Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
08
"හොඳම යාළුවකුගේ අක්කා කෙනකුටයි මුලින්ම ආදරයක් ඉපදුණේ, අනේ මල්ලී ඔයා හොඳින් ඉගෙන ගන්න කියලා, එයා කිව්වා.." - ලක්ෂ්මන් හේවාවිතාරණ - Photos

- "හොඳම යාළුවකුගේ අක්කා කෙනකුටයි මුලින්ම ආදරයක් ඉපදුණේ, අනේ මල්ලී ඔයා හොඳින් ඉගෙන ගන්න කියලා, එයා කිව්වා.." - ලක්ෂ්මන් හේවාවිතාරණ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,556 Views
යුරෝපීය රටකදි බොහෝදෙනකුට ආදරේ කිරීම ප්‍රශ්නයක් නැහැ..
ඒ රටේදි දිව්‍යාංගනාවන් වගේ මනාලියන් මම දැකලා තියෙනවා..
මම මගේ ආදරේ කිහිපදෙනකුටම බෙදා දී තිබෙනවා...
 
"ආදරය වගෙ නොවෙයි", "මල් කැකුළකට ආදරෙයි කියන්න" වැනි අතිශය ජනප්‍රිය ගී රැසක හඬ අයිතිකරු ඔහු. නමින් ලක්ෂ්මන් හේවාවිතරණ නම් එම ගායන ශිල්පියා අනූව දශකයේ අග භාගයේ ජනප්‍රියත්වයේ හිනිපෙත්තට නැගි ශිල්පියෙක් කිව්වොත් වැරදි නැහැ.
 
ඒ තරම් රසික සිත් පිනවන්න ඔහුටම වුණු අපූරු හඬකට ඔහු උරුමකම් කිව්වා. කොහොම වුණත්, ලක්ෂ්මන් දිගු නිහැඬියාවකට පස්සෙ සතිඅන්ත පුවත්පතකට ලබා දුන් ඔහුගේ නවතම තොරතුරුයි මේ...

ලංකාවට ඇවිත් දැන් කොච්චර කල් ද?
අවුරුදු 18ක් විතර..
 
ප්‍රංශය වැනි රටක් අතහැර දමා ලංකාවට ආවේ?
ඒක දෛවයේ ලියැවී තිබුණ දෙයක් වෙන්න ඇති. මගේ පවුලේ හැමෝම ඉන්නේ විදේශ රටවල. නමුත් මම මගේ පළමු ගායනයෙන් පස්සේ ලැබුණ ප්‍රතිචාරත් එක්ක තමයි ඒ සියල්ල වෙනස් වෙන්නේ.
 
ඔබ ගායකයෙක් වෙන්න හිතුවේ නැද්ද?
කවදාවත් නැහැ. මට අවශ්‍ය වුණේ යුරෝපයේ රටක රැකියාවක් කරන්න. මුදල් හම්බ කරන්න. සතුටින් ඉන්න.
 
ඔබ පළමු ගායනය කරන්නේ?
2002 වසරේදි.
 
ඊට අදාළ පසුබිම?
මගේ පළමු ගීතය වුණේ ආදරය වගේ නොවේ අගහිඟ දැනේ කූඩුවේ.. ඒක සංගීතවත් කළේ ගුණදාස කපුගේ. මම ප්‍රංශයේ ඉන්නකොට එහේ හිටපු මගේ යාළුවෝ කිහිපදෙනෙක් එක්ක එකතු වෙලා ‘ස්වර රිද්ම’ කියලා බෑන්ඩ් එකක් හදලා තිබුණා. ඒ දවස්වල ප්‍රංශයේ පැවැති ප්‍රසංගයකට ආපු ගුණදාස කපුගේ මහතාව අපි හම්බ වුණා. ඔහුගේ ප්‍රසංගයෙන් පසු දින අපි රාත්‍රියේදී සුහදව මුණගැසුණු හමුවේදී මම පුංචි සිංදුවක් කිව්වා. මේ වෙලාවේ කපුගේ අයියා කිව්වා ‘මාර කටහඬක්නේ මල්ලී... ලංකාවට ආවාම මම ඔයාට සිංදුවක් කරනවා’ කියලා. කොහොම හරි මම ලංකාවට ආපු වෙලාවක පත්තරේක තිබුණ කවියක් මම කපුගේ අයියාට දුන්නාම ඔහු තමයි මේ සිංදුව මට ගීතයක් කරලා දෙන්නේ. පළමු ගීතයටම ලැබුණ ප්‍රතිචාරය ඇත්තටම මටත් හිතා ගන්න බැරි වුණා.
 
කාගෙන් ද වැඩිපුරම ප්‍රතිචාර ලැබුණේ?
බොහෝ අය ලිපි මගින් ප්‍රතිචාර දක්වා තිබුණා. ඒ එවපු හසුන්පත්වල ආදරේ ගැන සඳහන් කරලා තිබුණේ නැහැ. ලස්සන කටහඬක් තියෙනවා, අර්ථවත් ගීත ගායනා කරන්න සංගීතය මුදලට පාවා දෙන්න එපා කියා කියන ඉල්ලීම් තමයි වැඩිපුරම තිබුණේ. ඇත්තටම මම කවදාවත් පළමු ගීතය ප්‍රචාරය වෙනකම්ම ගායකයෙක් වෙයි කියලාවත් ගායනය මගේ වෘත්තිය වෙයි කියලාවත් හිතුවේ නැහැ.
 
ඔබේ සීඩී තැටියක් එන්නේ?
ගීත 12ක් ඇතුළත් කරලා මගේ පළමුවැනි සී.ඩි. එක එන්නේ 2004 වසරේදී ‘ආදරය වගෙ නොවේ’ නමින්.
 
ලංකාවද හොඳ ප්‍රංශය ද?
මම ලංකාවෙ ඉපදුණ නිසා ලංකාව හොඳයි කියලා කියන්න එපැයි. නමුත් ඇත්තටම කියනවා නම් සැප සම්පත්, මුදල්, සතුට අතින් පිරිච්ච රටක් තමයි ප්‍රංශය කියන්නේ.
 
ප්‍රංශයේ මිනිස්සු?
මට හිතෙන්නේ පින් පව් ගැන ලොකුවට හිතුවේ නැති වුණාට වැරැදි කරන්නේ නැති හරිම සතුටින්, නිදහසේ ඉන්න පිරිසක්. ඇත්තටම ඔවුන්ගේ සතුට රැඳිලා තියෙන්නේ අනිත් අයගේ දේවල් සොයා නොබලන ගුණධර්මය නිසා.
 
තට්ටේ ගාන්න හිතුවේ?
ඒක වුණේ 2008 වසරේදි ෆුට්බෝල් වර්ල්ඩ් කප් එක බලන්න ගිය දවසේ. අවුරුදු ගානකින් ප්‍රංශයයි බ්‍රසීලයයි අවසන් තරගයට සහභාගී වුණා. ප්‍රංශ කණ්ඩායමේ නායක ප්‍රහාරකයා වුණේ ප්‍රංශ ජාතික බර්නස් කියන ක්‍රීඩකයා. ඔහු හිස මුඩු කරලා හිටියේ. ඒ නිසාම ඒ තරගය බලන්න ගිය 80,000ක් විතර ප්‍රේක්ෂකයන්ගෙන් 40,000ක් විතර කොණ්ඩය මුඩු කර තමයි තරගාවලිය නැරැඹීමට පැමිණ තිබුණේ. එදා තමයි මමත් ඉස්සර වෙලාම කොණ්ඬේ මුඩු කළේ. ඊට පස්සේ ඉතින් තට්ටේ මට ගොඩක් ගැළැපෙනවා කියලා හිතුණා. මොකද කොණ්ඬේ සුදු වෙන ප්‍රශ්න හිසකෙස් යන ප්‍රශ්න ආදියත් ඒකෙන් වැහෙනවානේ.
 
මුලින්ම හදවතට ආදරයක් උපදින්න එතකොට මට අවුරුදු 20ක් විතර ඇති. මගේ හොඳම යාළුවකුගේ අක්කා කෙනකුට තමයි මගේ හිතේ පළමුව ආදරයක් ඉපදුණේ. මම ඇයට මගේ ආදරේ ප්‍රකාශ කරලා ලියුමක් යැව්වාම ඇය මට ලියා එවා තිබුණා ‘අනේ මල්ලී ඔයා හොඳින් ඉගෙන ගන්න’ කියලා. එච්චරයි.
 
හදේ නැවතුනු ආදරේ?
ආදරයක් එක් අයකු ළඟ නතර වෙලා නැහැ. යුරෝපීය රටකදි බොහෝදෙනකුට ආදරේ කිරීම ලංකාවේදී මෙන් ප්‍රශ්නයක් නොවේ. ඒ නිසා මම මගේ ආදරේ කිහිපදෙනකුටම බෙදා දී තිබෙනවා.
 
කාන්තාවකගේ සුන්දරත්වය කියා ඔබ දකින්නේ?
පළමු දේ බාහිර පෙනුම, මතුපිට ලස්සන වගේම හදවතේ සුන්දරත්වයක් තිබිය යුතුමයි. අනිත් දේ තමයි කාන්තාව නිරතුරුවම විශ්වාසවන්ත කෙනෙක් වීම අවශ්‍යයි. විශ්වාසය කියන දේ පළුදු වීම නිසා තමයි නරක කෙනෙක් කියන නම ඇයට පටබැඳෙන්නේ.
 
ජීවිතේ දැක්ක ලස්සනම මනාලිය?
යුරෝපයේ ඉන්න ඇතැම් කාන්තාවෝ කේෂාන්තයේ සිට පාදාන්තය දක්වා දෙව්ලියන් වගේ හරිම ලස්සනයි. ඒ රටේදි දිව්‍යාංගනාවන් වගේ මනාලියන් මගේ ඇස් දෙකෙන් දැකලා තියෙනවා. ඇත්තටම ඒ අය ඉටි රූප වගේ.
 
ඔබේ කඩවසම් පෙනුම ආරක්ෂා කරගන්න මොනවා ද කරන්නේ?
ලස්සනට ඉන්න මම හැමදාම කැමැතියි. එහෙමයි කියලා ලොකු ලොකු දේවල් කරන්නෙ නෑ. ඒත් ශරීරයට හිතකර කෑම බීම කනවා. එළවළු පලතුරු තමයි මම වැඩිපුරම කන්න කැමැති. එහෙමයි කියලා මස් මාළු නොකා ඉන්නෙ නෑ. කන්න කැමැති හැමදේම කනවා. ව්‍යායාමවලට වඩා මට හිතෙනවා බාහිර පෙනුම ලස්සනට තියාගන්න පුළුවන් නැවුම් එළවළු පලතුරු නිතර ගන්නවා නම්.
 
හිතේ සතුට තියාගන්නේ කොහොම ද?
යම් කෙනෙක් නිසා මම පීඩා විඳිනවා නම් මම එයින් මිදෙනවා. ඒ වගේම කෙනෙක් මාව රිද්දවනවා නම් මම එයින් මිදෙනවා. මම යන්න හිතන් ඉන්න තැන පීඩාකාරී නම් මම එවැනි තැන්වලට යන්නේ නැහැ. ඔය වගේ මගේ ඇෙඟ් ලේ කෝප වෙන දේවල්වලින් ඉවත් වෙන එක තමයි මම කරන්නේ. එහෙම කළාම අපි නොදැනුවත්වම අපේ සතුට රැඳෙනවා. එහෙම නැතුව හිතේ සතුට රඳවා ගන්න ආගමික ස්ථානයකටම යන්න ඕනෑ නැහැ.
 
අසුන්තා එදිරිසූරිය


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  388 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  1,432 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,168 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  228 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  231 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,636 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  14,309 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,833 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,690 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,874 Downloads



Top 10 Commenters

Latest Comments

Top