සිසුවිය වැවකට පැන දිවි නහගන්නත් හදලා..
මව අවුරුදු 2කට පෙර විදෙස්ගත වෙලාලූ..
6 වසරේ ඉඳන් පෙම් සබඳතාවයක් පවත්වලා..
වයස අවුරුදු 14යි මාස 04ක බාල වයස්කාර දැරියක දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවුරුදු 17ක තරුණයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.
මෙම දැරියගේ මව රැකියාවක් සඳහා මීට අවුරුදු දෙකකට පමණ පෙර විදෙස් ගතව ඇති බවයි වාර්තා වන්නේ.
පියා තම බිරිය හා දරුවන් අත්හැර ගොස් වසර 04ක් පමණ ගතව තිබෙනවා.
දැරිය හැදී වැඞී ඇත්තේ සිය මිත්තනියගේ රැකවරණය යටතේයි. ඒ අතරතුර කාලයේ දී දැරිය 06 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටියදී තිබූ ප්‍රේම සම්බන්ධතාවයක් අනුව තරුණයකු මිත්තනියගේ නිවෙසට කැඳවා ගෙන රහසිගත සම්බන්ධයක් පවත්වා ගෙන ගොස් තිබෙනවා.
එහි ප්‍රතිඵලයක් ලෙස දැරිය ගැබ්ගෙන ඇති අතර මෙම සිද්ධිය දැනගත් තරුණයාගේ පියා දැරිය මරණ බවට තර්ජනය කිරීමත් සමගම ඇය වැවකට පැන සිය දිවි හානි කර ගැනීමට උත්සාහ ගනිද්දී අසල්වාසීන් විසින් 119 හදිසි අංකයට දැනුම් දී අනතුර වළක්වා තිබෙනවා.
අනතුරුව පොලිස් නිලධාරීන් පැමිණ දැරිය සිය භාරයට ගෙන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
සැකකරු ඊයේ (11) දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා. දැරිය ද ඊයේ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
ගලේවෙල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුක්ෂාන්ත පෙරේරා මහතාගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උ.පො.ප ශානිකා රණසිංහ මහත්මිය පරීක්ෂණ පවත්වනවා.