Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
12
අලුත් නමක් හඳුන්වාදෙමින් නව කොරෝනා වෛරසය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අද නිවේදනය කරපු දේ මෙන්න - Video

- අලුත් නමක් හඳුන්වාදෙමින් නව කොරෝනා වෛරසය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අද නිවේදනය කරපු දේ මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

74 Views
මාරාන්තික නව කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් මියගිය පිරිස මේ වනවිට 1115 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන් මරණ 97ක් ගත වූ පැය 24ක කාලය තුළ සිදුව ඇති අතර, වෛරසය ආසාදනය වූ බවට හඳුනා ගත් පුද්ගලයින් සංඛ්‍යාව ද 45,000කට අධිකයි.

මෙතෙක් කාලයක් 2019 නව කොරෝනා වෛරසය සහ කොරෝනා නිව්මෝනියව ලෙස හැඳින් වූ මෙම මාරාන්තික වෛරසය ‘‘කොවිඩ් - 19“ ලෙස හඳුන්වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අද නිවේදනය කළා.

දැන් කොරෝනා වෛසරයට නව නමක් තිබෙනවා. මෙම වෛරසය හඳුන්වන්නේ ‘‘CoViD-19" ලෙසයි. Co යන කොටසින් කොරෝනා ලෙසත්, Vi යන කොටසින් වෛරසය ලෙසත්, D යන අකුරින් උවදුර ලෙසත් හැඳින්වෙනවා.
 

කොවිඩ් 19 ලෙස නම් කළ කොරෝනා ගණයට අයත් මෙම වෛරසය හේතුවෙන් මේ වනවිට චීනයේ පුද්ගලයින් 1113 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඉන් රෝගීන් 97 දෙනෙක් ගතවූ පැය 24 තුළ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මේ අතර, චීනයට පසු වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ජපානයෙන්.

ඒ, ජපානයට අයත් ඩයමන්ඩ් ප්‍රින්සස් මගී නෞකාවෙන් කෝවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් මගීන් 39 දෙනෙකු අද හමුවීමත් සමඟයි.

ඒ අනුව අදාළ මගී නෞකාවෙන් හමුවූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 175 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර, චීනයේ ඇතැම් නිෂ්පාදන සමාගම් සිය දෛනික වැඩකටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙන අයුරු විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කළා.

මේ මාර්ගයේ ගමන් කරන පුද්ගලයින්ගේ විෂබීජ විනාශ කිරීම සඳහා ස්ථාපිත විශේෂ විෂබීජ නාශක මංතීරුවක්.

චීන මාධ්‍ය වාර්තා කරන්නේ මෙම මංතීරුව තුළින් ගමන් කරන පුද්ගලයින්ගේ විෂබීජ 99%ක් තත්පර 20ක කාලයකින් විනාශ කර දැමීමට හැකි බවයි.

මේ අතර, සිංගප්පූරුවේ බී.බී.එස්. මූල්‍ය සමාගමෙන් කොරෝනා ආසාදිතයෙකු හමුවීමත් සමඟ 300 දෙනෙකුගෙන් යුත් බැංකු කාර්ය මණ්ඩලය නිවෙස් කරා යොමු කිරීමට අදාළ මූල්‍ය සමාගම පියවර ගෙන තිබෙනවා.

මිලියන 11කට අධික ජනකායකට වාස භූමිය වූ වූහාන් නගරය ඇතුළු ආසන්න නගර රැසක විෂබීජ විනාශ කිරීමට එරට බලධාරීන් කටයුතු කර තිබෙන අයුරු මෙලෙස දක්නට ලැබුණා.

චීන මාධ්‍ය වාර්තා කළේ මාරාන්තික කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් මවක් නිරෝගී දරුවෙකු බිහි කළ බවයි.

මේ අතර, පසුගිය සතියේ චීනයේ හුනාන් ප්‍රදේශයෙන් වාර්තා වූ කෝවිඩ් 19 වෛරසය ආසාදනය වූ සිව් මසක් වයසැති බිළිඳෙක් ප්‍රතිකාර ලබා සුව වී රෝහලෙන් පිටව ගියා.

මාරාන්තික වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබන රෝගීන්ගේ මානසිකත්වය ඉහළ නැංවීමට සහ මනා ශාරීරික යෝග්‍යතාවයකින් පවත්වා ගැනීමට ඔවුන්ව බැලේ නර්ථනයන්ට යොමු කිරීමට රෝහල් කාර්ය මණ්ඩල කටයුතු කළා.

කොවිඩ් 19 වෛරසය රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා සිය කුඩා බිළිඳා වෙනත් නිවසක තබා යාමට සිදුවූ වෛද්‍යවරුන් යුවළකට ප්‍රදේශයේ නගර සභා නිලධාරීන් විසින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධවෙමින් දරුවාගේ තත්ත්වය මවට පහදන දර්ශන පෙළක් මේ.

දෙමව්පියන්, හෙදියන් ලෙස වූහාන් හි රෝහලක කටයුතු කිරීම හේතුවෙන් සිය කුඩා දරුවන්ව එම රෝහලේ වෛද්‍යවරුන් විසින් රැකබලා ගන්නා අයුරු චීන මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබුණා.

කෘතිම බුද්ධියෙන් බලගැන්වෙන රොබෝ යන්ත්‍ර මෙලෙස චීන බලධාරීන් ස්ථාපිත කර තිබෙන්නේ වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ මහජනතාව දැනුවත් කිරීමට සහ ඔවුන් නිරීක්ෂණයටයි.

මේ අතර, කෝවිඩ් 19 හෙවත් කොරෝනා වෛසරය ආසාදනය වූ බවට මෙරටින් වාර්තා වූ චීන කාන්තාවගේ වැඩිදුර පරීක්ෂණ සඳහා හොංකොං වෙත යැවූ ජෛව සාම්පල වාර්තාවෙන් ද ඇයට මෙම වෛරසය ආසාදනය වී තිබූ බවට තහවුරු වී තිබෙනවා.

කෙසේ වෙතත්, ඇය මේ වනවිට සුවය ලබා ජාතිත බෝවන රෝග විද්‍යායතනයේ රැඳී සිටින අතර, මේ වනවිට කෝවිඩ් 19න් නමැති වෛරසය වැළඳී ඇති බවට සැක කෙරෙන පුද්ගලයින් 16 දෙනෙකු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබනවා.

ඉන් 10 දෙනෙකුම ප්‍රතිකාර ලබන්නේ ජාතිත බෝවන රෝග විද්‍යායතනයේයි.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top