Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
09
සංචාරකයන් රවටා රජයට සිදුකරන විශාල මුදල් වංචාවක් ගැන හිරු සී.අයි.ඒ. හෙළිදරව්ව - Video

- සංචාරකයන් රවටා රජයට සිදුකරන විශාල මුදල් වංචාවක් ගැන හිරු සී.අයි.ඒ. හෙළිදරව්ව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

23 Views
හබරණ හුරුළු පරිසර උද්‍යානය නැරඹීම පැමිණෙන සංචාරකයන්ට නියමිත පරිදි ප්‍රවේශ පත්‍රය ලබා නොදී අයථා ලෙස මුදල් ලබාගෙන රජයට සිදුකරන විශාල මුදල් වංචාවක් පිළිබඳව හිරු සී.අයි.ඒ.පසුගියදා හෙලි කළා.

එම අනාවරණයත් සමඟ එම උද්‍යානයේ පරිපාලනය ආශ්‍රිතව සිදුවන අක්‍රමිකතා රැසක තොරතුරු ඇතුළත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යැවු ලිපියක පිටපතක් ප්‍රදේශවාසීන් විසින් හිරු සී.අයි.ඒ.වෙත ද යොමු කර තිබුණා
.
එහි සඳහන් කර ඇත්තේ, හබරණ හුරුළු පරිසර උද්‍යානය තුළට සෆාරි ජීප් රථ ඇතුළත් කිරීමේදී සේවා ගාස්තු ලෙස පුද්ගලික සංවිධානයක් විශාල මුදලක් අයකරන බවයි.

පසුගිය වසරේ පමණක් එම සංවිධානය රුපියල් ලක්ෂ 90 ක පමණ මුදලක් උපයා ගෙන ඇති බව අදාළ ලිපියේ සඳහන්.
 

මේ පිළිබඳව අප හබරණ අඩවි වන නිලධාරීවරයාගෙන් ප්‍රශ්න කර සිටි අතර ඔහු ප්‍රකාශ කළේ අදාළ සංවිධානය මගින් උපයන මුදල් රජයේ කිසිඳු විගණනයකට ලක් නොවන බවයි.

සෆාරි ජීප් රථ හරහා උද්‍යානය නැරඹීමට දෙස් විදෙස් ජනතාව අවස්ථාව සලසා දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මුදල් උපයන එකම ස්ථානය වන්නේ හබරණ හුරුළු පරිසර උද්‍යානයයි.

තත්ත්වය එසේ තිබියදී රජයට සෘජුව ලැබිය යුතු රුපියල් කෝටි ගණනක මුදලක් එක් සංවිධානයකට එක් රැස්කර ගැනීමට ඉඩ දී ඇත්තේ කාගේ අවශ්‍යතාව මත ද ?

තවද මේ පිළිබදව හෙළිකර ඇති ලිපියේ උද්‍යානය තුළ තිබු නිදන් මෑත කාලයේදී අත්පත් කර ගෙන ඇති බවත්, ගව හිමියන්ගෙන් මාසිකව මුදල් අය කර උද්‍යානය තුළට තණකොළ කෑමට ගවයන් ඇතුළු කරන බව ද දක්වා තිබුණා.

හිරු සී.අයි.ඒ. මේ සිදුවීම් පිළිබඳව ද ගවේෂණය කළ අතර උද්‍යානයේ විශාල ගල් කුළු කිහිපයක් පුපුරණ ද්‍රව්‍ය යොදා විනාශ කර තිබු අයුරු මෙලෙස හෙළි වුණා.

මේ අලි බැලීමට පැමිණෙන සංචාරකයන්ට මී ගවයන් රැගෙන යනතෙක් බලා සිටීමට සිදුවන අයුරුයි.

මෙම අනාවරණයෙන් පසුව මෙරට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගේ දෑස් හුරුළු පරිසර උද්‍යානයේ සිදුවන මෙම අකටයුතුකම් කෙරෙහි යොමුවේ ද ?

හිරු සී.අයි.ඒ.ඉදිරියේදීත් අවධානයෙන්.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top