Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
10
"සමහර වෙලාවට එයා මාව හම්බවෙන්න එන්න අහද්දී මම බොරු කියනවා..." - සිනෙති අකිලා සිය පෙම්වතා ගැන කියයි

- "සමහර වෙලාවට එයා මාව හම්බවෙන්න එන්න අහද්දී මම බොරු කියනවා..." - සිනෙති අකිලා සිය පෙම්වතා ගැන කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,083 Views
" මගේ හිතේ එයා ගැන කැමැත්තක් තිබ්බට කියා ගන්නත් බැරුව හිටියේ.."

"ෆෝන් එක තිබ්බම මටත් අප්සට්.."

මේ අවුරුද්ද මට වැදගත්. විශේෂ අවුරුද්දක්. මගේ ජීවිතේ හීනයක් විදිහට තිබුණු දෙයක් ඉෂ්ට වෙන්නයි යන්නේ. ඒ තමයි මගේ විවාහය. විවාහය දැන් ඉතාම ළඟයි.

සිනෙති තමන්ගේ ජීවන සහකාරයා කරගන්න තෝරාගත්ත කෙනා කවුද කියලත් කියමු නේද?
එයාගේ නම සහන් මානගේ. එයා කලා ක්ෂේත්‍රයේ කෙනෙක්. ඒ වගේම ව්‍යාපාරිකයෙක්.

සිනෙතිට ඕන තරම් තරුණයෝ මුණගැහිලා ඇතිනේ. ඒ අතරින් සහන්ව විශේෂ වුණේ කොහොමද?
සහන් අයියා ජිම් එකේ මගේ පුහුණුකරු. ඉතිං මම එයාට බයයි. එයා මගේ ගුරුවරයා වගේනේ. ඉතිං එයා කියන්න තියෙන දේ කෙළින් කියනවා. මම එයාගේ ඇස්වලට ගොඩක් කැමැතියි. ඒ වගේම ඒ උස, මහත පෙනුමටත් කැමැතියි.

ඒ කියන්නේ සිනෙති හීන දැක්කෙත් සහන් වගේ කෙනකුටද?
ඔව්. එයාට හොඳ පෞරුෂයක් තියෙනවා. මම ගොඩක් සුදු අයට ආස නැහැ. සහන් අයියා ගොඩක් සුදු නැහැ. මම එයා වගේ කෙනෙක්ට තමයි කැමැත්තෙන් හිටියේ.

එහෙනම් සහන්ගේ ආදර යෝජනාව සිනෙති එකපයින්ම භාරගන්න ඇති?
ඇත්තටම එහෙම එකපයින් ආදර යෝජනාව පිළිගත්තේ නැහැ. මොකද මම එයාට බයයි. එයා ආදරය ප්‍රකාශ කරද්දී මම එයාට කිව්වා “පිස්සුද අයියේ, මට ඔයාව අයියා වගේ. එතැනින් එහා දෙයක් හිතුවේ නෑ” කියලා. කැමැත්තක් තිබ්බත් කෙනෙක් ඒ වෙලාවෙම කැමැතියි කියන්නේ නෑනේ. මම එහෙම කිව්ව ගමන් අයියා මට කිව්වා ආහ් හරි නංගි, ඒ ගැන හිතන්න එපා. මම තියන්නම් එහෙනම් කියලා ෆෝන් එක තිබ්බා. එහෙම ෆෝන් එක තිබ්බම මටත් අප්සට්. එදායින් පස්සේ අපිට ලොකුවට කතා කරන්න ලැබුණෙත් නෑ.

එතකොට ඒ ආදර කතාවට ආයෙත් පණ ලැබුණේ කොහොමද?
ටික දවසක් ගියාම අයියා හොස්පිට්ල් නවත්තලා කියලා මට ආරංචි වුණා. මටත් එයාට කතා කරන්න ඒක හොඳ අවස්ථාවක්නේ. මම ඉතිං එයාට දුරකථන ඇමතුමක් දුන්නා. එයා මට කිව්වේ නංගි මම හොස්පිට්ල් එකේ ඉන්නේ. පස්සේ ගන්නම් කියලා. එයත් ඉතිං හරි ගනන්. ඊට පස්සේ ඉතිං සැරින් සැරේ එයාගේ සැපදුක් අහන්න කතා කළා. ඒත් එයා මාව වැඩිය ගණන් ගත්තේ නෑ. මගේ හිතේ එයා ගැන කැමැත්තක් තිබ්බට කියා ගන්නත් බෑ. මම එයාට බයේ ඉන්නේ කියලා එයාට තේරුණා. සමහර වෙලාවට එයා මාව හම්බවෙන්න එන්න අහද්දී මම බොරු කියනවා. මට එයාව හම්බෙන්න බයයි. දවසක් අයියා මට බැන්නා 'නංගි මම ඔයාට කතා කළේ වෙන කෙල්ලො හොයාගන්න බැරුව නෙමෙයි, මොකටද මට බයවෙලා ඉන්නේ කියලා. ඉතිං ඊට පස්සේ තමයි මම අයියව මුණගැහුණේ. කාලයත් එක්ක අපේ ආදර කතාව මේතාක් දුර ආවා.

ඔය ආදර කතාවට දැන් කොච්චර කාලයක්ද?
සිරිපැරකුම් චිත්‍රපටය කරන කාලෙදි තමයි මම සහන් අයියව හඳුනා ගත්තෙ. ජිම් යද්දී තමයි සහන් අයියව මුණ ගැහුණේ. එයා මගේ පුහුණුකරු. අපේ ආදර සම්බන්ධයට අවුරුදු හයක්, හතක් විතර වෙනවා.

සහන් කියන්නේ හරිම තෝරා ගැනීම කියලා සිනෙති හිතනවද?
ඔව්. අපිට සමහර දේවල් තේරෙන්නේ නෑනේ. මගේ ගොඩක් මෝඩ වැඩ තියෙනවා. ඉතිං ඇත්තටම අයියා මට ලොකු හයියක්. අයියයි මගේ අම්මයි තමයි මට ඉන්නේ. මට අයියව පුදුම විශ්වාසයි. මම හරිම කෙනා තෝරා ගත්තේ කියලා හිතනවා.

ඔය ආදර කතාවට බාධා ආවෙම නැද්ද?
මගේ පවුලේ අය අයියගේ පවුලේ අය ගැන දන්නවා. ඒ නිසා අපේ ආදර කතාවට බාධාවක් ආවේ නැහැ.

සිනෙතිගේ කලා කටයුතුවලට සහන් තහංචි දාන්නෙත් නැද්ද?
නැහැ. එයත් මේ ක්ෂේත්‍රයේ ඉන්නවනේ. අපේ ක්ෂේත්‍රයේ අයව එයා හඳුනනවා. ඒ ඒ අය එක්ක ඉන්න ඕන විදිහ එයා මට කියනවා. මමත් හරි දේ තෝරලා වැඩ කරනවා කියලා එයා දන්නවා. මට සෝමරත්න දිසානායක මහත්මයා සහ රේණුකා බාලසූරිය මහත්මියත් හරි දේ තෝරලා දෙනවා. ඒ නිසා මම කලා කටයුතුවලට සම්බන්ධ වෙනවට එයාගේ අකැමැත්තක් නෑ.

එහෙනම් විවාහ වුණාට පස්සේ සහන් සිනෙතිව ගෙදරට කොටු කරන එකක් නෑ නේද?
එහෙම වෙන්නේ නෑ. සමහරු හිතනවා විවාහ වුණාට පස්සේ රංගන ශිල්පිනියන් වැඩවලට එන එකක් නෑ කියලා. ඒ නිසා එහෙම හිතලා සමහරු ඒ ශිල්පිනියන්ට වැඩවලට කතා කරන්නේ නෑ. මට නම් රංගනයෙන් ඉවත් වෙන්න අදහසක් නෑ.

විවාහ ජීවිතයේදී වගකීම් වැඩියි. ඒ වගකීම් දරන්න සිනෙතිට පුළුවන් වෙයිද?
ඒ ගැන නම් බයෙන් ඉන්නේ. හැබැයි මම අයියා ගැනත් දන්නවා. එයා අපේ ගෙදරට ආවත් පිටකෙනෙක් වගේ නෙමෙයි ඉන්නේ. එයාගෙන් මට හැමදේටම සහයෝගය ලැබෙයි කියලා හිතනවා. අපි දෙන්නම කාර්යබහුල දෙන්නෙක්. දෙන්නට දෙන්නා සහයෝගයෙන් වැඩ කරද්දී හරිම ආදරණීයයි. මම පුළුවන් උපරිමයෙන් මගේ වගකීම් ඉෂ්ට කරනවා. සහන් අයියත් විවාහයෙන් පස්සේ මට මේ වගේම සහයෝගය දෙයි. ඕනෑ දෙයකට හැඩගැහෙන්න කාලයක් යයි. නමුත් අපිට ඒ ජීවිතේට හැඩ ගැහෙන්න අමාරු වෙන්නේ නැති වෙයි. මට හොඳට උයන්නත් පුළුවන්. සහන් අයියා ඇඟ හදන නිසා එයා කන්නෙත් තෝරාගත්ත කෑම. හරි ලේසියෙන් ඒ කෑම හදලා දෙන්නත් පුළුවන්.

විවාහ උත්සවය කොයි විදිහටද සැලසුම් කරලා තියෙන්නේ?
තව සති දෙක තුනක් වගේ තමයි විවාහය වෙනුවෙන් තියෙන්නේ. මම එදාට උඩරට ඇඳුමින් සැරසෙනවා. මගේ ප්‍රතිරූපයට ගැළපෙන්නේ කැන්ඩියන් එක. අපේ වෙඩින් එකේ ප්ලෑනර් තමයි මාධවී වත්සලා. එයා ඇත්තටම අපේ වෙඩින් එකට ලොකු සහයෝගයක් දෙනවා. එයා නැත්නම් මට මේ වැඩ ටික හරියට කරන්න බෑ. එයා එයාගේ ඇඟට බර අරගෙන ඒ සියලු දේ මට සංවිධානය කරලා දෙනවා.

මාධවී ඔබේ විවාහයේ සැලසුම් ශිල්පිනිය කරගත්තේ යෙහෙළියක් නිසාද?
අපි හොඳ යාළුවෝ. ඒ වගේම අසල්වැසියෝ. එයාගේ විවාහය තිබ්බෙත් ගිය වසරේ. ඇයට මේ සම්බන්ධ අත්දැකීමක් වගේම දැනුමක් තිබෙනවා. මේක හරියට කරගන්නේ කොහොමද කියලා හිත හිත ඉද්දී ඇය කිව්වා එයා තමයි මගේ වෙඩින් එකේ ප්ලෑනර් කියලා. දැන් මට කිසිම බයක් නෑ. ඇය සියලු දෙයට මට උදවු කරනවා.

විවාහය ළඟ නිසා රංගන කටයුතුවලට විරාම තියලද තියෙන්නේ?
ජනවාරි, පෙබරවාරි මාසේ වැඩ භාරගත්තේ නෑ. කරමින් හිටපු නාට්‍යයකත් වැඩ ටික දවසකට නැවැත්තුවා. සෝමරත්න දිසානායක මහත්මයා අධ්‍යක්ෂණය කළ 'සුනාමි' චිත්‍රපටයේ පොඩි චරිතයක් මම කළා. දැන් එය තිරගත වෙනවා. ඒ චිත්‍රපටයේ පොඩි චරිතයක් හරි කරන්න ලැබීම වටිනවා.

සිනෙති සිනමාවටද? පුංචි තිරයටද? වැඩි බර තියන්නේ?
මම කැමැති සිනමාවට. සිනමාව වෙනුවෙන් තමයි මට වැඩිපුර වැඩ එන්නෙත්. මම සම්බන්ධ වුණ චිත්‍රපට හතරක්, පහක් තිරගත වුණා. තව චිත්‍රපට හතරක් විතර තිරගත වෙන්න තියෙනවා. තිරගත වෙන්න තියෙන වෙස්සන්තර රජ දවස චිත්‍රපටයේ මම රඟපාන්නේ මන්ත්‍රිදේවියගේ චරිතය. මම පුංචි තිරය මඟහැරලා නැහැ. පුංචි තිරයෙත් කළ නිර්මාණ කිහිපයක් විකාශය වෙන්න තියෙනවා.

සිනෙති කලා ක්ෂේත්‍රයේ යෙහෙළියන් ගොඩක් ආශ්‍රය කරනවාද?
මම යාළුවෝ ආශ්‍රය කරද්දී තෝරන්නේ බේරන්නේ නෑ. මගේ හිතට අල්ලනවා නම් මම ඒ කෙනාව ආශ්‍රය කරනවා. මම සාමාන්‍යයෙන් කතා කරනවා අඩුයි. ඒත් මාත් එක්ක සුහදව කතා කළොත් මම එයාලා එක්ක හොඳට කතා කරනවා. සමාජයට හොඳ නෑ, කොන් කරලා ඉන්නවා කියලා මම කිසි කෙනෙක් එක්ක කතා නොකර ඉන්නේ නෑ. මට හොඳ නම් ඒ මගේ යාළුවෙක් කියන්න මම පැකිළෙන්නේ නෑ.

මේ තාක් සිනෙතිගේ ජීවිතයට ලැබුණු දේවල් ගැන සතුටු වෙනවද?
මගේ ජීවිතේ ලොකු බලාපොරොත්තු නෑ. මම අද දවසේ සතුට විඳගෙන ඉන්න කෙනෙක්. මම හැමදේම සැහැල්ලුවෙන් හිතුවේ. සැහැල්ලුවෙන් හිතන නිසා සමහර දේවල් මඟහැරෙනවා. හැබැයි ලොකු බලාපොරොත්තු නැති නිසා ඒ නැති වෙන දේවල් ගැන දුකක් නෑ. ලැබෙන දෙයින් මම සතුටු වෙනවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ
මව්බිම





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,874 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  776 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  16,317 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,997 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,678 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,692 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  8,571 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,186 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  857 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,531 Downloads



Top 10 Commenters

Latest Comments

Top