Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
13
"කපනවා කකුල්දෙක කියල, හොඳටම බැනගෙන අම්මා ආවා පිහියකුත් අරගෙන.." - .නිරන්ජනී ෂම්මුගරාජා

- "කපනවා කකුල්දෙක කියල, හොඳටම බැනගෙන අම්මා ආවා පිහියකුත් අරගෙන.." - .නිරන්ජනී ෂම්මුගරාජාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,383 Views
"මගේ තාත්තා පොඩි කාලෙදිම නැතිවුණා. අම්ම විතරයි ඉන්නෙ.."

" ඒ නිසා එකපාරටම මම බෑ තමා කිව්වෙ.."

සිංහල සිනමාවේ නිළි රැජින රුක්මණි දේවියය. උපතින්ම දමිළ ජාතික කාන්තාවක් වූවද ඇයට තරම් රසික රසිකාවියන් ආදරය කළ තවත් නිළියක් සිංහල සිනමාවේ නැති තරම්ය. නමුත් ගෙවුණු අඩ සියවසක කාලය තුළ සිංහල සිනමාවේ ලාංකීය දමිළ ජාතික නිළියකට තම ස්ථාවරත්වය හදා ගැනීමට තියා ඒ අහලකටවත් ඒමට නොහැකි විය. එහෙත් නිරන්ජනී ෂම්මුගරාජා ඒ සිංහල සිනමාවේ ඒ අන්ධකාර අහසට පායා එන තාරකාවක් සේ නැගෙයි. මේ ඇය ගැනයි.

දැන් ඔබ නිළියක් කියල හිතට දැනෙනවද?
මම එහෙම හිතන්න කැමති නෑ. මම නිළියක් කියල හිතෙන්න නම් හැම දෙයක් ගැනම මම පට්ට විදියට දන්න කෙනෙක් වෙන්න ඕන. එහෙම නෑ නේ. දවසින් දවස මම තාම ඉගෙන ගන්නවා. එක දෙයක් ඉගෙන ගද්දි තව දෙයක් ඉගෙන ගන්න හිතෙනවා. හැම නිර්මාණයෙන් නිර්මාණයකටම අලූත් දෙයක් අලූත් අත්දැකීමක් තියනවා.

ඔබව සිනමා ක්‍ෂේත්‍රයට යොමු කරන්නෙ අශෝක හඳගමයන්ගේ ඉනි අවන් චිත්‍රපටය. නමුත් මුල් අවස්ථාවේ ඉනි අවන් චිත්‍රපටයෙ රංගනය ඔබ ප්‍රතික්ෂෙප කරනවා. ඇයි ඒ.
මගේ තාත්තා පොඩි කාලෙදිම නැතිවුණා. අම්ම විතරයි ඉන්නෙ. බප්පායි පුංචියි තමයි අපිට තිබුණු රැකවරණය. ඒ කවුරුවත් සිනමා ක්‍ෂේත්‍රයට එනවට කැමැත්තක් තිබුණේ නෑ. මාධ්‍ය ක්‍ෂේත්‍රයෙ කටයුතු කළෙත් ගෙදරත් එක්ක ලොකු ෆයිට් එකක් දීලා. ඒ තියෙද්දි සිනමාවට එනවා කිව්වම කට්ටිය කළබල වුණා. ඒ නිසා එකපාරටම මම බෑ තමා කිව්වෙ. ඒත් මාව දිරිමත් කළේ මගේ යාළුවෝ. විශේෂයෙන් තරංගා අක්කා සහ අමල් අයියා.

කොහොමද ඉතින් ගෙදර කැමති කරගත්තෙ
කැමැත්ත දෙන්න කලින් හොරෙන් මම හඳගම සර්ට කිව්වා කැමතියි කියල. එතකොට මට දෙන්න හිටිය චරිතය වෙන කෙනෙක්ට දීලා. හැබැයි මට සපොර්ටින් රෝල් එකක් හම්බවුණා. දැන් මම ස්ක්‍රිප්ට් රීඩින් යනවා, ෆිල්ම් එකේ වැඩ වලට හොරෙන් කොළඹ යනවා කව්රුත් දන්නෙ නෑ. හැබැයි ඉතින් ෂූටිං තියෙන්නෙ යාපනේ. ෂූටිං පටන්ගන්න කලින් දවසෙ මට ඒක කියන්න වුණා. කිව්ව ගමන් උඹ සිනමාවට යන්න රඟපාන්න, කපනවා කකුල්දෙක කියල, හොඳටම බැනගෙන අම්මා ආවෙ නැතැයි පිහියකුත් අරගෙන.

මම අම්මට කිව්වා, අම්මෙ මම ඇග්‍රිමන්ට් අත්සන් කරල තියෙන්නෙ. දැන් නොගියොත් ලක්ෂ පහ හයක් ඒගොල්ලන්ට ගෙවන්න වෙනවා. අම්ම ළඟ තියෙනවද එහෙම සල්ලි ගෙවන්න. එහෙනම් කමක් නෑ මන් යන්නෙ නැතිව ඉන්නම් කියල කිව්ව ගමන් ඉතින් අම්මා බය වුණා. ඊට පස්සෙ තමා ඉතින් කැමති වුණේ.

ඔබ දමිළ වීම නිසාම සිංහල සිනමාවට පැමිණිම අභියෝගයක් වුණේ නැද්ද?
ඒකෙ දෙපැත්තක් තියනවා. එක පැත්තකින් ඒක වාසියක් වුණා. මම සිංහල කාතා කරන දමිළ නිළියක් වීම ලොකු චාන්ස් එකකට හිටියා. සිංහල චිත්‍රපටවල දමිළ චරිත ලැබුණට දෙබස් තියෙන්නෙ සිංහලෙන්. මට ඉතින් සිංහලත් හසුරුවන්න පුළුවන් නිසා ඒක අතිරේක සුදුසුකමක් වුණා. හැබැයි අනිත් පැත්තෙන් දමිළ චරිත සිනමාව තුළ නැත්නම් ටෙලිනාට්‍යකදි අපි දැක්කෙ එක රාමුවකට කොටු වෙලා. එක්කො ගෙදර වැඩකරන වැඩකාර කාන්තාව විදියට. නැත්නම් යුද්ධයත් එක්ක බැඳුණු කතාවකදි සෘණාත්මක චරිතයක් විදියට. ඒ රාමුවෙන් පිට සිංහල සිනමාවේ දමිළ චරිතයක් නොදැකපු තරම්.

ඔබ එක අවස්ථාවකදි සඳහන් කළා දැන් දමිළ රසිකයනුත් සුනාමි චිත්‍රපටය නැරඹීමේ රැල්ලක් ඇතිවෙලා කියල. මෙච්චර කල් සිංහල චිත්‍රපට නරඹන්න දමිළ රසිකයන් නොපැමිණියේ භාෂාව නිසාද?
ඔව් භාෂාවත් ප්‍රශ්නයත්. යමක් තේරුම් යන්නෙ භාෂාව නිසානෙ. අනික මම කිව්ව වගේ නිර්මාණයක් තුළදි දමිළ චරිතයකට ඉඩ ලැබුණේ මෙච්චර කල් රාමුගතව. පිටපත් ලියවුණේ එහෙම. හැබැයි සුනාමි චිත්‍රපටයෙදි දමිළ මවගෙ චරිතයට කතාව තුළදිම සාධාරණය ඉෂ්ඨ වෙනවා. නීතිය ක්‍රියාත්මක වෙනවා. දමිළ ජනතාවටත් තේරුම්ගන්න පුළුවන් විදියට උපසිරැසි යනවා. මේ නිසා දමිළ රසිකයන් ගැන හිතල තියනවා කියල එයාලටම තේරෙනවා. මට ලැබුණ ප්‍රතිචාර වලින් මේ ගැන ගොඩක් දමිළ රසිකයන් කතාකළා.

මනුල්කා රත්නායක




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,131 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  897 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  17,641 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,346 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,802 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,773 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,007 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,390 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  896 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,609 Downloads



Top 10 Commenters

Latest Comments

Top