Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
13
ගතවූ පැය කිහිපය තුළ කොවිඩ් - නයින්ටීන් වෛරසයෙන් 242 ක් මිය යයි

- ගතවූ පැය කිහිපය තුළ කොවිඩ් - නයින්ටීන් වෛරසයෙන් 242 ක් මිය යයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,851 Views
කොවිඩ් - නයින්ටීන් වෛරසය වැළදීමෙන් පසුගිය පැය කිහිපය තුළ පමණක් මියගිය සංඛ්‍යාව 242 කින් ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.

ඒ අනුව මෙම වෛරසය වැළඳීමෙන් මියගිය සංඛ්‍යාව 1360 ක්. මියගිය සියලූදෙනා හුබෙයි ප්‍රාන්තයෙන් වාර්තාවී ඇති බවයි විදෙස් වාර්තා තවදුරටත් සඳහන් කළේ.

එමෙන්ම ආසාදිතයන් සංඛ්‍යාවද 14,000 කින් ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව ලොව පුරා පුද්ගලයින් 60,062 ක් මෙම වෛසරයට ගොදුරුව තිබෙනවා.

එමෙන්ම ඇමරිකාවේ දකුණු කැලිෆෝනියා ප්‍රාන්තයෙන්ද කොවිඞ් - 19 වෛරසය ආසාදිත වූ පුද්ගලයෙකු වාර්තාවන බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

මේ අතර පවතින තත්ත්වය හමුවේ චීනයේ ෂැංහයි නුවර පැවැත්වීමට නියමිතව තිබූ ගෝන් ෆ‍්‍රී ෆෝමියුලා වන් තරගාවලිය කල් දමා තිබෙනවා.

අප්‍රේල් 19 වනදා ආරම්භවීමට නියමිතව තිබූ එම තරගාවලියේ සංවිධායකයින් කළ ඉල්ලීමකට අනුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.

සාර්ස් වෛරසය පැතිර ගිය කාලසිමාවට වඩා කොවිඞ් - නයින්ටීන් වෛරසය හේතුවෙන් ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කර ඇති බව ලෝක ආර්ථික විශේෂඥයින් පවසනවා.

මේ අතර ඔපෙක් සංවිධානය සඳහන් කළේ කොවිඩ් - නයින්ටීන් වෛරසයේ බලපෑමෙන් ලෝක තෙල් ඉල්ලූම පස් ගුණයකින් පමණ පහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

වෛරසය පැතිර යාමත් සමඟ රටවල් රැසක් චීනය වෙත සිදුකරන සිය ගුවන් ගමන් අත්හිටුවීමට තීරණය කළ අතර, බොහෝ කර්මාන්තශාවල නිෂ්පාදන කටයුතුද ඇණ හිටියා.

මේ අතර බ්‍රිතාන්‍ය බන්ධනාගාරයකට රැගෙන ආ රැඳවියන් දෙදෙනෙකුට මෙම වෛරසය ආසාදනය වී ඇති බව වාර්තාවනවා.

ඉන් එක් රැඳවියෙකු මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් තායිලන්තයේදී අත්අඩංගුවට ගෙන මීට සති දෙකකට පෙර බ්‍රිතාන්‍යයට පිටුවහල් කළ අයෙක්.

ඒ අනුව ඔහුට තායිලන්තයේදී වෛරසය ආසාදනය වී ඇති බවට සැක පළ කෙරෙන අතර, එම පුද්ගලයාගෙන් අනෙක් රැඳවියාට වෛරසය සම්ප්‍රේෂණය වන්නට ඇති බවටයි එරට බලධාරීන් සැක පළ කරන්නේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,693 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  690 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  15,300 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,825 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,597 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,621 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  8,325 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,041 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  837 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,485 Downloads



Top 10 Commenters

Latest Comments

Top