Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
12
"සියයට සියයක්ම අපි දෙන්නා ගත්ත තීරණයක් මත විවාහ වුණේ.." - දීපිකා පීරිස්ගේ ආදරණිය සැමියා කියයි - Photos

- "සියයට සියයක්ම අපි දෙන්නා ගත්ත තීරණයක් මත විවාහ වුණේ.." - දීපිකා පීරිස්ගේ ආදරණිය සැමියා කියයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

42 Views
"ඒ හිතවත් වීම අපි නොදැනුවත්ම ලොකු බැදීමකට මුල් වුණා.."

"මම නම් හිතන්නේ පෙර සසරෙත් ඇය මගේ කවුරුම හරි වෙන්න ඇති.."

චාමික කුමාර කියන නම කිසි කෙනෙකුගේ මතකයට නොඑන්න පුළුවන්. නමුත් කවුරුත් ආදරේ කරන අතිශය ජනප්‍රිය ගායිකාවක් වූ දීපිකා ප්‍රියදර්ශනී පිරිස්ව නම ඇසුවත්, හඩ ඇසුවත්, රුව දැක්කත් ඒ කවුද කියලා කවුරුත් දන්නවා. ඒ විදිහට බොහෝ දෙනෙක් ආදරේ කරන දීපිකාගේ ආදරණිය සැමියා තමයි චාමික කියන්නේ. ඔහුත් බොහෝ ගීත රචනා කර තිබෙනවා. කවුරුත් දන්න දීපිකා ගැන ආදරණිය සැමියා කියන්නේ මෙහෙමයි.

කොහොමද චාමික ..?
හොදින් සතුටින් ජිවත් වෙනවා. මම රැකියාව කරන්නේ මුල්‍ය ක්ෂේත්‍රයක. ඒ නිසා බැංකු නිලධාරියෙක් විදිහට මමත් කාර්ය බහුලයි. ඒ වගේම විවේකයක් තියෙන වෙලාවට මම කවි ලියනවා. ගීත සදහා පද රචනය කරනවා. ඒ දේවල් එක්ක පවුල් ජීවිතයත් සාර්ථකව ගෙනියනවා. ඒ වගේම කියන්න ඕන මගේ කුළුදුල් ගීත ඇල්බමයත් කවි පොතකුත් ළගදි එළිදක්වනවා. දීපිකාගේ හයවැනි සංගීත තැටියත් එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.

ඔබ කොහොමද කලාකටයුතුවලට මුලාරම්භය ගන්නේ..?
මම ගීත සදහා පදරචනා ලියන්න පටන් අරගෙන දැන් අවුරුදු අටක් විතර වෙනවා. පහුගිය කාලේ අනුරාධ පෙරේරාටත් ගීතයක් කළා. මේ වෙද්දී මම ලියපු ගීත 23ක් පටිගත කරලා විවිධ ගුවන් විදුලි මාධ්‍ය ඔස්සේ ඒවා ප්‍රචාරය වෙනවා.

කාර්යබහුල ජිවිතයක් ගත කරන බිරිදටත් ඔබෙන් සහයෝගයක් ලැබෙන ඇති නේද..?
ඔව්. මගේ බිරිද දීපිකා කාර්ය බහුල කෙනෙක් මට වඩා. එයාගේ සංගීත ආශ්‍රමයේ වැඩත්, සංගීත ප්‍රසංග වැඩත් අලුත් නිර්මාණවල වැඩත් එක්ක තමයි අපි දෙන්නා ජිවත් වෙන්නේ. එයාට මම නිතරම මගේ උපරිම සහයෝගය ලබා දෙනවා. සංගීත ප්‍රසංග හෝ වෙනත් වැඩකටයුත්තක් සදහා රාත්‍රී කාලයේ එයා යන්නේ මාත් එක්ක. සැමියා විදිහට අවශ්‍ය සහයෝගය මම එයාට ලබා දෙනවා.

ඔබේ ලියැවිල්ල නිසා නේද දීපිකාව ඔබට හිමි වෙන්නේ..?
එක්තරා විදිහකට මට ඇයව පෙම්වතිය කරගන්නත් මගේ බිරිද කරගන්නත් මට අවස්ථාව ලැබෙන්නේ පදරචනා කලාව නිසා තමයි. මුලින්ම ඇයව ඉන්දියාවේදී මට මුණගැහෙනවා. ඊට පස්සේ ස්වාමින් වහන්සේ කෙනෙකුගේ මාර්ගයෙන් මට ඇයට ගීතයක් ලියන්න අවස්ථාව ලැබුනා. මම මිට කලින් ඩුබායි බැංකුවක සේවය කළා. අපි දීපිකාව එහේදී කොන්සට් දෙකකට ඇයට ආරාධනා කළා. ඒ වෙලාවේ මම වැඩ කළ බැංකුවට එයා ආවා ගියා කිහිප සැරයක්. ඒ අවස්ථාවේ තමයි මම ඇයත් එක්ක මුලින් කතා කරන්නේ. ඒ 2015 වර්ෂයේ ඒ හිතවත් වීම අපි නොදැනුවත්ම ලොකු බැදීමකට මුල් වුණා. අවසානයේ වසර තුනක් පමණ අපි ආදරේ කරලා 2018 වර්ෂයේ අප්‍රේල් මාසේ විවාහ වුණා. අපි විවාහ වෙලා වසර දෙකක් ගත වෙන්න යනවා.

දීපිකා පීරිස් කියන ජනප්‍රිය ගායිකාව නිහතමානි කෙනෙක් කියලා බොහෝ දෙනෙක් දන්නවා. නමුත් දීපිකා පිරිස් කියන ගුරුවරිය ටිකක් සැර පරුෂ කෙනෙක් කියලා මතයක් තියෙනවා. ඇයත් එක්ක ගත කරන සුන්දර ජිවිතේ ගැනත් කියමු..?
අපි දෙන්නා අතර වයස් පරතරයක් තියෙනවා. මම කුඩා කාලේ ඉදලා ඇයගේ හඩට ආදරේ කරනවා. ඇය ගයන ස්භාවිත ගීතයට මම ප්‍රිය කරනවා. පසු කාලේ මම එයාගේ සැමියා වෙනවා. සැමියා වුණාට පස්සේ ලගින්ම ඉන්න කෙනා මම. ලගින්ම ඉන්න කෙනා හැටියට මම ඇය ගැන හොදාකාරයෙන්ම දන්නවා. මම දන්න දීපිකා නම් ටිකක් සැරයි. නමුත් කිසිකෙනෙකුට අහිතකර දෙයක් කරන්නේ නැහැ. අපි දෙන්නා ජිවත් වෙන්නෙත් එකිනෙකා අවබෝධ කරගෙන. ප්‍රශ්න එන්න පුළුවන් ඕනෑම පවුලකට. නමුත් අපි අතරට ප්‍රශ්න අඩුවෙන්ම එන විදිහට තමයි අපි දෙන්නා ජිවත් වෙන්නේ.

එයා අනුලා විද්‍යාලයේ ඉගෙන ගත්තේ. ගුරුවරියක් විදිහට සේවය කරන්නෙත් ඒ විදුහලෙමයි. ගායිකාවක් විදිහට අවුරුදු 30ක් කටයුතු කරනවා. මේ දේවල් හා පවුල් ජීවිතය ඇය සමබරව ගෙන යනවා. ඇය සාර්ථක ගුරුවරියක්, සාර්ථක ගායිකාවක්, ඒ වගේම අතිසාර්ථක බිරිදක් කියන්න පුළුවන්.

කුඩා කළ සිටම ඇයගේ ගීතවලට ප්‍රිය කළ කෙනෙක් බව චාමික කිව්වා. ඒ ස්භාවිත කටහඩට ප්‍රිය කළ ඔබට ඇයගේ සැමියා වීම ගැන මොකද හිතෙන්නේ..? එහෙම අවස්ථාවන් ලැබෙනවා අඩුයිනේ..?
ඒක ඇත්ත. මම නම් හිතන්නේ පෙර සසරෙත් ඇය මගේ කවුරුම හරි වෙන්න ඇති. ඒ නිසයි මේ ආත්මෙත් ඇය පතාගෙන ආවේ. හරිම අහබු සිදුවීමකින් අපි විවාහ වෙනවා. ඒ ගැන මට ලොකු සතුටක් තියෙනවා. විවාහය කියන්නේ අසමානකම් සමාන කරගෙන ජීවිතය ගත කිරීමක්. මම ආදරය කරපු කෙනෙක් මට ලැබීම ගැන නිහතමානිව ආඩම්බර වෙනවා.

ඇයගේ ජනප්‍රියත්වයත් එක්ක දෙමාපියන් විරුද්ධ වුණේ නැද්ද ඇයව ඔබේ බිරිද කරගන්නවාට..?
වයස් පරතර නිසා අපේ ආදරේට බාධක ආවා. නමුත් දීපිකා කියන්නේ මුල ඉදලම එයාගේ අනන්‍යතාවය රැකගෙන නමට හානියක් නොවන විදිහට ජිවත් වුනු කෙනෙක් නිසා ඒ විරුද්ධකම් මගහරවා ගන්න පුළුවන් වුණා. කෙටියෙන්ම කිව්වොත් සියයට සියයක්ම අපි දෙන්නා ගත්ත තීරණයක් මත විවාහ වුණේ. නමුත් වැඩිහිටියන් දැණුවත්ව.

ගෘහයට මුල් තැන දෙන්න ඕන නිසා දීපිකාට ඔබ බලපෑමක් කරලා නැද්ද ගායන ක්ෂේත්‍රයෙන් සමුගන්න කියලා..?
දීපිකා හරිම සතුටින් ඉගැන්වීම් කටයුතු වගේම නිර්මාණ කටයුතු කරගෙන යන්නේ. ඒ නිසා මම කැමති නැහැ එයාට බලපෑමක් කරන්න. එයාගේ දක්ෂතා තවදුරටත් දකින්න මම කැමතියි. එයාගේ කාර්යබහුලකම අපේ පවුල් ජිවිතයට කරදරයක් වෙලා නැහැ. ඒ නිසා මට ගැටලුවක් නැහැ.

හර්ෂණී වීරරත්න





Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top