Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
12
මීගමුවේ වීඩියෝවට විජිතමුණි සොයිසාත් ගෑවෙයි - සමාජ මාධ්‍ය ප්‍රතිචාරවලට ධීවර රාජ්‍ය ඇමති සනත් නිශාන්ත කරුණු කියයි - Video

- මීගමුවේ වීඩියෝවට විජිතමුණි සොයිසාත් ගෑවෙයි - සමාජ මාධ්‍ය ප්‍රතිචාරවලට ධීවර රාජ්‍ය ඇමති සනත් නිශාන්ත කරුණු කියයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,687 Views
ධීවර හා මිරිදිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයාට, රාජ්‍ය නිලධාරිණියක්, දැඩි ප්‍රතිචාර පළ කරන අයුරු දැක්වෙන සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වීඩියෝව සම්බන්ධයෙන් අද රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මාධ්‍ය හමුවක් පවත්වමින් කරුණු පැහැදිළි කළා.

මීගමුව කලපු සංවර්ධන රැස්වීමේදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගම්පහ කාර්යාලයේ දිසා වන නිලධාරිණි දේවානි ජයතිලක මෙලෙස රාජ්‍ය අමාත්‍යවරයාට දැඩිව ප්‍රතිචාර දක්වා තිබුණා.

හෙක්ටයාර 1.4 ක වපසරයකින් යුතු මීගමුව - සින්නඩිතෝට්ටම් දුපත සම්බන්ධයෙන් මෙම ගැටළුකාරී තත්ත්වය මතුව තිබුණේ කළක සිටයි.

වසර කිහිපයකට පෙර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මෙම භූමි ප්‍රදේශයේ කඩොලාන කපා ක්‍රීඩා පිටියක් සකස් කර තිබුණා.

ඒ, මීගමුව මුන්නක්කරය - ශාන්ත නිකුලා සිංහල මිශ්‍ර කණිෂ්ඨ විද්‍යාලයට ක්‍රීඩා පිටියක් නොමැතිවීම හේතුවෙන්.
 

කෙසේ වෙතත් මෙය රජයට අයත් ඉඩමක් වීම හේතුවෙන් ක්‍රීඩා පිටියක් ඉදිකිරීමට විරෝධය පළ කරමින් ගම්පහ වන සංරක්ෂණ කාර්යාලයේ නිලධාරීන් එය ඉවත් කරන ලෙස ඉල්ලා අධිකරණ ක්‍රියාමාර්ග ද ගෙන තිබුණා.

ධීවර දෙපාර්තමේන්තුව විසින් මෙම දූපතට පස් තොගයක් ගෙනවිත් දමා ඇති අතර, එය ඉවත් කරගන්නා ලෙසටද අධිකරණය නියෝග කර තිබුණා.

ඒ අනුව මෙම ක්‍රීඩාපිටිය පිළිබඳ යළි කථාබහට ලක්වන්නේ පසුගිය 10 වනදා මීගමුව කළපු සංවර්ධන රැස්වීමේදියි.

එමෙන්ම, එම දූපතට යාබදව ධීවර දෙපාර්තමේන්තුව විසින් කලපු සංවර්ධන වැඩසටහනක් යලි ආරම්භ කර ඇති අතර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන විඩියෝ පටයට අදාල මෙම ගැටලූව සිදුව ඇත්තේ එය සිදුකිිරිමට අවශ්‍ය නිර්දේශ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබා ගැනීමට නොහැකිවීම හේතුවෙන්.

මෙම රැස්වීමේදී කරුණු දැක්වූ දිසා වන නිලධාරිණිය කියා සිටියේ කඩොලාන පද්ධතිය ඇතුලූ වනාන්තර එළිපෙහෙළි කරමින් මිනිස් ක්‍රියාකාරකම් සඳහා යොදා ගැනීම තුළින් ඔක්සිජන් ප්‍රතිශතයට බලපෑමක් එල්ල වන බවයි.

කෙසේ වෙතත් වන නිලධාරිණියගේ මෙම ප්‍රකාශයත් සමඟ එම අවස්ථාවට එක්ව සිටි පිරිස ඇයට විරෝධය පළ කළා.

මේ අතර ප්‍රදේශයේ ළමයින් පිරිසක්ද හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ තමන්ට ක්‍රීඩා පිටියක් නොමැති බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අද පැවති මාධ්‍ය හමුවේදී අදහස් පළ කළා.

ඔහු කියා සිටියේ ක්‍රීඩා පිටිය සකස් කිරීමට එකඟ වී ඇත්තේ හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා බවයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  388 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  1,432 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,168 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  228 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  231 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,636 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  14,309 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,833 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,690 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,874 Downloads



Top 10 Commenters

Latest Comments

Top