Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
11
සියලුම පාසල් වෙත අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්

- සියලුම පාසල් වෙත අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,000 Views
මේ දිනවල පවත්නා දැඩි හිරු රශ්මිය සහ ඒ හේතුවෙන් මතුව ඇති අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය හමුවේ පාසල් මට්ටමින් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධ ව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත නිර්දේශ ලබා දී තිබෙනවා.
 
පවත්නා අධික උෂ්ණත්වය හේතුවෙන් ආතතිය, මස් පිඩු පෙරලීම, සිහි මූර්ච්ඡාව, හෘද රෝග හා පෙනහලු රෝග වැනි නිදන්ගත රෝග උත්සන්න වීමක් දක්නට ලැබෙන බවත්, මෙවැනි සංකූලතා ඇතිවීමට ලක්වන අවදානම් කණ්ඩායමක් ලෙස ළමුන් හඳුනාගෙන ඇති බවත් එමඟින් පෙන්වා දී තිබෙනවා.
 
ඒ අනුව, ඉහත සංකූලතාවන්ගෙන් පාසල් දරුවන් ආරක්ෂා කරගැනීමට පහත ක්‍රියාමාර්ග ගැනීම යෝග්‍ය බව ද සෞඛ්‍ය කාර්යාංශය දන්වා ඇති බවයි නිවේදනයක් නිකුත්කරමින් අධ්‍යාපන අමාත්‍යංශය පෙන්වාදෙන්නේ.

නිතර නිතර ජලය පානය කිරීම, සීනි අධික බීම භාවිතයෙන් වැළකීම, එළිමහනේ සිටින විට ඔලුව වැසෙන සේ තොප්පි පැළඳීම, එළිමහනේ ගමන්කරන සෑමවිට ම කුඩයක් පාවිච්චි කිරීම, අනවශ්‍ය පරිදි එළිමහනේ ගැවසීම අවම කිරීම, ලා පැහැති සැහැල්ලු ඇඳුම් ඇඳීම, අධික රස්නය ඇතිවිට මුහුණේ සහ අත්වල වතුර ගෑම, දෛනික ව වඩාත්ම උෂ්ණත්වය වැඩි වන කාල පරාසය වන පෙ.ව. 11.00 හා ප.ව. 3.00, 3.30 තුළ එළිමහනේ අධික දහඩිය දමන ව්‍යායාම නොකිරීමට ද ඒ අනුව උපදෙස් ලබා දෙන ලෙස දැනුම් දී තිබෙනවා.
 
එමෙන් ම,  පාසල තුළ බීමට ජලය ඇති පමණ සපයා තිබීම, හැකිනම් කඩදාසිවලින් සෑදූ අවානක් රැගෙන ඒමට උපදෙස් දීම, විශේෂයෙන් ම පාසල්වල ප්‍රථමාධාර කණ්ඩායම් මේ සම්බන්ධ ව දැනුවත් කර හා පුහුණු කර තිබීම, ළමුන් හා ගුරුවරුන් ද දැනුවත් කිරීම, සෞඛ්‍ය ගැටළු මූලික අවස්ථාවේ දී ම හඳුනාගනිමින් ප්‍රථමාධාර ලබාදීම හා ගැටළුසහගත අවස්ථාවල දී වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම, ශරීරය වියළීම වළක්වා සිසිල් කරගැනීමට පන්ති මට්ටමෙන් ජල බඳුන් තැබීම, පන්ති කාමර සඳහා වාතාශ්‍රය හොඳින් ලැබීමට දොර ජනෙල් විවෘත ව තැබීම, රෝගී තත්ත්වයන් සහිත දරුවන් සුව වන තෙක් පාසලට නොඑවීමට දෙමාපියන් දැනුවත් කිරීම ට ද පාසල් මට්ටමින් පියවර ගත යුතු බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  388 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  1,432 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,168 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  228 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  231 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,636 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  14,309 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,833 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,690 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,874 Downloads



Top 10 Commenters

Latest Comments

Top