ඉන්දියාවේ අගනගරය ඇතුළත් දිල්ලි ප්‍රාන්ත සභාවේ ආසන 70ක් සඳහා පසුගිය සෙනසුරාදා පැවති මැතිවරණයේ ප්‍රතිඵල දැන් ප්‍රකාශයට පත් කෙරෙනවා.
ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම අද උදෑසන ආරම්භ වූ අතර එහිදී ආසන 45ක පමණ පෙරමුණ ගැනීමට අරවින්ද් කෙජ්රිවාල්ගේ ආම් ආද්මි පක්ෂය සමත්ව සිටිනවා.
අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ආසන 22ක ඉදිරියෙන් සිටින බවයි නවතම වාර්තා සඳහන් කළේ.
අරවින්ද් කෙජ්රිවාල්ගේ ආම් ආද්මි පක්ෂය දිල්ලි ප්‍රාන්ත සභාවේ බලය 2015 වසරේදී ලබා ගත්තේ දූෂණය තුරන් කොට ජනතාවට සේවය සලසන පාලනයක් ඇති කරන බවට ප්‍රතිඥා දෙමින්.
පසුගිය 5 වසර තුළ ජනතාවට නොමිළේ විදුලිය සහ ජලය සැපයීමටත්, රජයේ පාසල් වැඩි දියුණු කිරීමටත් කෙජ්රිමාල්ගේ පාලනය සමත් වූ අතර, ඔවුන් ආරම්භ කළ මොහොල්ලා හෙවත් වීථි සායන දිල්ලියේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැදගත් ඉදිරි පියවරක් ලෙසයි සැලකෙන්නේ.
කෙසේ නමුත් 2015 දී මෙන් ඔවුන්ට දිල්ලියේ ආසන 70න් 67ක්ම ජය ගැනීමට හැකි වේ ද යන්න අවිනිශ්චිතයි.