Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
10
අධ්‍යාපන ක්‍රමය වෙනස් කළයුතු බව ජනාධිපති කියයි - Video

- අධ්‍යාපන ක්‍රමය වෙනස් කළයුතු බව ජනාධිපති කියයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,573 Views
ශීඝ්‍ර ආර්ථික සංවර්ධනයකට ඉවහල් වන පරිදි අධ්‍යාපන ක්‍රමය වෙනස් කළයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.

ඒ, අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදියි.

මෙම සාකච්ඡාව පැවැත්වුණේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ නිලධාරීන් සහ උපකුලපතිවරුන් සමඟයි.
 

එහිදී ජනාධිපතිවරයා ඔවුන්ට උපදෙස් ලබා දුන්නේ දේශීය හා විදේශීය රැකියා වෙළෙඳපොළට ගැලපෙන අයුරින් විශ්වවිද්‍යාල විෂය නිර්දේශය සංශෝධනය සඳහා කඩිනම් පියවර ගන්නා ලෙසයි.

පාසලේ සිට උපාධිය දක්වා සෑම දරුවෙකුටම නායකත්වය පිළිබඳ පරිචයක් සහ අභියෝග ජය ගැනීමේ හැකියාව ලබාදීම වැදගත්කම බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දී තිබෙනවා.

ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, විශ්වවිද්‍යාල පාඨමාලා, රැකියා වෙළෙඳපොළට ගැලපෙන අයුරින් සකස් කිරීමේදී දේශපාලන කණ්ඩායම් හෝ සුළු පිරිසකගෙන් එන විරෝධතා සැලකිල්ලට නොගත යුතු බවයි.

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

අවශ්‍ය නම් ජනමත විමසුමකට හෝ ගොස් එම ප්‍රතිපත්තිය සකස් කළ යුතු බවත්, එවිට ආණ්ඩු හෝ ඇමැතිවරු මාරු වනවිට ප්‍රතිපත්ති වෙනස් නොවනු ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නීතිවේදී පාඨමාලාව හදාරන සිසුන්ට නීති විද්‍යාලයේ පනවා ඇති ඇතැම් රෙගුලාසි ඉවත් කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දුන් බවයි.

මේ අතර, ජනාධිපතිවරයා අද පස්වරුවේ වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට ද එක්වුණා.

මේ අතර අග්‍රාමාත්‍යවරයා, අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන්, වෙනුවෙන් පෞද්ගලික කාර්ය මණ්ඩල නිලධාරීන් විසින් රාජ්‍ය කටයුතු ව්‍යාපෘති හෝ වෙනත් මුල්‍ය ගනුදෙනු සදහා ලිපි හෝ දුරකථන ඇමතුම් ලබාදීම වැලැක්වීමට වහාම කටයුතු කරන ලෙස ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා නියෝග කර තිබෙනවා.

දූෂණ චංවා, අක්‍රමිකතා හා බලය අනිසි ලෙස පරිහරණය කිරීම වැළැක්වීමේ අරමුණින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව නිකුත් කළ අදාල චක්‍ර ලේඛයක් මගින් වැඩිදුරටත් දන්වා ඇත්තේ එවැනි කටයුතු මින් පෙර සිදුව ඇතිනම් ඒවා නිවැරදි කරන ලෙසයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,710 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  696 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  15,319 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,830 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,597 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,625 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  8,332 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,054 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  839 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,489 Downloads



Top 10 Commenters

Latest Comments

Top