කෙසේ වෙතත් ඇය තවදුරටත් අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබන අතර මේ වනවිට කොවිඞ් - නයිටීන් නමැති වෛරසය වැලදී ඇති බවට සැකකෙරෙන 16 දෙනෙකු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබනවා. ඉන් 10 දෙනෙකු අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබනවා.
එමෙන්ම, චීනයේ වූහාන් ප්‍රාන්තයේ සිට පැමිණ දියතලාව යුද හමුදා කදවුරෙහි විශේෂ නිරෝධායන ඒකකයේ රදවා සිටින ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනාගේ අවසන් වෛද්‍ය වාර්තාව අනිද්දා ලබාදීමට නියමිතයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ සහ හමුදාපතිවරයාගේ උපදෙස් මත ඔවුන් එදිනම මුදා හැරීමට කටයුතු කරන බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.
එමෙන්ම, එම සිසුන් 33 දෙනාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා දින අකුරේගොඩ ආරක්ෂක හමුදා මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් ද පැවැත්වීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය කියා සිටියේ.
මේ අතර, කොවිඩ් - නයිටීන් හෙවත් කොරෝනා වෛරසය හේතුවෙන් සිංගප්පූරුවේ සංචාර කල් දමන ලෙසට දකුණු කොරියාව සහ ඊශ්‍රායලය එරට ජනතාවට දැනුම් දී තිබෙනවා.
සිංගප්පුරුව තුළ වෛරසය ආසාදිත වූවන් 47 දෙනෙකු වාර්තා වන අතර ඉන් 7 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
එමෙන්ම ජපානයේ යොකොහමා වරායට ඔබ්බෙන් නැංගුරම්ලා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි පුද්ගලයින් 175 දෙනෙකු මෙම වෛරසය ශරීර ගත වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
මෙම වෛරසය වැලදීමෙන් මේ වනවිට මියගිය සංඛ්‍යාව 1113 දක්වා ඉහල ගොස් ඇති අතර ආසාධිතයන් සංඛ්‍යාව 44,653ක් වන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.