රටවල් 12ක විදේශිකයන් 38දෙනකු රැගෙන ගල් අඟුරු දුම්රියක් 09 වැනිදා කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කර ඇති අතර දුම්රිය 11 වැනිදා නානුඔය දුම්රිය ස්ථානය දක්වා ධාවනය කළා.
ගල් අඟුරු දුම්රිය හැටන් දුම්රිය ස්ථානයේදී නතර කර දුම්රිය එන්ජිමට අවශ්‍යය ජලය ලබා ගැනීම ද සිදු කෙරුණා.
දුම්රියෙන් ගමන් ගන්නා විදේශිකයන් උඩරට දුම්රිය මාර්ගයේ සුන්දර ස්ථාන ඡායාරූප ගත කරමින් දෙමෝදර දක්වා ගමන් කරන බව දුම්රිය දෙපාර්තුමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසුවා.
ගල් අඟුරු දුම්රිය හැටන් දුම්රිය ස්ථානයේ නතර කර තිබූ අවස්ථාවේ එය දැක බලා ගැනීමට විශාල පිරිසක් පැමිණ සිටියා.
"දිවයින"
නාලක රත්නායක