Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
12
විනිසුරු පිලපිටිය සමඟ සිදුවූ සංවාද 12 ක පිටපත් නීතිපති ඉල්ලයි - රන්ජන් රාමනායකට අදත් ඇප නැහැ - Video

- විනිසුරු පිලපිටිය සමඟ සිදුවූ සංවාද 12 ක පිටපත් නීතිපති ඉල්ලයි - රන්ජන් රාමනායකට අදත් ඇප නැහැ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,051 Views
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ලබන 26 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

ඒ, අධිකරණ විනිසුරුවරුන්ට බලපෑම් කිරීම සහ නීතිවිරෝධී ලෙස ගිනි අවියක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් වන නඩු යළි නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් එච්.යූ.කේ. පැල්පොල හමුවේ කැඳවූ අවස්ථාවේදියි.

එහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කළේ සැකකරුගේ හඬ සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් කැඳවා ඇති බවයි.
 

එම වාර්තාව මේ සතිය තුළ ලැබෙනු ඇති බව ප්‍රකාශ කළ ඔහු අධිකරණයට පෙන්වා දුන්නේ සැකකරු එක් අවස්ථාවකදී මෙම හඬ පටවල ඇත්තේ තමන්ගේ හඬ දැයි නිශ්චිතව කිව නොහැකි බවට ප්‍රකාශයක් සිදුකළ බවයි.

කෙසේ වෙතත්, යම් අපරාධ කරුණක් සම්බන්ධයෙන් වාර්තා වන්නේ නම් ඒ පිළිබඳව විමර්ශන සිදුකරන බැවින් රස පරීක්ෂක වාර්තා අනුව නිගමනයකට එළැඹීමට හැකියාව ලැබෙනු ඇති බවද ඔහු පෙන්වා දුන්නා.

සැකකාර රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා බන්ධනාගාරයෙන් රැගෙන එන සහ රැගෙන යන අවස්ථාවලදී මාධ්‍යයට විවිධ ප්‍රකාශ කරමින් මාධ්‍ය සංදර්ශන පවත්වන බවද, නියෝජ්‍ය සොලිිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කළා.

සැකකරු නීතිය උල්ලංඝනය කළ පුද්ගලයෙකු ලෙස නොව විකටයෙකු ලෙස හැසිරෙන බව පෙන්වා දුන් ඔහු අධිකරණයෙන් ප්‍රශ්න කළේ මෙවැනි වරප්‍රසාද වෙනත් සිරකරුවන්ට ලැබෙන්නේද යන්නයි.

මෙවැනි වාතාවරණයක අපරාධ කල්ලි සාමාජිකයින් වන කංජිපානි ඉම්රාන් සහ මාකඳුරේ මධූෂ් වැනි පුද්ගලයින්ද මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීමේ හැකියාවක් පවතින බවද නියෝජ්‍ය සොලිිසිටර් ජනරාල්වරයා කියා සිටියා.

එබැවින් සැකකාර රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ මෙම හැසිරීම වාරණය කරන ලෙස තමන් ඉල්ලා සිටින බවයි ඔහු එහිදී අවධාරණය කළේ.

එමෙන්ම, රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ ෆේස්බුක් ගිණුම සහ යූටියුබ් ගිණුම අඛණ්ඩව යාවත්කාලීන වන බවද නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයට දැනුම් දුන්නා.

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී පුද්ගලයින්ට තර්ජනය කිරීම් සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් පවා බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවයි එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

විමර්ශනවලට අදාළ සැකකරුවන් බිය ගැන්වීමට කටයුතු කරන සැකකරු දැනට සිදුකරන විමර්ශන සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විවිධ ප්‍රකාශ කිරීම සඳහා අනෙකුත් පාර්ශවයන් බිය ගැන්වීමක් කරන බවද එහිදී නියෝජ්‍ය සොලිිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කළා.

එමෙන්ම, රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ නිවසේ තිබී සොයාගත් ගිනි අවිය රස පරීක්ෂකවරයා වෙත යොමුකර ලබාගත් වාර්තාව මගින් ඉන් වෙඩි බෙහෙත් දුගඳ වහනය වන බව දැනුම් ඇති බවද නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.

එය මෑතකදී භාවිත කළ බව අනාවරණ වන බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිිසිටර් ජනරාල් දිලීප පීරිස් කියා සිටියේ සැකකරුගේ නිවසේ තිබී ජීව උණ්ඩ 127 ක් සොයාගත් බවයි.

සාමාන්‍යයෙන් මන්ත්‍රීවරයෙකුට ලබාදෙන්නේ ජීව උණ්ඩ 20 ක් පමණක් බැවින්, ඉතිරි ජීව උණ්ඩ 107 ඔහුට ලැබුණේ කෙසේද යන්න සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් කරුණු විමසා ඇති බවයි.

මෙහිදී රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් තම සේවාදායකයාට ඇප ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර, ඊට නීතිපති දෙපාර්තමේන්තුව විරෝධය පළ කළා.

කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත් එච්.යූ.කේ. පැල්පොල සඳහන් කළේ සැකකරු මාධ්‍යයට විවිධ ප්‍රකාශ නිකුත් කිරීම අනුමත කළ නොහැකි බවයි.

විමර්ශනවලට යම් බාධාවක් විය හැකි බැවින් ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරු රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා මේ මස 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සහ වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අතර ඇති වූ දුරකතන සංවාද සම්බන්ධයෙන්ද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද කරුණු වාර්තා කෙරුණා.

එහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ ජනක බණ්ඩාර සඳහන් කළේ නීතිපතිවරයා විසින් ලබාදෙන උපදෙස් වැඩබලන පොලිස්පතිවරයා මේ දක්වා ක්‍රියාත්මක නොකිරීම බරපතල කරුණක් බවයි.

එම තත්ත්වය සලකා බලා සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙස එහිදී නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් එච්.යූ.කේ. පැල්පොල, කොළඹ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපතිවරයාට නියෝග කළේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන නිලධාරියෙකුට හෙට දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි.

එමෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සහ වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අතර ඇතිවූ දුරකථන සංවාද 12 ක පිටපත් තමන්ට ලබාදෙන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා.

මේ අතර, තර්ජන ඇතිවීම සම්බන්ධයෙන් 2015 - 2016 වසරවලදී ලද පැමිණිල්ලක් මත, විනිසුරු ගිහාන් පිලපිටියගේ ආරක්ෂාව තර කිරීමට කටයුතු කළ බව එවකට හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් ප්‍රකාශ කර තිබුණා.

ඒ, විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න පත්කල කමිටුව හමුවේ සාක්ෂි ලබා දෙමින්.

නීතිපති දප්පුල ද ලිවේරා විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගන්නා ලෙස උපදෙස් ලබාදීමෙන් පසු වැඩබලන පොලිස්පතිවරයා විසින් පත් කළ මෙම කමිටුවට නියෝජ්‍ය පොලිස්පතිවරුන් 3 දෙනෙකු ඇතුළු සාමාජිකයින් 5 දෙනෙකු ඇතුළත්.

එසේම වැඩ බලන පොලිස්පතිවරයා ප්‍රකාශ කර තිබුණේ විනිසුරු ගිහාන් පිලපිටියගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා, අධිකරණ සේවා කොමිසන් සභාවේ හිටපු වැඩබලන ලේකම්වරයා, නීතිපති දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයා, අලූත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ නිතීඥ සංගමයේ සභාපතිවරයා ඇතුළු පාර්ශව ගණනාවකින් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.

එම ප්‍රකාශ ඔස්සේ ගිහාන් පිලපිටිය විනිසුරුවරයාට තර්ජනය කර ඇත්තේ පසුගිය රජයේ රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක විසින් බවට සනාථ වී තිබෙනවා.

මේ අතර, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නීති සංගමය සහ තවත් නීතිඥ සංගම් කිහිපයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට අද නිහඬ විරෝධතාවක නිරත වුණා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  388 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  1,432 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,168 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  228 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  231 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,636 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  14,309 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,833 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,690 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,874 Downloads



Top 10 Commenters

Latest Comments

Top