Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
11
" මට ඕනෙ මගේ අම්මා එක්ක ජීවත් වෙන්නයි.." - ඓශ්වර්යාගේ අද්භූත පුත්‍රයා යළිත් කර­ළි­යට එයි - Photos

- " මට ඕනෙ මගේ අම්මා එක්ක ජීවත් වෙන්නයි.." - ඓශ්වර්යාගේ අද්භූත පුත්‍රයා යළිත් කර­ළි­යට එයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

36,084 Views
බොලිවුඩ්පුරයට පමණක් නොවෙයි. මුළු ලොවටම රැජනක් වී කිරුළු පැළඳි ඓශ්වර්යා රායි යළි වතාවක් පුත්‍රයකුගේ මවක් බවට පත් වෙලා. පුංචි පුතෙකුගේ නොවෙයි.

වයස 32ක තරුණයෙකුගේ. මෙය සිදුවිය හැකි දෙයක් ද ? තමන් ඓශ්වර්යාගේ පුත්‍රයා යැයි පවසන්නේ ඉන්දියාවේ මැංගලෝර් නුවර පදිංචි සංගීත් කුමාර් නම් වූ තරුණයායි.

ඔහු මීට වසර දෙකකට පෙරත් මේ අයිතිවාසිකම ප්‍රසිද්ධියේ කියා පෑවා. නමුත්, ඔහුගේ කතාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කළ ඓශ්වර්යා, තමන්ට එවැනි පුත්‍රයෙකු නොසිටියේ යැයි අවධාරණය කළා. සංගීත්ගේ කතාවත් මැකී ගියා.

පසුගිය දා ඔහු යළිත් ඒ කතාව ප්‍රකාශ කළේ කිසිදු බියකින් සැකයකින් තොරවයි.

මීට වසර 32 කට පෙර ලන්ඩන් නුවර පරීක්ෂණාගාරයක IVF ක්‍රමය භාවිතා කර වෙනත් කාන්තාවකගේ කුස තුළ පිළිසිඳගත් තමන් මෙලොවට බිහි වූ බව ඔහු කියා සිටිනවා.

එලෙස බිහි වුවද තමන්ගේ මව ඓශ්වර්යා රායි බවයි ඔහු පවසන්නේ. පියා කවුරුන්දැයි ඔහුගෙන් ප්‍රකාශ වන්නේ නැහැ.

මේ අමුතු කතාව සංගීත් විසින් පවසන ලද වීඩියෝව මේ වන විට සමාජ මාධ්‍ය ජාලා වලටත් මුදා හැර තිබෙනවා. ඔහු ඒ බව ප්‍රකාශ කරන්නේ සම්මුඛ සාකච්ඡාවකදී පිළිතුරු දෙන ආකාරයෙන්.

සංගීත් කියන ආකාරයට ඔහු ඉපදී ඇත්තේ 1988 දී. ඒ වන විට ඓශ්වර්යා ගේ වයස අවුරුදු 15ක්. එවැනි වයසකදී ඓශ්වර්යා මවු පදවිය ලැබූ පසුව සංගීත්ව වෙනත් කොහේදෝ පළාතකට ගෙන ගොස් තිබෙනවාලු.

“මට අවුරුදු 2ක් විතර වෙනතුරු මාව ඓශ්වර්යාගේ අම්මයි තාත්තයි රැක බලාගෙන තියෙනවා. ඊට පස්සේ මගේ තාත්තා (වඩිවේලු රෙඩ්ඩි) මාව ඉන්දියාවෙ විශාඛාපට්නම් කියන පළාතට ගෙනිහින්”

සංගීත්ගේ කතාව එතැනින් නවතින්නේ නැහැ. ඔහු ඊට තවත් ආරලු - බුරුලු එකතු කරනවා...

“මගේ නෑදෑයෝ මගේ උප්පැන්න සහතික ඔක්කෝම විනාස කරලා. ඒව තමයි මට තිබුණු හොඳම සාක්ෂි.

මම බලාපොරොත්තු වෙනවා ළඟදීම මුම්බායිවලට ඇවිත් මගේ ‘අම්මා’ ව මුණ ගැහෙන්න. මට මේව කියල කාගෙන්වත් සල්ලි ගන්න වුවමනාවක් නැහැ.

නමුත් මට ඕනෙ මගේ අම්මා එක්ක ජීවත් වෙන්නයි. මට මගේ අම්මාව පහුගිය අවුරුදු ගණනාවක් තිස්සේ මට අහිමි වෙලයි හිටියේ.
මගේ තාත්තා, වඩිවේලු රෙඩ්ඩි මාව විශාඛාපට්නම් වලට අරගෙන ගියාට පස්සෙ මාව අතහැරලා දැම්මා. මට සලකන්න කවුරුවත් හිටියෙ නැහැ”.
සංගීත්ගේ මේ අරුම පුදුම ප්‍රකාශය මීට වසර දෙකකට පෙරදී මෙන් අදත් ඉන්දියාවේ රසික පිරිස් විසින් උපහාසයට ලක්කරමින් බැහැර කර තිබෙනවා.

ඓශ්වර්යා හෝ ඔහුගේ දෙමවුපියන් හෝ මේ ගැන කිසිදු ප්‍රකාශයක් මෙතෙක් සිදු කර නැහැ. මේ පිළිබඳව අදහස් දක්වන ඉන්දීය මනෝ චිකිත්සකයන් කිහිප දෙනෙකු පවසන්නේ මේ පුද්ගලයා කිසියම් මානසික ආබධයකින් පෙ‍ෙළන්නෙකු බවයි.

ඓශ්වර්යා ගේ සැමියා, අභිෂේක් භච්චන් ද මේ අමුතු කතාවට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ. ඔහු ඓශ්වර්යාව විවාහ කර ගෙන ඇත්තේ 2007 දී.

මේ වන විට ඔවුන් දෙදෙනාට අට හැවිරිදි දියණියක (ආරධ්‍යා) සිටින බව ලොවම දන්නවා. තවමත් රංගන ක්ෂේත්‍රයේ දිදුලන තරුවක් වී සිටින ඓශ්වර්යාට නාඳුනන පුද්ගලයන්ගේ අභූත චෝදනාවලට ප්‍රතිචාර දක්වන්න තරම් කාලයක් ඉතිරි වී නැහැ.

විශේෂයෙන්ම තමන්ගේ සුරතල් දියණියගේ කටයුතුවලටත් යොමු වීමට ඓශ්වර්යා අතපසු නොකරන බව ප්‍රකට කාරණයක්. දියණිය ආරධ්‍යාගේ පාසලේ පැවැත්වෙන විශේෂ උත්සව අවස්ථාවන්ට ඇය අභිෂේක් සමඟ සහභාගිවෙනවා.

මෑතකදී එම පාසැලේ පැවති විවිධ ප්‍රසංගයට පුංචි ආරධ්‍යා සහභාගි වුණා. දියණියගේ හපන්කම් බැලීමට අභික්ෂේක් - ඓශ්වර්යා යුවළ පැමිණ සිටියා.

ප්‍රසංගයේ එක් අංගයකට සාම්ප්‍රදායික ඉන්දීය සාරියකින් සැරසී හිසට මල් පළඳාගෙන පෙනී සිටි පුංචි ආරධ්‍යා මෙලෙස ප්‍රකාශ කළේ එක්තරා චරිතයකට ආරූඪ වෙමින්....



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,300 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  961 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,500 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,499 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,879 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,841 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,395 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,519 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  918 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,627 Downloads



Top 10 Commenters

Latest Comments

Top