Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
11
වැඩබලන පොලිස්පතිගේ පිළිතුර ගැන නීතිපතිගේ අප්‍රසාදය - විනිසුරු ගිහාන් පිලපිටියට අදම අධිකරණ ක්‍රියාමාර්ග ගන්නැයි උපදෙස්

- වැඩබලන පොලිස්පතිගේ පිළිතුර ගැන නීතිපතිගේ අප්‍රසාදය - විනිසුරු ගිහාන් පිලපිටියට අදම අධිකරණ ක්‍රියාමාර්ග ගන්නැයි උපදෙස්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

973 Views
ආන්දෝලනාත්මක ගහඬපට සිද්ධියට අදාළව වැඩතහනමට ලක්කර සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සම්බන්ධයෙන් අදම නියමිත අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙස නිීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

ඊට අදාළව නීතිපති දප්පුලද ලිවේරා, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙත යැවූ ලිපියේ දැක්වෙන්නේ අදාළ නඩු කටයුත්ත සිදුකරන අධිකරණ බලසීමාව නොදැන සිටි බව සහ තමන් විමසන තෙක් ඒ සම්බන්ධයෙන් විමසීමක් නොකිරීම හාස්‍යයට කරුණක් බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ ආන්දෝලනාත්මක හඬපට සිද්ධියට අදාළව වරෙන්තුවක් ලබාගෙන මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා පොලීසියට දැනුම් දුන්නේ පසුගිය ජනවාරි 23 වනදායි.
 

කෙසේ වෙතත්, අදාළ අධිකරණ ක්‍රියාවලිය සිදු නොවීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙත පසුගිය 7 වනදා නියෝග කළා.
ඒ අනුව, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ඊයේ අදාළ ලිපියට පිළිතුරු ලිපියක් යොමුකර තිබුණා.

එහි දැක්වෙන්නේ අදාළ නඩු කටයුත්තේ පළමු සැකකරු වන රන්ජන් රාමනායකට සම්බන්ධ බී වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට බවයි.

තමන් විසින් කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්‍ෂවරයා ඇතුලු විමර්ශන නිලධාරීන් කැඳවූ අවස්ථාවේ මෙම ප්‍රශ්නගත සංවාදය සිදුවී ඇත්තේ කුමන අධිකරණ බලසීමාවකද යන්න මෙතෙක් විමර්ශනවලදී අනාවරණ වී නොමැති බව දන්වා සිටි බවද එහි සඳහන්.

එබැවින් නව නීති කටයුත්ත ආරම්භ කළ යුත්තේ කුමන අධිකරණයකද යන්න පිළිබඳ උපදෙස් ලබාදෙන ලෙස වැඩබලන පොලිස්පතිවරයා නීතිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

ඒ අනුව වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙත නීතිපති දප්පුල ද ලිවේරා අද යළි ලිපියක් යොමුකර තිබෙනවා.

උපුටා ගැනීම
ඔබගේ උක්ත ලිපියේ අධ්‍යක්ෂ කොළඹ අපරාධ කොට්ඨාශය ඇතුළු විමර්ශන නිලධාරින් කැඳවූ අවස්ථාවේ මෙම ප්‍රශ්න ගත සංවාදය සිදුවී ඇත්තෙේ කුමන අධිකරණ බලසීමාවකදී ද යන්න මෙතෙක් විමර්ශනවලදී අනාවරණ වී නොමැති බවට දන්වන ලදී යනුවෙන් සඳහන් කර ඇත. දෙවන සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වශයෙන් තමන් ඉදිරියේ විභාග වන නඩුවක සැකකරුවෙකු අරඹයා ඇප ලබා නොදී රක්ෂිත බන්ධනාගාර ගත කරන උපාය මාර්ගික ක්‍රමවේදයෙන් පළමු සැකකරු සමඟ සාකච්ඡා කළ බව පැහැදැලි වේ.

අදාළ හඬපටයේ සංවාදය ප්‍රකාරව එවකට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වශයෙන් කටයුතු කළ දෙවන සැකකරු විසින් පහත පරිදි සඳහන් කර ඇත.
නෑ නෑ මගේ වාහනය හරවන ගමන් උසාවියට.

හඬපටයේ සංවාදයේ ප්‍රකාරව අධිකරණ බල සීමාව පැහැදිලිවම අනාවරණ වී ඇති අවස්ථාවක අධිකරණ බලසීමාව කුමක්දැයි මා ඔබෙන් හේතු විමසන තෙක් ඒ බව විමසා නොසිටීම බලවත් කණගාටුදායක තත්ත්වයක් බව අවධාරණය කර සිටිමි. කොළඹ අපරාධ කොට්ඨශයේ නිලධාරින්ට අධිකරණ බලසීමාව සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් ඇති වූයේ නම් ඕනෑම අවස්ථාවක මා හෝ මගේ නිලධාරන් හමුවීමට හෝ දුරකථනය මගින් උපදෙස් ලබා ගැනීමට අවස්ථාව තිබූ බවට සඳහන් කරමි. එබැවින් 2020.01.23 දිනැති නීතිපති උපදෙස් අනුව ක්‍රියා නොකරන පසුව මේ ආකාරයෙන් දින 18 කට පසු අධිකරණ බලසීමාව නොදැන සිටි බව හා ඒ බව මා විමසන තෙක් විමසා නොසිටීම හාස්‍යයට ලක්වන කරුණක් බවට ද වැඩිදුරටත් අවධාරණය කර සිටිමි.
උපුටා ගැනීම අවසන්.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ප්‍රශ්න ගත දුරකථන හඬපටයේ අධිකරණය හමුවේ පවතින නඩු කෘත්‍යයක් සම්බන්ධයෙන් ද සංවාදයේ නියැලීම මගින්, එකී කුමන්ත්‍රණයකට අදාළව සංවාදයේ ඇරඹුම පළමු සැකකරු වන රංජන් රාමනායක විසින් සිදුකර ඇති බවයි.

එකී සංවාදයන් නුගේගොඩ සහ කොළඹ ප්‍රදේශවලදී සිදුව ඇති බව දුරකථන කුළුණු වාර්තා අනුව ද සනාථ වී ඇති බව එහි දැක්වෙනවා.

එබැවින් මෙම නඩු කටයුත්තට අදාළ කරුණු වාර්තා කිරීමේ අධිකරණ බලසීමා කොළඹ සහ නුගේගොඩ අධිකරණ කලාපයන් විය යුතු බවට නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබුණා.

පළමු සැකකරු වන රංජන් රාමනායක සම්බන්ධයෙන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ මේ වනවිටත් නඩු කටයුතු දෙකක් අරඹා ඇති බැවින් 2020 ජනවාරි 23 දිනැති උපදෙස් අනුව විනිසුරු ගිහාන් පිලපිටිය සම්බන්ධයෙන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර අද දිනය තුළම නියමිත පියවර ගන්නා ලෙසයි වැඩබලන පොලිස්පතිවරයාට නීතිපතිවරයා දන්වා ඇත්තේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,131 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  897 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  17,638 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,346 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,802 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,773 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,006 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,390 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  896 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,609 Downloads



Top 10 Commenters

Latest Comments

Top