හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුවෙන් සාක්ෂි විභාගය සඳහා කොළඹ මහාධිකරණය දින නියම කර තිබෙනවා.
ඒ අනුව, අදාළ සාක්ෂි විභාගය ලබන 25 වනදා ආරම්භ කිරීමටයි කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග අද නඩුව කැඳවූ අවස්ථාවේදී නියෝග කළේ.
සාක්ෂි දීම සඳහා එදිනට අධිකරණය හමුවේ පෙනී සිටීම සඳහා සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කරන ලෙසද එහිදී නියෝග කෙරුණා.
2010 වසරේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව කටයුතු කරමින් වසර 5ක් තුල රුපියල් 30 කෝටි හැට දෙලක්ෂයක් උපයා ගෙන මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත යටතේ වරදක් කර ඇති බවට පවසමින් මොහුට එරෙහිව නීතිපතිවරයා මහාධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා.