Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
11
"මම හිතුවේ පුතා ළග කඩේකට ගියා කියලා.." - අහුන්ගල්ලේදී දුම්රියේ ගැටුණු 17 හැවිරිදි සිසුවිය මියයයි

- "මම හිතුවේ පුතා ළග කඩේකට ගියා කියලා.." - අහුන්ගල්ලේදී දුම්රියේ ගැටුණු 17 හැවිරිදි සිසුවිය මියයයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,794 Views
දාහත් හැවිරිදි පාසල් දැරියක් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අහුන්ගල්ල ප්‍රදේශයේදී දුම්රියක ගැටීමෙන් බරපතළ තුවාල ලබා ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇතැයි කරාපිටිය රෝහලේ පැවැති හදිසි මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබෙනවා.

නිවෙසේ සිට අසල ඇති වෙළෙඳසලකට යෑම සඳහා දුම්රිය මාර්ගය දිගේ පාගමනින් යමින් සිටියදී ඇය මෙම අනතුරට ලක්ව ඇති බවයි සදහන් වන්නේ. මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ සුද්දමිචාරි සඳුනි නෙත්මිණී (17) නමැති වැලිකන්ද අහුන්ගල්ල ප්‍රදේශයේ පදිංචි දැරියක්. මියගිය සිසුවියගේ හදිසි මරණ පරීක්ෂණය ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය බී.ජී.එන්. කරුණාතිලක මහතා කරාපිටිය ශික්ෂණ රෝහලේදී පවත්වනු ලැබූ බවත් සදහන්.

මියගිය සිසුවියගේ මව වන ඊෂ්මරාහරි ලලිතා (48) නමැත්තිය හදිසි මරණ පරීක්ෂණයේදී සාක්ෂිදෙමින් කියා සිටියේ,

“මියගොස් ඇත්තේ මාගේ ලොකු දරුවා. මට දරුවන් තිදෙනකු ඉන්නවා. දුවයි පුතාලා දෙන්නයි. මගේ ලොකු දුව අහුන්ගල්ල රාජපක්ෂ මහ විද්‍යාලයේ උසස් පෙළ හැදෑරුවා. 29 වැනිදා ඇය පාසල් ගොස් ගෙදර ඇවිත් හිටියා. දහවල් ආහාර ගත්තේ නැහැ. මා දැක්කා ඇය ඇගේ ජංගම දුරකථනය ඔබ ඔබ වාඩිවෙලා ඉන්නවා. පසුව ඇය ‘අම්මේ මම කඩේට ගිහින් එන්නම්’ කියලා නැඟිටලා ගියා. මා ඇසුවා මොනවා ගන්නද යන්නේ කියලා. බඩුවක් ගන්න කියලා කීවා. මා සිතුවේ ඇය ළඟම ඇති කඩයට ගොස් ඇති බවයි.

ටික වේලාවකින් ගෙදර දුවගෙන ආ ළමයෙක් කීවා දුව දුම්රියේ ගැටී ඇති බව. බළපිටිය රෝහලට ගොස් දුව බැලුවා. ඇය කතා කළේ නැහැ. එම අවස්ථාවේම කරාපිටිය රෝහලට මාරු කළා. හිසට සැත්කමක්ද කළා. දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී දුව මියගියා.

ඉදිරිපත් වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරීක්ෂකවරයා දුම්රියේ ගැටීමෙන් හිසට හා මොළයට වූ තුවාල නිසා මරණය වී ඇති බවට තීන්දු කළා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  383 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  1,424 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,164 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  228 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  228 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,633 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  14,275 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,833 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,668 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,874 Downloads



Top 10 Commenters

Latest Comments

Top