Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
08
"කොරෝනා වෛරසයේ ප්‍රබලත්වය අඩුවෙමින් පවතිනවා" - ලෝක සෞඛ්‍ය සංවිධානය - Video

- "කොරෝනා වෛරසයේ ප්‍රබලත්වය අඩුවෙමින් පවතිනවා" - ලෝක සෞඛ්‍ය සංවිධානය - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,504 Views
පැය 24 ක කාලයක් තුළ මාරාන්තික නව කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය වැඩිම පුද්ගලයින් සංඛ්‍යාව අද දිනයේ වාර්තා වුණා.

එම සංඛ්‍යාව 86ක්.

මේ වනවිට කොරෝනා වෛරසය හේතුවෙන් සිදුවූ සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව 724ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ඉන් 722ක්ම චීනයෙන් වාර්තා වනවා. අනෙක් පුද්ගල මරණ දෙක හොංකොං රාජ්‍යයෙන් සහ පිලිපීනයෙන් මීට පෙර වාර්තා වූ අතර, අද තවත් විදේශිකයින් දෙදෙනෙකු චීනයේදී මියගිය අතර, ඔවුන් දෙදෙනා ජපාන සහ ඇමරිකානු පුරවැසියන්.

එමෙන්ම, මේ වනවිට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 35,000කට ආසන්න බවයි වාර්තා වන්නේ.  

මේ අතර, චීනයේ කොරෝනා වෛරස් ආසාදිතයන් අතුරෙන් බහුතරයක් අසාධ්‍ය තත්ත්වයට පත්වීමේ අවධානමක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

එමඟින් පෙන්වා දෙන්නේ 82%ක් වෛරසයෙන් සුළු බලපෑමකට ලක්වන අතර, 15% කට පමණ එය දැඩි ලෙස බලපෑ හැකි බවයි.

කෙසේ නමුත්, අසාධ්‍ය තත්ත්වයට පත්වන්නේ ඉන් 3% ක් පමණක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත රෝග විද්‍යාඥවරියක වන මරියා වෑන් කර්ක්හෝව් ප්‍රකාශ කළේ. සැබවින්ම ආසාදිතයන්ගෙන් මියයන්නේ 2% ක් පමණක් බව ඇය අවධාරණය කළේ.

එමෙන්ම, ගෝලීය වශයෙන් පැතිරී ඇති කොරෝනා වෛරසය පිළිබඳ දත්ත හුවමාරු කර ගැනීමට ද ඇතැම් රටවල් මැලිවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ජිනීවා නුවර ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.

මේ අතර, නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ තවත් පුද්ගලයින් 7 දෙනෙකු තායිලන්තයෙන් අද සොයා ගෙන තිබෙනවා.

ප්‍රංශයේ වෙසෙන බ්‍රිතාන්‍ය ජාතිකයන් 5 දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය අද වාර්තා කළා.

එසේම, ජනවාරි 24 වන දින සිට අද දිනය දක්වා කොරෝනා වෛරසය වැළදී ඇති බවට සැක කෙරෙන පුද්ගලයින් 205 දෙනෙකු ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මෙරට රෝහල් කිහිපයකටම ඇතුළත් වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළා.

ඒ අතරින් බහුතරයක් වෛරසය වැළඳී නොමැති බවට තහවුරු වීමෙන් පසු රෝහලෙන් පිටව ගොස් ඇති බවයි එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කළේ.

ඒ අනුව, කොරෝනා වෛරසය වැළඳී සුව වූ චීන කාන්තාව ඇතුළු පුද්ගලයින් 18 දෙනෙකු තවදුරටත් මෙරට රෝහල් තුළ ප්‍රතිකාර ලබන අතර, ඉන් 7 දෙනෙකු විදේශිකයන්.

එමෙන්ම, චීනයේ - වූහාන් නගරයේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 33 දෙනා දිවයිනට පැමිණ අදට දින 7ක් ගත වන අතර, කිසිවෙකුටත් කොරෝනා වෛරසය වැළඳී ඇති බවට කිසිදු සාක්ෂියක් මේ වනවිට හමු නොවූ බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කියා සිටියේ.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  384 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  1,426 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,164 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  228 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  231 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,633 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  14,275 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,833 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,668 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,874 Downloads



Top 10 Commenters

Latest Comments

Top