Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
10
"රෝගය අලුත් එකක් නිසා බෝවන හැටි කාලයක් යනතුරු ගැමියන් හඳුනාගත්තේ නැහැ" - සියවසකට පෙර ලංකාවේ ගම්දනව් සිසාරා පැතිර ගිය උණ වසංගතය

- "රෝගය අලුත් එකක් නිසා බෝවන හැටි කාලයක් යනතුරු ගැමියන් හඳුනාගත්තේ නැහැ" - සියවසකට පෙර ලංකාවේ ගම්දනව් සිසාරා පැතිර ගිය උණ වසංගතයHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,449 Views
වරාය හරහා රෝගය ලංකාවේ පැතිරුණා.......

මාතර දිස්ත්‍රික්කයේ වැසියන්ගෙන් අඩකට පමණ රෝගය වැලඳුනා......

බදුල්ලේ එක ගමක සියළුදෙනා එකම කාලයකදී මේ වසංගතයට ගොදුරු වුණා......

“එකල ලක්දිව මුළුල්ලෙහි මහජනයා තවන්නා වූද, පණ නසන්නා, ඉතා දරුණු වූ, උණ රෝගයක් හටගත්තේය. පිටරටින් ගෙනෙනු ලබන්නා වූ ද මෙරට හටගන්නා ධාන්‍යයන් අතිශයින් හීන බැවින් දුර්භික්ෂයක් ද හටගත්තේය.”

එසේ සඳහන් වන්නේ යගිරල පඤ්ඤානන්ද හිමියන් විසින් සම්පාදනය කළ, වර්ෂ 1815-1935 දක්වා වූ කාලය ඇතුළත් වන මහාවංසයේ තෙවන වෙළුමෙහි 111 පරිච්ඡේදයේ ගාථා දෙකකය. මහාවංසයේ එසේ පවසන උණ වසංගතය කුමක්ද? ඒ අන් කවරක් හෝ නොව 1918-19 වර්ෂවලදී ලෝකයම වෙලාගත් ඉන්ෆ්ලුවන්සා වෛරසයයි. ස්පාඤ්ඤ උණ නම් වූ වෛරස් උණ රෝගයයි.

පළමුවන ලෝක සංග්‍රාමය අවසන් වූ වර්ෂයේදී ඇති වූ මෙම ඉන්ෆ්ලුවන්සා වසංගතයෙන් ලෝකය පුරා මිලියන 30ත් 100ත් අතර මිනිසුන් ගණනක් මරණයට පත් වූ බව සැලකේ. එය ඉතා බරපතළ බව පෙනෙන්නේ පළමුවන ලෝක සංග්‍රාමයෙන් මියගිය ගණන මිලියන 20ක් පමණ වූ නිසාය. එසේම මෑත සියවස් කිහිපය තුළ වැඩිම මරණ ගණනක් සඳහා හේතු වූ බෝවන රෝගය මෙය ලෙස සැලකේ. සෞඛ්‍ය පහසුකම් ශක්තිමත් නොවූ ඒ කාලයේ මෙවැනි අවාසනාවන්ත රෝගයක් ව්‍යාප්ත වීම ලෝකයටම බරපතළ වූයේය.
 
මෙම උණ රෝගය 1918 සිට 1920 දක්වා ලංකාවේ ද පැතිරුණු අතර මෙරට ජීවිත සැලකිය යුතු ප්‍රමාණයක් බිලිගත්තේය. එහෙත් එය බොහෝ දෙනෙකු නොදන්නා වසංගතයකි. 1930 දශකයේ මැද භාගයේදී පමණ මෙරට ව්‍යාප්ත වූ මැලේරියා වසංගතය හා සාපේක්ෂව මෙම ඉන්ෆ්ලුවන්සා වසංගතය අමතකව ඇති සේය. මේ ලිපිය ඒ ගැන සිදුකරනු ලබන විමසීමකි.

ඉන්ෆ්ලුවන්සාව පැතිරීම

එදා මෙරට ප්‍රධාන සිවිල් වෛද්‍ය නිලධාරියා වූ ජී.ජේ. රදර්ෆර්ඩ්ගේ වාර්ෂික වාර්තාවෙහි සඳහන් පරිදි මෙම ඉන්ෆ්ලුවන්සාව වැලඳුණු මෙරට පළමු රෝගීන් හඳුනාගනු ලබන්නේ 1918 ජුනි මාසයේදීය. ඒ රෝගීන් වරායේ යාත්‍රා ආශ්‍රිතව සේවය කරන්නවුන්ය. ඒ නිසා වරාය හරහා මේ රෝගය ලංකාවට පිවිසි බව නිගමනය කර ඇත.

ගුවන් ප්‍රවාහනය නොමැති වූ ඒ කාලයේ මගී ප්‍රවාහනය සිදූවූයේ ද වරාය හරහාය. කොළඹ කොටුවේ පිහිටි රජයේ හා පුද්ගලික අංශයේ කාර්යාලවල සේවකයින්ගේ පැමිණීමේ අඩුවක් 1918 ජුනි හා ජූලි මාසවල වාර්තා වී ඇති නිසා කොළඹ කොටුව ප්‍රදේශයේ මේ රෝගය මුලින්ම පැතිර ඇති බව සඳහන්ය.

කෙසේ වෙතත් 1918 වර්ෂය තුළ මේ වසංගතය රැලි දෙකක් ලෙස පැතිරගිය බවක් වාර්තාවල සඳහන් වේ. තෙවැනි රැල්ලක් 1919 මුලද පැතිර ඇත. එතරම් බරපතළ නොවූ පළමුවැන්න 1918 අගෝස්තු මාසයේ ආරම්භ වූ බව පෙනෙන අතර, දෙවැන්න ඒ වර්ෂයේ සැප්තැම්බර් සිට නොවැම්බර් මාසවල ඇති විය.

රට පුරාම වාගේ මේ වසංගතය පැතිර ඇති අතර ඉතා හදිසියෙන් ඇති වී වේගයෙන් ව්‍යාප්ත වූ බව බස්නාහිර පළාතේ ආණ්ඩුවේ ඒජන්ත පවසයි. මාතර දිස්ත්‍රික් වැසියන්ගෙන් අඩකට පමණ රෝගය වැලඳුණු බව එහි උප ඒජන්ත පැවසීමෙන් තත්ත්වය කෙතරම් බරපතළ වීද යන්න පැහැදිලිය.

මේ ඉන්ෆ්ලුවන්සාව තරමක කාලයක් මෙරට තුළ පැවතී තිබේ. 1918දී බරපතළ වසංගතයක් ලෙස ව්‍යාප්ත වූ මේ රෝගය 1919 වර්ෂය මුලදී යළිත් ඉහළ ගොස් පසුව වසර පුරාම පාහේ අඩු මට්ටමකින් වුවද පැවතියේය. වසංගත තත්ත්වයකින් නොවූවද 1920 වර්ෂයේද සමහර ප්‍රදේශවල දැකිය හැකි වී ඇත.

ඉන්ෆ්ලුවන්සාවෙන් සිදු වූ ජීවිත හානිය

මේ ඉන්ෆ්ලුවන්සාව නිසා කොපමණ පිරිසක් මියගියේ ද යන්න අපැහැදිලි බව පෙනේ. ඊට හේතුව වන්නේ මේ රෝගයට ලක් වූ වැඩි දෙනා මියගොස් ඇත්තේ නිව්මෝනියාවෙන් වීමය. එමෙන්ම දුෂ්කර පෙදෙස්වල සිදු වූ මරණ වාර්තා වී ඇත්තේ අඩුවෙනි. ත්‍රිකුණාමලයේ උපඒජන්ත සඳහන් කරන පරිදි, නගරයේදී රෝගයෙන් මියගිය ගණන පැවසිය හැකි වුවත් පිටිසර ප්‍රදේශවලින් නිශ්චිත සංඛ්‍යා ලබාගැනීම අසීරු විය.

කෙසේ වෙතත් ඒ කාලයේ ප්‍රකාශිත සංඛ්‍යාලේඛන අනුව පෙනෙන්නේ 1918 හා 1919 වර්ෂවල මරණ අනුපාතිකයේ කැපී පෙනෙන වර්ධනයක් ඇති බවයි. 1921 ජන සංගණන වාර්තාවට අනුව 1919 වර්ෂයේ මරණ අනුපාතිකය දහසකට 37.5ක් විය.

ලංකාවේ සංගණන කටයුතු ආරම්භ වූ 1871න් පසු ලංකාවෙන් වාර්තා වූ ඉහළම මරණ අනුපාතිකය එයයි. එම වාර්තාවේ දැක්වෙන පරිදි 1918 හා 1919 වර්ෂවලදී ඉන්ෆ්ලුවන්සාව නිසා සිදු වූ මරණ ප්‍රමාණය 57,000ක් පමණ විය.

එය එකළ මෙරට සිටි ජනගහනයෙන් සියයට 1කට වඩා අධිකය. කෙසේ වෙතත් මෙය දළ අගයක් බවත්, ද්විත්ව රෝග නිර්ණය, සැකසහිත රෝග නිර්ණය හා මරණයට හේතුව වැනි කරුණු නිසා මේ ගණනේ අඩුපාඩු තිබිය හැකි බව සඳහන්ය.

එහෙත් මේ මරණ ප්‍රමාණය නිවැරදිව කිව නොහැකි වීමට බලපෑ එක් හේතුවක් වන්නේ වෛද්‍ය නිලධාරීන් මෙන්ම ග්‍රාමීය මරණ රෙජිස්ට්‍රාර්වරුන් විසින් ද මරණයට හේතුව නියුමෝනියාව ලෙස සඳහන් කර තිබීමයි.

1918දී නියුමෝනියාව නිසා සිදු වූ මරණ ගණන පෙර වසරට වඩා තෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවද සඳහන්ය. නිව්මෝනියා මරණ ගණන නොසලකා ඇති රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ වාර්තා අනුව ඉන්ෆ්ලුවන්සාවෙන් ඇති වූ මරණ ගණන 41,916කි.

මෙහිදී සඳහන් කළ යුතු වැදගත් කරුණක් වන්නේ මෑත කාලයේ සිදු කළ අධ්‍යයනවලින් මේ වසංගතය නිසා ඇති වූ මරණ ගණන මීට වඩා අධික බව දක්වා ඇති බවයි. එම අධ්‍යයනවලට අනුව 1918-19 ඉන්ෆ්ලුවන්සාවෙන් ඇති වූ මරණ ගණන 91,000 හා 307,000 තරම් ඉහළ විය හැකි බව පෙන්වා දී ඇත.

මේ මරණවල බලපෑම ජනගහන වාර්තාවලින් ද පෙනේ. 1911-1921 දශකයේදී සිදු වූ ජනගහන වර්ධනය 9.6%ක් වූ අතර එය ඊට පෙර දශක දෙකටම වඩා අඩු විය. 1891-1901 දශකයේ ජනගහන වර්ධනය 18.8%ක් වූ බව හා 1901-1911 අතර කාලයේදී එය 14.9%ක් වූ බව සඳහන්ය. මේ අනුව උක්ත ඉන්ෆ්ලුවන්සාව ජනතාවගේ සරු භාවයට බලපෑමක් ඇති කර තිබෙන බව පැහැදිලිය.

ජනතාව හා රෝගය

මේ රෝගය ගැන ජනතාවගේ ප්‍රතිචාරය කෙබඳු වූයේද යන්නද සමහර වාර්තා අනුව පෙනේ. කළුතර ආණ්ඩුවේ උප ඒජන්තවරයා පවසා ඇති පරිදි, මේ රෝගය ජනතාවට අලුත් එකක් වූ නිසා රෝගය බෝවන ආකාරය පිළිබඳව කලක් යනතුරු ගැමියන් හඳුනාගෙන නැත.

ඒ නිසා ඔවුන්ට පුරුදු ලෙස රෝගී වූ නෑදෑ-හිතවතුන්ගේ සුවදුක් විමසීමට නිවෙස්වලට ගිය අතර, ඒ නිසා ලැව්ගින්නක් සේ රෝගය ව්‍යාප්ත විය. මෙවැනිම සඳහනක් කරන ගාල්ලේ ඒජන්ත තැන නගරවල උගත්කමක් ඇති පවුල්වල සාමාජිකයන් පවා රෝගීන් බැලීමට ගොස් තමන්ද රෝගය බෝ කරගෙන තම නිවාසවලට ද රෝගය ගෙන ගිය බව කියයි. ඔහු වැඩිදුරටත් සඳහන් කරන පරිදි රෝගීන් සෙසු අයගෙන් වෙන්කර තැබීම වැදගත් බව ජනතාවට අවබෝධ කරවීම බෙහෙවින් අවශ්‍ය විය.

රෝගය පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීන් හා සනීපාරක්ෂක පරීක්ෂකයින් පියවර ගත් අතර, ඒ පණිවුඩය වැසියන් වෙත දැනුම්දෙන ලද්දේ ගම්මුලාදෑනීන් මගිනි. ඒ සඳහා උපදෙස් සහිත පත්‍රිකා දහස් ගණනින් නිකුත් කර ඇත. මේ පත්‍රිකාවලින් රෝගය පිළිබඳව හා ප්‍රතිකාර ගැන විස්තර කර ඇත. බොහෝ ඒජන්තවරු මේ ගම් මට්ටමේ නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වය ගැන ප්‍රශංසා කළහ.

රජය විශේෂ වෛද්‍ය කණ්ඩායම් රෝගය වඩාත් බලපෑ ප්‍රදේශවලට පිටත් කොට යවා ඇත. වසංගතයෙන් පීඩාවට පත් ජනතාව සිටි සෑම දිස්ත්‍රික්කයකම පාහේ රජය මැදිහත් වී ආපදා සහන ලබාදී ඇත.

එමෙන්ම මහජන රැස්වීම් තබා, පරිත්‍යාගශීලීන්ගෙන් මුදල් එකතු කර ඇති අතර, ඒවා මගින් පීඩාවට පත් ජනතාවට සහන සපයා තිබේ. මේ සඳහා පිහිට වූ සහන කමිටු හරහා පීඩාවට පත් ජනතාවට අවශ්‍ය ආහාර, ඖෂධ හා ඇඳුම් ලබා දී ඇත.

මේ කටයුතු සඳහා ජනතාව ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ බව සඳහන් වෙයි. කෙසේ වෙතත් සමහර ප්‍රදේශවල මෙසේ ආධාර සැපයීම පවා අසීරු වූ අවස්ථා සඳහන් වේ. නැගෙනහිර පළාතේ ආණ්ඩුවේ ඒජන්ත සඳහන් කරන පරිදි ඒ පළාතේ ගම් හා හේන් ඈතින් පිහිටා තිබීම සහන සැපයීමේදී බාධාවක් විය.

සෞඛ්‍ය වාර්තා අනුව මේ රෝගයෙන් සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ හා ඔවුන්ගේ පවුල්වල අය මරණයට පත්ව ඇත. ඒ අතර වෛද්‍යවරුන්, ඇපොතිකරිවරුන් මෙන්ම හෙදියන්ද වේ. රක්වාන රෝහලේ වෛද්‍ය නිලධාරිවරයා වූ වෛද්‍ය ඩබ්.එස්. තිරිමාන්න හා නිකවැරටිය රෝහලේ සේවය කළ බව සඳහන් වන එස්.ජේ.එච්.එල්.ඩී හීර් යන වෛද්‍යවරු ඉන්ෆ්ලුවන්සාව නිසා 1918 ඔක්තෝබර් මාසයේදී මියගියහ.

සමාජ-ආර්ථික බලපෑම

මේ උණ වසංගතය නිසා සිදු වූ සමාජ හා ආර්ථික හානිය ගැන කිසියම් වූ අදහසක් අපට වාර්තාවලින් ලබාගත හැකිය. මේ වසංගතය පැතිරීමත් සමඟ පාසල්වලට ළමුන් පැමිණීම අඩාල වී ඇති අතර, සමහර පාසල් දින ගණන් වසාදැමීමට කටයුතු කර තිබේ. එසේම ඇතැම් පළාත්වල රජයේ කාර්යාල වසා දමා හෝ අඩු කාර්යමණ්ඩල සහිතව කටයුතු කර ඇත.
එදා එම වසංගතයෙන් වඩාත් පීඩාවට පත්ව ඇත්තේ එදිනෙදා කටයුතුවලින් සිය ජීවිකාව සපයාගත් ගැමියන්ය. රෝගය වැලඳී සුව වූවද, ඔවුන්ගේ වැඩකිරීමේ හැකියාව අඩුවී මහන්සි වී කටයුතු කළ නොහැකි වීම මීට බලපා ඇත.

විශේෂයෙන් පැතිරගිය වසංගතය නිසා 1918-19 මහ කන්නයේ වගා කටයුතු අඩාල වී ඇත. මේ ගැන ඇතැම් ආණ්ඩුවේ ඒජන්තවරු හා උපඒජන්තවරු සඳහන් කරති. මේ අතර හම්බන්තොට හා අනුරාධපුරය ගැන විශේෂයෙන් සඳහන් වේ. 1919 වර්ෂයේදී ඇති වූ ආහාර හිඟය සඳහා මේ තත්ත්වය බලපා ඇති බව සිතිය හැකිය.

එක් සිදුවීමකින් එදා පැවැති ජීවන තත්ත්වයම පැහැදිලි වේ. බදුල්ලේ ආණ්ඩුවේ ඒජන්තවරයා සඳහන් කරන පරිදි එම දිස්ත්‍රික්කයේ එක් ගමක වැසියන් සියලුදෙනාම එකම කාලයකදී මේ වසංගයට ගොදුරු වී ඇත.

ඔවුන් රෝගය නිසා දුර්වල වීමෙන් හේන් රැකීමට කිසිවෙකුත් නොවූ අතර, මුළු හේන් යායම අලින් විසින් විනාශ කර තිබේ. ආහාර නොමැතිව අසරණ වූ එම ගමේ වැසියන්ට දිගු කාලයක් තිස්සේ ආපදා සහන අවශ්‍ය වී ඇත.

"ලංකාදීප"
ධනේෂ් විසුම්පෙරුම
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,272 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  502 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  13,459 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,630 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,352 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,484 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  7,750 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  3,802 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  785 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,316 Downloads



Top 10 Commenters

Latest Comments

Top