Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
10
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පිහිටුවන නව සන්ධානයේ නම ‘‘ජාතික සමගි සන්ධානය“ද ලාංඡනය ‘‘හදවත“ද? - Video

- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පිහිටුවන නව සන්ධානයේ නම ‘‘ජාතික සමගි සන්ධානය“ද ලාංඡනය ‘‘හදවත“ද? - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,311 Views
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවන නව සන්ධානය සම්බන්ධයෙන් අද පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ද එකඟතාවයකින් තොරව අවසන් වුණා.

මේ අතර, දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ‘‘ජාතික සමගි සන්ධානය“නමින් නම් කර ඇති අදාළ නව සන්ධානයේ ලාංඡනය ලෙස ‘‘හදවත“ තෝරා ගෙන ඇති බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් නව සන්ධානය පිහිටුවීමට අදාළ තොරතුරු මැතිවරණ කොමිෂන් සභාව වෙත අද දිනයේ ඉදිරිපත් කර තිබෙනවා.
 

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ‘‘ජාතික සමගි සන්ධානය“ ලෙස නම් කර ඇති එහි ලාංඡනය ලෙස ‘‘හදවත“ තෝරා ගෙන ඇති බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී මැතිවරණ කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ නව සන්ධානයක් පිහිටුවන්නේ නම් දැනට ලියාපදිංචි දේශපාලන පක්ෂයක් මගින් එය කළයුතු බවත්, දැනට ලියාපදිංචි දේශපාලන පක්ෂයක තනතුරු වෙනස් කිරීමක් සම්බන්ධයෙන් අද දින තම කොමිෂන් සභාවට ලිපියක් ලැබී ඇති බවයි.

මේ අතර, විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන නව සන්ධානය සහ එහි මහ ලේකම්වරයා පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පස්වරු 4.00ට සිරිතොක පක්ෂ මූලස්ථානයේදී කැඳවා තිබුණා.

අවසන් වරට පසුගිය 30 වැනිදා පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරුන් 14 දෙනෙකු වර්ජනය කළා.

ඒ, තම පාර්ශ්වය නියෝජනය කරන කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් සිව්දෙනෙකු ඉන් ඉවත් කිරීම හේතුවෙන්.

එලෙස ඉවත් කරන ලද ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆෝන්සේකා මහතා අද පැවැත්වෙන පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ පළ කළේ මෙවන් අදහසක්.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා ද අද පෙරවරුවේ පැවසුවේ සරත් ෆෝන්සේකා මහතා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගි නොවනු ඇති බවයි.

කෙසේ වෙතත්, සරත් ෆෝන්සේකා මහතා අද පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණෙන අයුරු දක්නට ලැබුණා.

කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා ද අද සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණ සිටිමුත් ඔහු සහ සරත් ෆොන්සේකා මහතා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට එක්ව නැහැ.

සිටි අතර කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කරන ලද ඉම්තියාස් බාකීර් මාකර් මහතා සහ රෝසි සේනානායක මහත්මිය අද කෘත්‍යාධිකාරී මණ්ඩලයට සහභාගි නොවූ අතර අප කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ තමන්ට කැඳවීමක් නොලැබුණු බවයි.

මේ අතර, අද පැවැති රැස්වීම අතරතුර නව සන්ධානයේ ලාංඡනය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති අතර, එහිදී සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායමක් සිය විරෝධය පළ කරමින් ඉන් පිටව ගොස් තිබෙනවා.

පැය දෙකකට ආසන්න කාලයක් පැවති රැස්වීමෙන් පසුව ඊට එක්වූ නියෝජිතයින් මාධ්‍යයට අදහස් පළ කළා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  390 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  1,436 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,168 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  228 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  232 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,637 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  14,313 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,833 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,690 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,874 Downloads



Top 10 Commenters

Latest Comments

Top