Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
13
"එයා ව්‍යාපාරිකයෙක්, අපි අවුරුදු හතරක් ආදරේ කරලා තමයි විවාහ ගිවිසගත්තේ.." - රුවන්ගි රත්නායක

- "එයා ව්‍යාපාරිකයෙක්, අපි අවුරුදු හතරක් ආදරේ කරලා තමයි විවාහ ගිවිසගත්තේ.." - රුවන්ගි රත්නායකHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

39,412 Views
රුවන්ගි රත්නායකත් වැඩි සද්ද බද්දයක් නැතිව පිළිවෙළක් වෙලා’ ඇත්තටම ඒ කාත් එක්කද?’ කොහේදිද?’ එයත් ක්‍ෂේත්‍රයේ කෙනෙක්ද?’ දැන්ම වෙඩින් එක ගන්නේ නැතිද?’ රුවන්ගිට ආදරය කරන රසික රසිකාවියන්ට මේ වගතුග දැනගන්න වුවමනා ඇති. මෙන්න ඇය ගැන අලුත් තොරතුරු

රුවන්ගි හොරෙන්ම කසාද බැන්දා නේද?
ඇත්තටම ඔව්’ එ කතාව ඇත්ත’ කාටවත් කිව්වේ නැහැ’ පවුලේ අය විතරක් එකතු කරගෙන විවාහ ගිවිස ගත්තා

ඇයි මේ වැඬේ කාටවත් නොකිව්වේ ?
වෙඩින් එකක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා’ ඉතිං විවාහ ගිවිස ගැනීම ලොකුවට කරලා වෙඩින් එක ගන්න අමාරු නිසා අපි හිතුවා විවාහ ගිවිස ගැනීම පවුලේ අයගේ ආශිර්වාදය ඇතුව සිදුකරලා වෙඩින් එක හැමෝටම කියලා සිදුකරනවා කියලා

විවාහ ගිවිස ගැනීම සිදුකළේ කොහේද?
ගංගාරාම පන්සලේ තමයි හැමදේම සිදුකළේ

මේ වැඬේ බොහොම චාමෙට කරන්න අදහස් කළේ ඇයි ?
ඒක ඇත්තටම හිතුවේ වෙඩින් එක තමයි ලොකුවට ගන්න ඕනෑ කියන අදහස මගේ හිතේ තිබුණේ’ එ නිසා දෙකක් එකපාර කරන්න බැරි නිසාම තමයි

ඔබේ තීරණයට සැමියා එකඟවුණාද?
ඔව්’ අපි දෙන්නම තමයි මේ තීරණය ගත්තේ’ මොකද එයාටත් ලොකු යාළුවෝ පිරිසක් ඉන්නවා. හදිසියේ එහෙම ප්ලෑන් කරන්න අමාරුයි’ ලොකුවට විවාහ උත්සවය සමරන්න තමයි හිතාගෙන ඉන්නේ

වෙඩින් එක කොයිවගේ කාලෙකද ගන්න හිතාගෙන ඉන්නේ ?
තවම එ ගැන තීරණය කරලා නැහැ’ ඉක්මණින්ම ගන්න හිතාගෙන ඉන්නවා.

විවාහ ගිවිස ගැනීම සිදුකළේ කා සමගද?
එයාගේ නම නිර්මල ගමගේ

එයත් කලා ක්‍ෂේත්‍රයේද?
නැහැ’ එයා කලා ක්‍ෂේත්‍රයේ කෙනෙක් නෙමෙයි’ එයා ව්‍යාපාරිකයෙක්’ ගම ඇඹිලිපිටියේ’ දැනට පදිංචිය පිටකෝට්ටේ

රුවංගිට නිර්මලව හමුවුණේ කොහොමද?
කලින් ඇත්තටම අපි දෙන්නා හොඳ යාළුවෝ’ ඉතිං එ යාළුකම තමයි ආදර සම්බන්ධයක් බවට පෙරළුණේ’ උත්සව අවස්ථාවකදී තමයි නිර්මලව මට හමුවුණේ’ එදා ඉඳන් අපි දෙන්නා හොඳ යාළුවෝ’ ඊට පස්සේ තමයි ආදර සම්බන්ධයක් බවට පත්වුණේ’ අවුරුදු හතරක් ආදරය කරලා තමයි විවාහ ගිවිස ගැනීම සිදුකළේ

රුවංගිගේ පවුලෙන් මේ ආදර කතාවට ලැබුණේමොනවගේ ප්‍රතිචාරද?
ප්‍රතිචාර කියන්නේ ඉතිං මට ගෙදරින් කවදාවත් බලපෑම් කළේ නැහැ ගෙදරින් හොයලා දෙන කෙනෙක් කසාද බඳින්න කියලා’ එ ගොල්ලෝ මට කැමැති කෙනා තෝරාගන්න අවස්ථාව දුන්නා’ ඉතිං මම ඔහුත් සමග අවුරුදු හතරක් ආදරය කළා’ එයා හොඳයි කියලා මම ගෙදර අයට කියලා තිබුණා’ එ නිසා මගේ සම්බන්ධයට ගෙදරින් විරුද්ධ වුණේ නැහැ

සැමියා ව්‍යාපාරිකයෙක් හින්දා රුවංගිත් ඉදිරියේදී ව්‍යාපාර පැත්තට යොමුවෙයිද?
ඒක දැන්මම කියන්න බැහැ’ දැනට එහෙම වටපිටාවක් නැහැ’ නමුත් ඉදිරියේදී එහෙම වෙන්න පුළුවන්

විවාහයෙන් පස්සේ රඟපෑම නවත්වනවාද?
නැහැ’ රඟපෑම් කටයුතු නවත්වන්නේ නැහැ’ පසුගිය කාලයෙත් මම වැඩගොඩක් කළේ නැහැ’ කලින් කරපු නැති චරිතයක් වගේම හොඳ චරිතයක් ලැබුණොත් එ ආරාධනාව භාරගන්නවා’ හැබැයි පවුල් ජීවිතයට මුල්තැනදෙන්න තමයි හිතාගෙන ඉන්නේ

රඟපෑමට සැමියාගෙන් විරුද්ධත්වයක් තිබෙන පාටයි ?
නැහැ’ එයා විරුද්ධ නැහැ’ එයා කියන්නේ හොඳ නිර්මාණවලට ආරාධනා ලැබෙනවා නම් තෝරාබේරාගෙන රඟපාන්න කියලා තමයි හැමදාමත් මට කිව්වේ’ මම පෞද්ගලිකව හිතනවා ගොඩක් දුරපළාත්වල ගිහිං රූගත කිරීම් කරන්න අමාරුයි කියලා’ හොඳ නිර්මාණයක් නම් කොළඹ අවට නම් එ රූගත කිරීම් සිදුකරන්නේ එ නිර්මාණය භාරගන්නවා කියන තැන තමයි මම ඉන්නේ

රුවංගිගේ රඟපෑමට සීමාවන් වැටේවිද?
පොඩි සීමාවන් ටිකක් තියෙනවා

සීමාවන් දාගෙන වැඩකළහම ජනප්‍රියත්වය අඩුවේවි කියලා හිතෙන්නේ නැතිද?
එහෙම නැහැ’ ජනප්‍රියත්වය තරමක් දුරට සමහරවිට අඩුවෙයි’ එ වුණාට මම පවුල් ජීවිතයට මුල්තැන දෙන්න ඕනෑ කියලා විශ්වාස කරනවා’ එහෙමයි කියලා ප්‍රේක්‍ෂකයන්ගේ ආදරය අඩුවේවි කියලා මම හිතන්නේ නැහැ

පසුගිය දවස්වල රුවංගිව අපිට දකින්න ලැබුණෙත් නැහැ?
පසුගිය දවස්වල එහෙමට කියලා හොඳ නිර්මාණවලට ආරාධනා ලැබුණෙත් නැහැ’ හරිම ඒකාකාරී චරිතවලට තමයි ආරාධනා ලැබුණේ’ ගෙවීම් පිළිබඳත් ප්‍රශ්න පැනනැගුණා’ එ දේවල් නිසා ගොඩක් නිර්මාණ මගහැරුණා

භාරගත්තු නිර්මාණ එහෙම තියෙනවාද?
තියෙනවා’ භාරගෙන අවසන් කරපු ටෙලිනාට්‍ය කිහිපයක රූගත කිරීම්වලට සහභාගිවෙන්න තියෙනවා’ ඒ දේවල්වල රූගත කිරීම්වලට සහභාගි වෙනවා’ ඒ දේවල්වල කිසිම වෙනසක් සිද්ධවෙන්නේ නැහැ

විවාහයෙන් පස්සේ පදිංචියත් එහෙම වෙනස් වෙනවාද?
තවම නැහැ’ තලවතුගොඩ තමයි ඉන්නේ

අලූත පටන්ගත්තු ජීවිතය ගැන මොකද හිතන්නේ ?
හරිම සුන්දරයි’ සතුටින් ඉන්නවා

දිනේෂ් විතාන




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,267 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  500 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  13,444 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,626 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,348 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,481 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  7,740 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  3,797 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  784 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,315 Downloads



Top 10 Commenters

Latest Comments

Top