Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



...
Feb
11
අවුරුදු 9කට ‌පෙර ‌කොරෝනා ගැන ‌අනාවැකිය ලොවටම කියූ CONTAGION - Photos & Video

- අවුරුදු 9කට ‌පෙර ‌කොරෝනා ගැන ‌අනාවැකිය ලොවටම කියූ CONTAGION - Photos & VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views
සඳත් අමාවක වෙලා වගේ, මේක නම් මහා අන්ධකාර මූසල රාත්‍රියක්. වෙනදාට මහ රැය වනතුරුත් මිනිස්සු එතැන, මෙතැන යන මනරම් නගරය අද දස අතේ පාළුවට ගිහින්. ඉඳහිට මිනිස් පුළුටක්වත් දකින්න තියෙන්නේ දහවලට විතරයි. ඒත් ඒකත් ‘ලාහෙට ගෙම්බෝ එකතු කරනවා’ වගේ කතාවක්. දෙවියනේ, මේ මහා නගරයට මොකද වුණේ? දැන් මේ නගරයට රැයක්, දවාලක් නැහැ. හිරුත්, සඳුත් විතරයි ඔත්තු බලන්නේ ඉන්නේ

මිනිස්සු දහස් ගණනකගේ ප්‍රාණය යක්‍ෂයා විසින් උදුරාගෙන ගිහින්. සාතන්ට බයේ මිනිස්සු ගුළිවෙලා, හැංගිලා එළියට එන්නේ නැහැ. දෙවියනේ මේ යක්‍ෂයා කළ විනාශය කුමක්ද?

අද අප මිහිතලය මත සැබෑවට දිග හැරී ඇති මෙම ශෝචනීය කතාව නොදන්නා කෙනකු නැති තරම්ය. ‘කොරෝනා, කොරෝනා’ ඒ මහා විප්‍රයෝගයයි. කල්ප විනාශයයි. මේ මාරක කතාව ගැන මෙයට වසර 09කට පෙර ඒ ආකාරයෙන්ම ලොවට කියාපෑ අපූරු සිනමා නිර්මාණයක් ගැන කතා කරන්නටයි මේ හදන්නේ. එදා මේ කලා නිර්මාණය ලොවට දායාද කරන විට මෙවැනි විනාශයක් අනාගතයේදී සිදු වෙතැයි කිසි විටෙක සිතන්නට නැති. මේ සිදුවීම හරියටම ලොවට මහා අනාවැකියක් කිව්වා වගේ එකක්. එනම් මෙම සිනමා නිර්මාණයේ කතාන්දරය අද ලොවට සැබෑවටම සිදුවී අවසානයි.

පාළුවට ගිය අන්ධකාර නගර, උදේ – හවස මැරි මැරී වැටෙන ජීවිත, දැවි දැවී ජීවත්ව සිටින මිනිස්සු මේ ඔක්කොම වසර 9කට පෙර මේ චිත්‍රපටයේ තිබෙන මනඃකල්පිත සිදුවීම්. ඒත් අද ඒ මනඃකල්පිත සිදුවීම් යථාර්ථයක්ම වෙලා. මේක නම් සැබෑම ආශ්චර්යයවත් සිදුවීමක්. ඒ වගතුග දිගහැරෙන්නේ මෙහෙමයි.

‘කන්ටේජියන්’ මෙම ඇමෙරිකානු හොලිවුඞ් සිනමා නිර්මාණයේ නාමයයි.

මෙය 2011 වසරේදී නිර්මාණය කරන ලද චිත්‍රපටයකි. ‘කන්ටේජීයන්’ යන ඉංග්‍රීසි වදනෙහි අරුත වන්නේ බෝවන හෝ පැතිරෙන හෝ වසංගතයක් යන අරුතයි. දක්‍ෂ, සම්මානනීය ඇමෙරිකානු චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු වන ස්ටීවන් සොඩර්බර්ග් විසින් මෙම චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කර ඇත. එනම් ඔහු 2000 වසරේදී හොඳම චිත්‍රපට අධ්‍යක්‍ෂවරයා ලෙස ඔස්කාර් නොහොත් ඇකඩමි සම්මානයෙන් පුද ලැබූ සිනමා නිර්මාණකරුවා වෙයි. එසේම ඔහුගේ මෙතෙක් කළ චිත්‍රපටවලට ඔස්කාර් සම්මාන 7ක් (විවිධ ක්‍ෂේත්‍ර)ම හිමිවී ඇති අතර, 1989 වසරේදී ප්‍රංශයේ කෑන්ස් සිනමා උළෙලේදීද ස්ටීවන් සොඩන්බර්ග් හොඳම අධ්‍යක්‍ෂවරයා ලෙසට සම්මාන ලැබීය.

විනාඩි 106ක කාලයක් පුරා දිවෙන ‘කන්ටේජීයන්’ චිත්‍රපටය ත්‍රාසජනක මෙන්ම, ඉතාමත් අනුවේදනීය රිද්මයක් ඇති සිනමා නිර්මාණයකි. මෙම චිත්‍රපටයෙහි සුවිශේෂිත්වය වන්නේ ‘කොරෝනා’ වයිරසය හරහා සිදුවන මහා ඛේදවාචකයක් ඉතාමත් තාත්විකව විදහා දැක්වීමය. මේ නිර්මාණය සඳහා කතාව ලියූ ඇමෙරිකානු ප්‍රකට ලේඛක ස්කොට් බර්න්ස් එම කාරිය සිතා ගැනීමටත් නොහැකි ආකාරයෙන් අතිශය සාර්ථකව ඉටුකර ඇත. අද වත්මන් ලෝකයේ සිදුවී තිබෙන කොරෝනා ඛේදවාචකයම මෙම චිත්‍රපටයේ කතාව තුළද අන්තර්ගතවීම විටෙක සිතා ගැනීමට පවා අපහසු කරුණක්ය. ඉදිරි ලෝකයට අනාවැකියක් පවසනවා සේ වසර 09කට පෙර නිමවූ එම චිත්‍රපටය අද යථාර්ථයක්වී මුළු ලෝකයම අගාධයකට තල්ලු කර දමා ඇත. එදා මෙම චිත්‍රපටයේ කතාව ලියූ ස්කොට් බර්න්ස් නම් ලේඛකයා තම කාරිය ආවාට, ගියාට කළේ නැත. එනම් ඔහු 2003 වසරේදී ලොව පුරා ව්‍යාප්ත වූ ‘සාර්ස්’ මාරාන්තික වෛරස් රෝගය සහ තවත් වෛරස් වසංගත ගැන දැඩි අධ්‍යයනයක් සිදු කළේය.

එතැනින් නොනැවතුණු ස්කොට් බර්න්ස් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සිටින වෛරස් රෝග විශේෂඥයන් දෙදෙනකු වන ඉයන් ලිප්කින් සහ ලෝරන්ස් බි්‍රලියන්ට් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කළේය. එම විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනා ලේඛකයාට බොහෝ කරුණු ගැඹුරින්, එසේම මනාව පැහැදිලි ලෙසද කියා සිටියහ. එම කරුණු සහ තමන් සොයාගත් කරුණුද ආශ්‍රිත කරගෙන ඔහු මනඃකල්පිත කතාවක් ගොඩනැඟුවේය. චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ ස්ටීවන් සොබර්බර්ග් ද කතාව දුටු විට මහත් තිගැස්මකට පත්ව, මෙය අතිශය තාත්වික කතාවක් යැයි පවසමින් චිත්‍රපටය නිර්මාණය කිරීමට පියවර ගත්තේය. එහෙත් තවත් වසර 9කට පසුව ලෝකයේ සිදුවන්නේ මේ කතාන්දරයම යැයි ඔවුන් මොහොතකටවත් සිතන්නට නැතිය.
‘කන්ටේජීයන්’ චිත්‍රපට කතාව සිදුවීම් රැසක් ඇති කතාන්දරයක් වන අතර, එය සාරාංශ වශයෙන් මෙසේ ගෙනහැර දැක්විය හැකිය.

‘බෙත් එම්හොෆ්’ නමැති ඇමෙරිකානු ව්‍යාපාරික කාන්තාව තමන්ගේ යම් ව්‍යාපාරික කටයුත්තක් සඳහා හොංකොං දේශයට යන්නීය. ඇය එම රටෙහි දින කිහිපයක් ගතකර නැවැත ඇමෙරිකාවට පැමිණෙන විට යම් උණ රෝගී තත්ත්වයකින් පෙළෙන බවක් පෙනෙන්නට තිබිණි. එහෙත් එය එතරම් උත්සන්න තත්ත්වයක් නොවූ හෙයින් ඇය තමන්ගේ පවුලේ සාමාජිකයන් ළඟට යෑමට පෙර, තමන් මින් පෙර ඇසුරු කළ පෙම්වතකු හමුවීමටද චිකාගෝ නුවරට යන්නීය. ඇය පවුලේ සාමාජිකයන් වෙත යන්නේ පසුව වන අතර, ඒ වන විට ඇයගේ උණ රෝගය යම් උත්සන්න තත්ත්වයකට පත්ව තිබිණි.’

‘බෙත් එම්හොෆ්ගේ පෙර කසාදයේ සය හැවිරිදි පිරිමි දරුවා වන ක්ලාක් ද ඇය සමඟ වාසය කරයි. එහෙත් දින දෙකක් ගතවෙත්ම එම දරුවාද උණ රෝගයෙන් පෙළෙන්නට වි පාසලෙන් ගෙදර එවූයේය. බෙත්ගේ තත්ත්වයද උත්සන්නවී තිබිණි. ඇයගේ වත්මන් කසාදයේ සැමියා වන මිච් එම්හොෆ් වහාම ඇය රෝහල්ගත කරයි. එහෙත් තවත් දින දෙකකින් ඇය හදිසියේම මරණයට පත් වන්නීය. එහෙත් මෙම මරණයට හේතුව කුමක් දැයි වෛද්‍යවරුන් නොදනියි. ඒ සමඟම තවත් දින දෙක තුනකින් සැමියා දකින අනෙක් දුක්ඛිත දසුන වන්නේ තම වත්මන් කසාදයේ බිරියගේ පෙර කසාදයේ දරුවා වූ ක්ලාක් ද නිවෙස ඇතුළත මියගොස් සිටින අයුරුයි. මෙය අතිශය භයානක රෝගී තත්ත්වයක් බැව් වෛද්‍යවරු පවසති. එහෙත් මෙම අසනීපය මිච්ට නොසෑදෙයි. එයට හේතුව ඔහුගේ ප්‍රතිදේහ බලගතු යැයි පැවසෙන අතර, ඒ වන විට වෙනත් ස්ථානයක අධ්‍යාපනය ලබන ඔවුන්ගේ තරුණ දියණිය නිවෙසට පැමිණෙයි. කෙසේ හෝ අවසානයේ බිරිය වූ බෙත් එම්හොෆ් විසින් ඇසුරු කළ කිහිප දෙනකුම මෙම භයානක රෝගය වැලැඳී ඔවුන්ගෙන් තවත් පිරිස්වලටද රෝගය ව්‍යාප්ත වෙයි. අවසානයේදී ඇමෙරිකාවේ නගර ගණනාවක මෙම භයානක වසංගත රෝගය පැතිරෙන අතර, මිනිසුන් සිය දහස් ගණනින් මරණයට පත් වන්නට ගනියි.’

මෙය කතාවේ සරල අන්තර්ගතය වුවත්, තවත් ප්‍රබල සිදුවීම් දාමයකින් මෙම චිත්‍රපටය වෙළාගෙන බොහෝ ත්‍රාසජනක ආකාරයෙන් කතාව ගලාගෙන යයි. මෙසේ වසංගත රෝගය සෑදී මිනිසුන් මිය යන විට එම වෛරසයට හේතුව කුමක් දැයි සෙවීමට පර්යේෂකයෝ විවිධ පර්යේෂණ සිදු කරති. එක් මහාචාර්යවරයකු පවසා සිටින්නේ රහසිගත ජීව විiාත්මක අවියක් නිෂ්පාදනය කිරීමට ගොස් වැරැදීමකින් මෙම වෛරසය ලොවට මුදාහැරුණු බැව්ය. තවත් පර්යේෂකයන් පිරිසක් පවසා සිටින්නේ වවුලන් සහ ඌරන්ගෙන් මෙම වෛරසය පැමිණි බැව්ය.

දැන් මේ ඉහත මත දෙකම දෙස අවධානයෙන් බලන්න. වසර 9කට පෙර මෙම චිත්‍රපටයට මනඃකල්පිතව සිතූ එම සිදුවීම් දැන් යථාර්ථයක්වී සත්‍ය ලෙසම සිදුවෙයි. එනම් දැනට තිබෙන කොරෝනා වෛරසයද ඇති වූයේ ජීව විiාත්මක අවියක් නිපදවීමට සිදු කළ රහසිගත පර්යේෂණයකින් යැයි ඊශ්‍රායල මහාචාර්යවරයකු පසුගියදා පවසා සිටියේය. එමෙන්ම තවත් චීන පර්යේෂකයන් පිරිසක් පවසා සිටියේ මෙවර මෙම කොරෝනා වෛරසය සතුන්ගෙන් බෝවුණු එකක් බැව්ය. එදා චිත්‍රපටයේ දසුන්ම අද සත්‍යයක් වී ඇත. එසේම එන්නත් සහ ඖෂධ සොයා ගැනීමට වෙහෙස දරන විශේෂඥයන්ගේ දසුන්ද අද සත්‍ය යථාර්ථවාදී ඒවා බවට පත්වී ඇත.

මේ ආකාරයට ‘කන්ටේජීයන්’ චිත්‍රපටයේ කතාව 90%ක්ම වත්මන් කොරෝනා ඛේදවාචකය හා සමානය. තවත් යථාර්ථයක්ම වී අතිශය තාත්වික ලෙස දැකිය හැකි දසුන් වන්නේ, ජනතාව නොමැතිව මහා පාළුවට ගිය නගරය. අද වූහාන් නගරයේ දසුන්ද මේ ආකාරයෙන් අපට දැකිය හැකිය. එදා චිත්‍රපටයේ මෙන්ම අද එම නගර සත්‍ය ලෙසම පාළු සොහොන් පිටි බවට පත්වී ඇත. අන්ධකාරයේ නගර බවට පත්වී ඇත. සිදුවීම් රැසක් ගෙවී ගොස් මෙම චිත්‍රපටයේ කතාවේ අවසානයේදී මෙම භයානක කොරෝනා වෛරසය ලොවට බිහිකළ හොංකොං දේශයටද ගොස් වෛද්‍ය පර්යේෂකයෝ පර්යේෂණ පවත්වති. එහිදී සොයා ගැනීමට හැකි වන්නේ වවුලන් සහ ඌරන් ඇසුරු කරගෙන මෙම කොරෝනා වෛරසය ඇති වුණු බැව්ය. අද පවතින කොරෝනා වෛරසයද චීන නාගයන් සහ වවුලන් ඇසුරු කරගත් එකක් යැයි පර්යේෂණ කණ්ඩායම් සොයාගෙන ඇත. මේ ආකාරයට එදා චිත්‍රපටයේ මනඃකල්පිත ලෝකය අද ඇස් පනාපිට යථාර්ථයක් බවට පත්වී ඇත. එදා මෙම සිනමා නිර්මාණය බොහෝ බුද්ධිමත් අයුරින් නිර්මාණය කිරීමට වටාපිටාව සකසාගත් හෙයින් අද එය වාර්තාගත සලකුණක් වී ඇත.

විවිධ භයානක රෝග වසංගතයක් ගැන ලෝකයේ මේ වන විට චිත්‍රපට 10ක් පමණ නිර්මාණය වී ඇත. එහෙත් ‘කන්ටේජීයන්’ සිනමා නිර්මාණය තරම් ඒ එකක්වත් තාත්ත්වික නොමැති යැයි අද ‌වෛද්‍ය විද්වතුන් රැසක්ම ප්‍රකාශ කර ඇත. මෙම සිනමා නිර්මාණය එකල නිෂ්පාදනය කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 60ක් වැයවී ඇති අතර, එය ප්‍රදර්ශනයෙන් පසුව ඩොලර් මිලියන 135.5ක සුවිශාල ආදායමක් ලැබීය. මෙය බොක්ස් ඔෆීස් වාර්තාවකි. එසේම මෙය දැනට වසර 09කට පසුව නැවැත වතාවක් ලෝකයේ ජනතාව විසින් මහත් උනන්දුවකින් නරඹන බැව් වාර්තාගත වන අතර, දැනට ඇමෙරිකාවේ ‘ටොප් ටෙන්’ චිත්‍රපට අතරටද පත්වී ඇත. මෙහිදී අපූරු කතාවක් ලෙස වාර්තා වන්නේ හොඳම චිත්‍රපට දහය අතරට ඇති අනෙක් චිත්‍රපට නවයම පසුගියදා ලොව පුරා ප්‍රදර්ශනය කෙරුණු නවතම චිත්‍රපට වීමය. එනම් මෙසේ පැරැණි චිත්‍රපටයක් එම චිත්‍රපට ගොන්න අතරට පත්වීම ප්‍රථම වතාවට සිදුවී ඇති සිද්ධියක් බැව් මාධ්‍ය වාර්තා කර ඇත. ඒ හෙයින් පෙනී යන්නේ මෙම චිත්‍රපටය ජනතාව විසින් කොපමණ ආකර්ෂණය කර ඇතිද යන්නය.

‘කන්ටේජීයන්’ චිත්‍රපටය ලොව තවත් ජනප්‍රිය වන්නට හේතු වී ඇත්තේ එහි අතිශය සුප්‍රකට, දක්‍ෂ නළු නිළියන් රැසක් රඟපෑමද හේතුවෙනි. මෙහි මිච් එන්හොෆ් නමැති ප්‍රධාන පිරිමි රංග භූමිකාව රඟන්නේ ඔස්කාර් සම්මානලාභී හොලිවුඞ් රංගන ශිල්පියකු වන මැට් ඩැමෝන් විසිනි. එසේම ප්‍රධාන නිළි චරිත දෙකක් රඟපාන්නේද ඔස්කාර් සම්මානලාභී රංගන ශිල්පිනියන් දෙදෙනකු වන ග්වෙන්ත් පැල්ත්‍රෝ සහ කේට් වින්ස්ලට් විසිනි. මේ හෙයින් එම සිනමා නිර්මාණයේ තාත්විකත්වය තවත් උද්දීපනයකට පත්ව ඇත.

මෙම මහා සිනමා නිර්මාණයේ කතාවේ ආකාරයට ලොව රටවල් 30ක පමණ මෙම කොරෝනා වසංගතය අතිශය භයානක ලෙස පැතිරෙන අතර, ඉන් ලොව වටා මිය යන පිරිස මිලියන 2.5ක් (ලක්‍ෂ 25ක්) පමණ වෙයි. කෙසේ හෝ අද කොරෝනා වසංගතය එවැනි තත්ත්වයකට තවම පත්වී නොමැත.

ප්‍රියන්ත ‌හෙට්ටිගේ








Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top