nyakim gatwech කියන්නේ වයස අවුරුදු 27ක යුවතියක්. ඇය උපන්නේ ඉතියෝපියාවේ Gambela ප්‍රාන්තයේ. ඒ ප්‍රාන්තයේ බහුතරයක් කළු කැත සමකට හිමිකම් කියන අයයි ඉන්නේ. නමුත් ඒ ප්‍රාන්තයේ පිරිසට ඔහුන්ට උපතින් ලැබුණු ලස්සන ගැන හෝ සම ගැන ප්‍රශ්නයක් නැහැ. ඔවුන් ඒ පාටට ආදරේ කරනවා. ඇයත් ඇයට අභියෝගයක් වුනු සමේ වර්ණයත් එක්ක ලෝකයක් එක්කම සටන් කළා කිව්වොත් හරි.
ඒ සටන ආරම්භ වෙන්නේ ඇයට අවුරුදු 14දී. ඒ වෙද්දී ඇය සිය පවුල එක්ක ඇමරිකාවට පදිංචියට එනවා. ඇමරිකාවේ නිව්යෝක් කාලයක් ජිවත් වෙන ඇය දෙමාපියන්ගේ වාසස්ථාන මාරුවත් එක්ක එකතවත් ප්‍රාන්ත දෙකක ජිවත් වෙන්න ඇයට සිදු වෙනවා. පුංචි කාලේ ඉදලම නිරූපිකාවක් වෙන්න හීන දැක්ක ඇයට තමන්ගේ කළු සම අනෙක් අයට කැතම කැත සමක් වෙද්දී ඒ පිරිසෙන් ඇය කොන් වෙනවා. මේ හේතුව නිසාම ලෝකයෙන්ම දිනන්න ඕන කියලා ඇය හිතනවා.
කෙසේ හෝ අවසානයේ ඒ අභියෝගයෙන් ජය ගෙන ලෝකයම දන්න තරුවක් බවට පත් වුණා. අවසානයේ අදුරේ රැජින ලෙස විරුධාවලිය ලබන්න තරම් ඇය වාසනාවන්ත වුණා. 2017 වර්ෂයේ තම විශ්ව විද්‍යාලයේ රූ රැජිණ වූ පසුව ඇය ඇයගේ කළු සම මාකට් කරන්න පටන් ගන්නවා. ඒ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ. instagram ගිණුමට මුදා හරින ඇයගේ අඩනිරුවතට බොහෝ දෙනෙක් ප්‍රතිචාර දක්වන්න පටන් ගන්නවා. instagram හි ජනප්‍රිය තරුවක් බවට පත් වෙන ඇයට අවසානයේ ඇමරිකාවේ නිරූපණ ශිල්පිණියක් ලෙස කටයුතු කරන්න අවස්ථාව හිමි කරගන්නවා.