩ එහෙම කොහොමද?
ලංකාවේ උසාවියක වැඩ කරලා තමයි මම ඕස්ට්‍රේලියාවට ගියේ. ඒ වසර 05කට කලින්. දැනටත් මම එහේ වැඩකරනවා. ළගදී මම ෆේස්බුක් ගිණුමට එක් කර තිබුණේ ලංකාවේ ඉන්න කාලේ උසාවි යන්න කලින් ගත්ත ඡායාරූපයක්.
ඕස්ට්‍රේලියාවේ ඉන්නද ලංකාවේ ඉන්නද ඔබ වැඩිපුර කැමති?
අපි ලෝකයේ පළමුවැනි දියුණු රටක ජීවත්වෙන්නේ. මොන රටක ජීවත්වුණත් ලංකාව අමතක කරන්න බැහැ.
ලස්සනට ඉන්න රූපය පවත්වාගෙන යන්න ඔබ විශේෂයෙන් සිදු කරන දේවල් මොනවාද?
ලස්සන වෙන්න නම් හිත පිරිසිදු වෙන්න ඕනේ. හදවතේ ලස්සන මුහුණින්නේ පෙනෙන්නේ. එකිනෙකාට ඊර්ෂ්‍යා, වෛර නොකර හොඳින් ජීවත් වෙන්න ඕනේ. එතකොට ඉබේටම ලස්සන වෙනවා.
විලාසිතා ගැන ඔබ මොකද හිතන්නේ?
විලාසිතා කියන්නේ කාලෙන් කාලෙට අලුත් වෙන දෙයක්. නවීන තාලයට ඔබින විධියට විලාසිතා කිරීමට කැමතියි.
ළඟදීම එන පෙම්වතුන්ගේ දිනය වෙනුවෙන් පෙම්වතුන්ට දිය හැකි පණිවුඩය කුමක්ද?
ආදරය කියන්නේ එකිනෙකා අතර ඇතිවන ආත්මීය බැදීමක්. ආදරය නිසා සමහර අය ජිවීතය පවා විනාශ කරගන්නවා. එහෙම නොවී ආදරයට ආදරය දී එය මැනවින් වටහා ගෙන ආදරය කරන්න කියලා මම මගේ නංගිලා, මල්ලිලා ,ප්‍රේක්ෂක හිතවතුන්ගෙන් ඉල්ලා සිටිනවා.
අනාගත බලාපොරොත්තු මොනවද?
මට ලොකු ලොකු බලාපොරොත්තු නැහැ. අපි දෙන්නගේ නිර්මාණය ගැන බලන්න තමයි දැනට තියෙන්නේ.