Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
13
"මට ඕන තරම් කටකතා හැදෙනවා, ඒවා ඇත්තද බොරුද කියලා උත්තර දෙන්න මම දගලන්නේ නැහැ..." - මේධා ජයරත්න - Photos

- "මට ඕන තරම් කටකතා හැදෙනවා, ඒවා ඇත්තද බොරුද කියලා උත්තර දෙන්න මම දගලන්නේ නැහැ..." - මේධා ජයරත්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,665 Views
"මට ඒ කතා ප්‍රශ්නයක් නෙමෙයි..."

"කොටට ඇන්දත් සාරි ඇන්දත් මට දැන් ලස්සනයි.."

කාලයක් පුංචි තිරයෙන් දැකගන්න ලැබුණු මේධා ජයරත්න කාලයක් පුංචි තිරයෙන් ඈත් වෙලා ඉදලා යළිත් නිර්මාණ එක්ක එකතු වෙනවා. ආදරණිය දරුවෝ දෙදෙනෙකුට අම්මා කෙනෙක් වුණත් තවමත් තරුණ කෙල්ලෙක් වගේ ජිවත් වෙන මේධා ගැන අලුත් තොරතුරුයි මේ.

කාලයක් නිර්මාණ එක්ක දකින්න නොලැබුණු මේධාව යළිත් දැකගන්න ලැබෙනවා..කොහොම ජිවිතේ..?
අලුත් නිර්මාණ කිහිපයක් එක්ක මේ දවස්වල කටයුතු කරගෙන යනවා. හිරු රූපවාහිණියේ විකාශය වෙන හතේ කල්ලියේ මම ඉන්නවා. මගේ චරිතය එකතු වුනේ ලගදි. නමුත් හොද ප්‍රතිචාර ලැබෙනවා. තවත් නාට්‍ය කිහිපයකටත් ආරාධනා ලැබුණා. ඒ මාව දැකගන්න පුළුවන් වෙයි.

දෙදරු මවක්. ඒ නිසා ඉස්සරට වඩා දැන් ලැබෙන ප්‍රතිචාරවල අඩුවක් ඇති..?
එහෙම නැහැ. මම ඉස්සර හදාගත්ත ප්‍රතිරූපයක් තියෙනවා. ඉස්සර හිටපු මේධාට තවමත් ජනතාව ආදරෙයි. අලුත් පරම්පරාවට වඩා පරණ පරම්පරාව මම ගැන දන්නවා වැඩියි කියලා මට හිතෙනවා ලැබෙන ප්‍රතිචාර එක්ක. පුතා ඉපදිලා මම නිර්මාණවලින් අවුරුද්දක් ඈත් වුණා. ඊට පස්සේ දුව ඉපදිලා අවුරුදු 5ක් නිර්මාණවලින් ඈත් වෙලා හිටියා. වරින් වර නිහඩව ඉදලා සම්බන්ධ වුනා නිර්මාණවලට ඒත් ජනතාවට තවම මාව මතකයි.

මේධාට සිනමාවට ඇරයුම් ලැබෙනවා අඩුයි වගේ..?
අරාධනා නම් ලැබෙනවා අඩුයි. ලැබෙන චරිත මට කරන්න පුළුවන් කැමති චරිත නෙමෙයි. ඒ නිසා හොද චරිතයක් ලැබුණොත් හැරෙන්න ඒ ගැන හිතන්නේ නැහැ. මොකද සිනමාව කියන්නේ හොදම මාධ්‍යක්. ඒ මාධ්‍යයට එකතු වෙනවා නම් මම හොදම නිර්මාණයකින් හා චරිතයකින් එකතු වෙන්න ඕන. නැත්තම් නිහඩව ඉන්න එක හොදයි.

ලොකු දරුවෝ දෙදෙනෙක් ඉන්න මවක් වුණත් මේධා තවමත් ලස්සනට ඉන්නවා. කොහොමද ශරීරයේ හැඩය මේන්ටේන් කරන්නේ..?
පිටරට ඉන්න වයසක කලාකරුවන් ලස්සනට තරුණ පෙනුම රැකගෙන ඉන්නේ එයාලා එයාලගේ නිරෝගිකම ආරක්ෂා කරගෙන ඉන්න නිසා. එයාලා ව්‍යායාම් කරනවා, ජිම් යනවා, කෑමබීම වලින් පරිස්සම් වෙනවා. අපේ රටේ කලාකරුවෝ ඒවා කරන එක වරදක් විදිහට මම දකින්නේ නැහැ. නමුත් එක එක්කෙනා එක එක දේවල් කියයි. කොහොම නමුත් මම මගේ ශරීරයේ හැඩය තියා ගන්න දැනට මාස නමයක පමණ ඉදලා ජිම් යනවා.මගේ පුතත් මාත් එක්ක ජිම් යනවා. මගේ ෆොටෝ දකින අයට මගේ වෙනස බලා ගන්න පුළුවන්. ඒ වගේම මම බත් කන්නේ හරිම පොඩ්ඩයි. රෑ කෑම එක හවස 6.30 වෙද්දී අරගෙන අවසන් කරනවා. ඊට පස්සේ කොච්චර බඩගිනි හැදුනත් කන්නේ නැහැ. අවශ්‍ය වුණොත් කිරි එකක් බිලා ඉන්නවා. මම ඉස්සර ඉදලම කෑම නම් පාලනය කරනවා. මේ දේවල් නිසා තමයි තවමත් මම තරුණ විදිහට ඉන්නේ.

එතකොට විලාසිතා.දැන් කෙටි ඇදුම් වැඩිපුර භාවිතා කරනවා නේද..?
මගේ ශරීරයේ හැඩයත් එක්ක මට දැන් ඕනෑම ඇදුමක් අදින්න පුළුවන් ලස්සනයි. ජිම් එකට යද්දී පවා මම අදින්නේ ඒකට ගැලපෙන ඇදුමක්. දැන් මම ලස්සන ලස්සන විලාසිතා කරනවා. කොටට ඇන්දත් මට ලස්සනයි. සාරි ඇන්දත් මාව ලස්සනට පේනවා කියලා මම දන්නවා.

අදිනපලදින විදිහටත් කට කතා හැදෙන අවස්ථා තියෙනවා. මේ දවස්වල මේධා ගැනත් බරපතල විදිහට කට කතා පැතිරෙනවා නේද..එහි ඇත්ත නැත්ත මොකක්ද..?
මට ඕන තරම් කටකතා හැදෙනවා. ඒවා ඇත්තද බොරුද කියලා මම ප්‍රතිචාර දක්වන්න ගියොත් දගලන්න ගියොත් තවත් කතා හැදෙනවා වැඩියි. ඒ නිසා මම නිශ්ශබ්ධව ඉන්නවා. ඕන කෙනෙක් ඕන දෙයක් කියපුදෙන් කියලා. මට ඒ කතා ප්‍රශ්නයක් නෙමෙයි. මම මානසිකව වැටෙන්නෙත් නැහැ. මම මම ගැන හිතලා සතුටින් ජිවත් වෙන්න උත්සහ කරනවා. එච්චරයි.

හර්ෂණී වීරරත්න




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  133 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  8,931 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,557 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,208 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,630 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  6,774 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  6,825 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  5,114 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  12,213 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  996 Downloads



Top 10 Commenters

Latest Comments

Top