Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
08
කසිප්පු ජාවාරම ගැන පොලීසියට ඔත්තු දුන් බවට සැක සිතා ජිනදාස ඝාතනය කළ පියදාසට අවසානයේ අත් වූ ඉරණම

- කසිප්පු ජාවාරම ගැන පොලීසියට ඔත්තු දුන් බවට සැක සිතා ජිනදාස ඝාතනය කළ පියදාසට අවසානයේ අත් වූ ඉරණමHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,279 Views
ඔය ඇළේ කිඹුල්ලුත් ඉන්නවා......

මේ රෑ වෙලා කුඹුරට වතුර හරවන්න යන්නේ මොකටද......

වසර හැටකට පෙර උඩරට පළාතේ පිටිසර ගමක කෘෂි කර්මාන්තයේ යෙදීමෙන් ජීවත් වූ පවුල් විසි නවයක් පදිංචිව සිටියහ. එක් දරු පියෙකු වූ පියදාසගේ පවුලත් ඒ අතර විය. දඩම්බර ගති පැවැතුම් ඇති අයෙකු වූ ඔහු පවුලේ නඩත්තුව ගෙන ගියේ කසිප්පු පෙරීමෙන් හා විකිණීමෙනි.

ඒ කාලයේ කසිප්පුවලට කීවේ ‘කසයා’ කියාය. ගමේ සමහර වැඩිහිටියන් පමණක් නොව තරුණියන් කොටසක් ද තම වැඩ පළ නිම කොට හැන්දෑ කාලයේ ගොස් කසයා බීමට පුරුදුව සිටිය නිසා පියදාසගේ අත මිට හොඳට සරුව පැවතුණි.

ඔහුගේ කසයා ව්‍යාපාරයට විරුද්ධ කොටසක් ද ගමේ සිටියත්, ඔවුන් පියදාසගේ දඩබ්බර ගතිවලට බය නිසා එළිපිට විරුද්ධත්වයක් දැක්වීමට ගියේ නැත. එහෙත් ජිනදාස සමහර අවස්ථාවල ඒ ගැන ප්‍රසිද්ධියේ කතා කළේය.
 
එක් දිනක් හැන්දෑ කාලයේ කවුරුත් නොසිතූ ආකාරයට පොලිසියෙන් පැමිණ පියදාසත් ඔහු ළඟ තිබුණු කසයාත් අත්අඩංගුවට ගෙන ගියහ. පසු දින උසාවියට ඉදිරිපත් කළ පියදාසට රුපියල් විස්සක් දඩ ගසනු ලැබීය. ඔහු එම දඩය ගෙවා පැමිණියේය. ජිනදාස පොලිසියට ඔත්තු දීම නිසා පැමිණ තමන් අත්අඩංගුවට ගත් බව සිතූ පියදාස ඔහු කෙරේ වෛරයක් ඇති කර ගත්තේය.

එහෙත් කසයා ව්‍යාපාරය නතර නොකළ ඔහු වෙනත් ස්ථානයක දී එය කරගෙන පොලිසියට කොටු විය. එම නඩුවේ දී ඔහුට උසාවියෙන් රුපියල් තිස් පහක දඩයක් ගැසූ අතර නැවත වරක් උසාවියට පැමිණියහොත් හිර දඬුවම් විඳීමට සිදුවෙන බවත් පවසා උසාවියෙන් උසාවියෙන් අවවාද කරනු ලැබීය.

ඉන් පසු ඔහු කසයා ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම අතහැර දමනු ලැබීය. ජිනදාස කෙරේ සිතෙහි තිබුණු වෛරය තව තවත් වැඩි කර ගත්තේය.

කසයා ව්‍යාපාරය අතහැර දැමූ පියදාස සුළු කාලයකදීම ගමට සැතපුම් එක හමාරක් දුරින් පිහිටි නගරයේ බේකරිවලට දර සපයන ලොරියක අයිතිකරු සමග කතා කරගෙන එම ලොරියේ සහායක ලෙස වැඩ කිරීමට පටන් ගත්තේය.

මෙසේ මාස තුන හතරක් ගත වෙන විට ජිනදාසගේ පවුලත් යාබද නිවසේ පදිංචි සෝමරත්නගේ පවුලත් අතර ඉඩම් ආරවුලක් මුල් කරගෙන බහින්බස්වීමක් ඇති විය. ඒ සම්බන්ධයෙන් සෝමරත්න පොලිසියට ද පැමිණිලි කරනු ලැබීය. මේ බව දැනගත් පියදාස මෙය ජිනදාසගෙන් පළිගැනීමට හොඳම අවස්ථාව බව සිතුවේය.

එසේ සිතූ පියදාස එක් දිනක රෑ බෝ වී කුඹුරට ගොස් ඇළවේල්ල දිගේ ජිනදාස එන විට කැත්තක් රැගෙන ගොස් ඇළ කණ්ඩියේ සැඟවී සිට ඔහුට කැත්තෙන් හත් අට පාරක් කොටා ජලය පිරී තිබුණු ඇළට තල්ලු කර දමා පැන දිව්වේ මෙය සෝමරත්න විසින් කරන ලද්දක් බව ඒත්තුගැන්වීමේ අරමුණ ඇතිවය.

කුඹුරට ගිය ජිනදාස රාත්‍රී නවය පමණ වනතුරු නොපැමිණි නිසා ඔහුගේ බිරිඳ දුවත් පුතත් සමග කුඹුරට ගොස් බැලුවත් ඔහු කුඹුරේ සිටියේ නැත. ආපසු පැමිණි ඔවුන් අහල පහළ නිවෙස්වලට ගොස් ජිනදාස දුටුවේ දැයි විමසා බැලිය. හැන්දෑ යාමයේ ඔහු කුඹුරේ සිටිනු දුටු බව කීප දෙනෙක් කීහ.

මේ රෑ වෙලා කුඹුරට වතුර හරවන්න යන්නේ මොකටද? ඔය ඇළේ කිඹුල්ලුත් ඉන්නවා යි කී අසල්වැසි කිහිප දෙනෙකු විදුලි පන්දම් ද රැගෙන ජිනදාස සොයා බැලීමට කුඹුරට ගියහ. ඔවුන් ගොස් කුඹුරේ සහ අවට සොයා බැලුවත් ජිනදාස සිටියේ නැත. මේ නිසා ඇළත් ඉවුරත් දෙස විපරම් කර බලමින් ඔවුහු පැමිණියෝය.

මෙසේ ටික දුරක් එන විට ජිනදාස හමුවිය. මහ ඇළට පහත් වී තිබුණ පාළු වැල් ගාලෙක පැටලී සිටි ඔහු සිටියේ මෙලොව හැර ගොස්ය. මහත් සේ කම්පාවට පත් ඔවුනගෙන් දෙදෙනකු එහි නතරව සිටියදී දී අනෙක් අය ගම්මංඩියට දුව ආහ. සිදුව ඇති විපත ජිනදාසගේ බිරිඳට කියා ඇයත් සමග කිහිප දෙනෙක් නගරයට ගොස් පොලිසියට සියලු විස්තර පැවසූහ.

මේ වෙන විට මැදියම් රැය ද ඉක්ම ගොස් තිබුණි. අලුයම වෙන විට පොලිසියෙන් පැමිණ පරීක්ෂණ පැවැත්වීය. ජිනදාසගේ බිරිඳගෙන් ප්‍රකාශයක් ලබා ගත් පොලිසිය සැක කළ යුතු ඇය සිටි දැයි විමසුවේය. දින දහයකට පමණ පෙරදී සිදු වූ ඉඩම් ආරවුල ගැන ද සඳහන් කළ ඇය සෝමරත්න සැක බව කීවාය.

පොලීසිය ඔහු සොයා නිවසට ගිය පසු දැන ගන්නට ලැබුණේ දින හතරකට පෙර ඔහුට මැලේරියාව සෑදී අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලේ පසුවන බවය. සොයා බැලීමේ දී එය ඇත්ත බව හෙළි විය.

ඉන් පසු කරන ලද විමර්ශන අනුව ගමේ තවත් පස් දෙනෙකුගෙන් ප්‍රශ්න කරනු ලැබීය. ඒ අතර පියදාස ද විය. අන්තිමේ පියදාස හා විජේදාසට නඩු පැවරුණි. දුටු හෝ පිළිගත හැකි සාක්ෂි නොමැතිවීමෙන් ඔවුහු නිදහස් වූහ.

පියදාස නැවත ලොරියේ වැඩට ගොස් මාස හතක් පමණ වැඩ කළේය. එක් දිනක ලොරියේ දර බාන විට කොටයක් පෙරළී එයට පියදාස යට වී බරපතළ ලෙස තුවාල වීමෙන් රෝහලට ගෙනගොස් ප්‍රතිකාර කරන අතර දින තුනකින් ඔහු මියගියේය. පියදාසගේ කසයා ව්‍යාපාරය ගැන ජිනදාස පොලිසියට කිසිම ඔත්තුවක් දුන්නේ නැත.

ඔහු ගැන සැක සිතා පියදාස දුර දිග නොබලා වෛරයක් ඇති කොට ගෙන ජිනදාස මරා දමා සමාජයෙනුත් නීතියෙනුත් නිදහස් විය. ඒත් ඔහුට ස්වභාව ධර්මයෙන් නිදහස්වීමට නොහැකි විය. මේ ජීවිතයේදීම කළ කම් පළ දීම සිදු විය.

"ලංකාදීප"
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  379 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  1,410 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,163 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  228 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  226 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,633 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  14,265 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,833 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,666 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,874 Downloads



Top 10 Commenters

Latest Comments

Top