කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධම මහා සංඝසභාවේ අනුනායක ධුරය හා ප්‍රධාන ලේඛකාධිකාරී ධුරය හොබවන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය අතිපූජ්‍ය කොටපිටියේ රාහුල අනුනාහිමියන් වෙත බුරුම රජය මගින් භික්‍ෂූන් වහන්සේලාට පිරිනමනු ලබන ඉහළම ගෞරව උපාධිය වන ‘‘අග්ගමහාපණ්ඩිත’’ උපාධිය පිරිනැමීමට තීරණය කොට තිබෙනවා.
ඒ බව පසුගිය දා එරට පැවති නිදහස් දින උළෙලේදී එරට ජනාධිපතිතුමන් විසින් නිවේදනය කොට ඇති අතර එම උපාධිය ලබා ගැනීම සඳහා බුරුමයට වැඩම කරන ලෙස ශ්‍රී ලංකා බුරුම තානාපති තුමන් විසින් උන්වහන්සේ හමුවී ඒ පිළිබඳ නිල ආරාධනාව සිදු කරන ලදී.
ශාසනයේ උන්නතිය වෙනුවෙන් මෙතෙක් උන්වහන්සේ සිදු කර ඇති අධ්‍යාපනික සේවාව අගය කරමින් මෙම උපාධිය පිරිනැමීමට තීරණය කර ඇති අතර වසර සියයකට අධික ඉතිහාසය තුළ එම උපාධිය ලද වයසින් අඩුම භික්‍ෂුව ලෙස ද උන්වහන්සේ වාර්තා වේ.
ස්වකීය ආචාර්ය උපාධිය වෙනුවෙන් කොටපිටියේ රාහුල ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් කරන ලද සද්දසාරත්ථජාලිනි නම් බුරුමයේ ලියැවුණු පාලි ව්‍යාකරණ ග්‍රන්ථය පිළිබඳ අධ්‍යයනය ද විශේෂයෙන් කැලණිය විශ්වවිද්‍යලිය පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ හිටපු අධ්‍යක්‍ෂවරයා ලෙස දහස් ගණනක් බුරුම ජාතික භික්‍ෂූන් වහන්සේලාගේ පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු වෙනුවෙන් උන්වහන්සේ විසින් සිදු කරන ලද විශිෂ්ට සේවාව ද එහි දී විශේෂ සැලකිල්ලට ගෙන තිබෙනවා.
මියන්මාර් රජයේ ජනාධිපතිතුමන් විසින් මෙම උපාධිය පිරිනැමීම පිළිබඳ රාජකීය උත්සවය ලබන මාර්තු මස මියන්මාරයේ වර්තමාන අගනුවරදී සිදු කිරීමට නියමිතයි.