Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
07
ලොවක් හැඬවූ කොරෝනා සමඟ අන්තර්ජාලය උණුසුම් කරමින් පැතිර ගිය සංවේදී වීඩියෝ පෙළක් මෙන්න - Video

- ලොවක් හැඬවූ කොරෝනා සමඟ අන්තර්ජාලය උණුසුම් කරමින් පැතිර ගිය සංවේදී වීඩියෝ පෙළක් මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,502 Views
පවුල සුරක්ෂිත කරන්න ලණුවක් ආධාරයෙන් ආහාරගත් හැටි..
හමුවීමට නොහැකි වූ පෙම්වතුන් සංවේදී වූ අයුරු...
සුරතල් සතුන්ට ද මුඛ ආවරණ පැළඳු මනුස්සකම..
 
නව කොරෝනා වෛරසය ඇමරිකාව විසින් සංවර්ධනය කරන ලද ජීව අවියක් බව රුසියානු විද්‍යාඥයින් පිරිසක් චෝදනා කරනවා.
 
ඔවුන් මෙම සැකය පළ කරන්නේ චීනයේ වූහාන් නගරයේ ඇමරිකානු කොන්සල් ජනරාල්වරයාගේ කාර්යාල පරිශ්‍රයෙන් ජෛව රසායන පද්ධතීන් ඇතුළත් බහාලුම් 8ක් චීන බුද්ධි අංශ විසින් සොයා ගැනීමත් සමඟයි.

කලින් මත පළ කෙරුණේ මෙම වෛරසය සත්ත්වයින්ගෙන් මිනිසාට ප්‍රේරණය වූ බවටයි.
 
ලොව දෙවන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරය මිලියන 11ක ජනකායක් ජීවත් වන එරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ මධ්‍ය කේන්ද්‍රස්ථානයක් මෙන්ම නිශ්පාදන ක්ෂේත්‍රයේ ද මර්මස්ථානයක්.
 
නව වාර්තාවන්ට අනුව මාරාන්තික කොරෝනා වෛරසය චීනයේ ආර්ථිකය අඩපණ කිරීමේ අරමුණින් ඇමරිකාව ගොඩනගන ලද ජීව අවියක් බවට රුසියානු විද්‍යාඥයින් පෙන්වා දෙනවා.
 
ඒ, වූහාන් හි වෙසෙන ඇමරිකානුවන් ඉවත් කර ගැනීමෙන් අනතුරුව පසුගිය ජනවාරි 30 වන දින වූහාන් හි ඇමරිකානු කොන්සාල් ජෙනරාල්වරයාගේ කාර්යාල පරිශ්‍රයෙන් ජෛව රසායන පද්ධතීන් ඇතුළත් බහාලුම් 8ක් චීන බුද්ධි අංශ මෙහෙයුමකින් සොයා ගැනීමත් සමඟයි.
 
රුසියානු විද්‍යාඥයින් විශ්වාස කරන්නේ මෙම වෛරසය හමුවේ චීනය අඩපණවීමෙන් පසුව වෛරසය මැඩලීමට නව එන්නතක් සොයා ගැනීමෙන් ඇමරිකාව මුදල් උපයා ගැනීමේ අරමුණක පසුවූ බවයි.
 
කෙසේ වෙතත් උද්ගතව ඇති වාතාවරණය හමුවේ පසුගිය මාසයේ ඇමරිකානු වාණිජ ලේකම්වරයා ද චීනයෙන් ගිලිහෙන රැකියා අවස්ථා නැවතත් ඇමරිකාවට ලබා ගැනීමට හැකිවනු ඇති බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් නිකුත් කර සිටියා.
 
මේ සම්බන්ධයෙන් ඉදිරියේදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ද සාකච්ඡා කරන බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක හුවා චූන් යින්ග් මහතා පවසනවා.
 
මේ වනවිට චීනයෙන් වාර්තා වන කොරෝනා වෛරසය ආසාදිතයින් ගණන 31,161ක්.
 
වෛරසය ආසාදනයවීමෙන් ජීවිතක්ෂයට පත්වූ මුළු පුද්ගලයින් ගණන 638ක් වන අතර ඉන් පුද්ගලයින් 73 දෙනෙකු ගතවූ පැය 24 තුළ ජීවිතක්ෂයට පත්ව තිබීම විශේෂත්වයක්.
 
චීනයට පසු වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ සිංගප්පුරුව, ජපානය සහ තායිලන්තයෙන්.
 
මගීන් 2666ක් සහ කාර්ය මණ්ඩලය 1045 සමඟින් ජපානයේ ඩයමන්ඩ් ප්‍රින්ස් මගී නෞකාව නිරෝධායනයට පියවර ගැනුණු අතර එහිදී කොරෝනා වෛරසය ආසාදිතයන් 41 දෙනෙකු සොයා ගෙන තිබෙනවා.
 
මේ අතර, මගීන් 3600 දෙනෙකු සහිත බහමාස් රාජ්‍යයට අයත් වර්ල්ඩ් ඩ්‍රිම් නමැති මගී නෞකාවෙන් ද වෛරසය වැළඳුණු රෝගීන් 8දෙනෙකු අද හමුවුණා.
 
කොරෝනා වෛරසය පිළිබඳව පළමුවෙන්ම ලොවට අනතුරු ඇඟවීමට උත්සාහ කළ චීන ජාතික ලී වේන් ලියැන්ග් වෛද්‍යවරයා කොරෝනා වෛරසයටම ගොදුරුවීමෙන් ඊයේ ජීවිතක්ෂයට පත්වුණා.
 
ඔහු පසුගිය ජනවාරී මාසයේ දී වෛරසය පිළිබඳව අනතුරු ඇඟවීමට උත්සාහ කළ ද අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බව පවසමින් පොලීසිය විසින් ඔහු වළක්වා තිබුණා.
 
පසුව සිද්ධිය සම්බන්ධයෙන් වූහාන් ප්‍රාන්ත බලධාරීන් සහ පොලීසිය ඔහුගෙන් සමාව අයැද සිටියා.
 
මේ අතර, කොරෝනා වෛරසය මැඩලීමට සක්‍රීය දායකත්වය දක්වන පොලිස් නිලධාරියෙකු දින 10කට පසු ආහාර ලබා ගැනීමට නිවස කරා පැමිණිය ද, ඔහු පිටත රැඳී සිටිමින් ලණුවක් ආධාරයෙන් ආහාරවේල ලබා ගත්තේ ආදරණීය කුඩා පුතණුවන්ගේ සහ භාර්යාවගේ සුරක්ෂිතතාව වෙනුවෙන්.
 
රාජකාරියේ නිරතව සිටින පොලිස් නිලධාරියෙකුට ඩ්‍රොන යානාවකින් ආහාර ලබාදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් ද මේ අතර වුණා.
 
වූහාන් හි රෝහල් රැසක ප්‍රතිකාර ලබන කොරෝනා වෛරස ආසාදිත රෝගීන් දිරිගැන්වීමට උදාන වැකී ලියූ කඩදාසි රෝගීන්ට පෙනෙන සේ තැබීමට රෝහල් කාර්ය මණ්ඩලය කටයුතු කළා.
 
කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීමට වූහාන් හි පුද්ගලයෙක් පොලිස් ස්ථානයකට මුඛ ආවරණ පෙට්ටියක් ලබාදෙමින් වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් නිලධාරීන් තමා කරා පැමිණීමේදී දිවයන ආකාරය සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණා.
 
වෘත්තියෙන් හෙදියක් වන සිය පෙම්වතිය සති දෙකකට අධික කාලයක් හමුවීමට නොහැකි වූ පෙම්වතෙක් ඇය සමඟ ලෙන්ගතු බැඳීම් බෙදා හදා ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලය තුළ හුවමාරු වනවා.
 
මාරාන්තික කොරෝනා වෛරසයේ තිඹිරි ගෙය වූ වූහාන් නගරය ඇතුළු ආසන්න නගර රැසක ඩ්‍රෝන යානා භාවිතයෙන් විෂබීජ විනාශ කිරීමේ දියර ඉසීමට චීන බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
 
මේ අතර, සුරතල් සතුන්ට ද මුඛ ආවරණ පළඳවමින් ඔවුන් ද වෛරසයෙන් ආරක්ෂා කර ගැනීමට වූහාන් හි වැසියන් පියවර ගෙන තිබුණා.
 
වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ මහජනතාව දැනුවත් කිරීමට ඩ්‍රෝන යානා මගින් එරට පොලීසිය කටයුතු කරන අතර බඩු භාණ්ඩ මෙන්ම ආහාර ද්‍රව්‍ය ද නිවෙස් වෙත බෙදාදීම සඳහා කෘතිම බුද්ධියෙන් බල ගැන්වුණු විශේෂිත රථ එරට බලධාරීන් යොදවා තිබෙනවා.
 
මේ අතර කොරෝනා වෛරසයෙන් පීඩාවට පත්වූ චීන ජාතිකයන් වෙනුවෙන් ලෝ ප්‍රචලිත තේ වර්ගයක් වන සිලෝන් බ්ලැක් ටී තොගයක් පරිත්‍යාග කිරීම ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවුණා.
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම තේ තොගය පිරිනමනු ලැබුවේ චින තානාපති චෙංග් ෂියුආන් මහතා වෙතයි.
 
දුෂ්කර අවස්ථාවේදී චීන රජයට සහ ජනතාවට ශ්‍රී ලංකා රජය සහ ජනතාව දක්වූ සහය අගය කරමින් චීන ජනාධිපති ෂී ජින් පින්ග් මහතා වෙනුවෙන් චීන තානාපතිවරයා මෙහිදී සිය ස්තූතිය පල කර තිබෙනවා.
 
පීඩාවට පත්වූ ජනතාව වෙනුවෙන් සිදු කෙරුණූ පිරිත් සජ්ඣායනයන් සහ පිංකම් වෙනුවෙන් චීන තානාපතිවරයා මෙහිදී කෘතවේදීත්වය පල කළ බව ජනාධිපති මාධ්‍යය අංශය සඳහන් කළා.
 
වූහාන් හී සිටි ශ්‍රී ලාංකික සිසුන් ගෙන්වා ගැනීම වෙනුවෙන් චීන රජය ලබා දුන් සහයෝගය පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී චීන තානාපතිවරයාට ස්තූතිය පල කර තිබෙනවා.
 
මේ අතර චීනයේ සිට පැමිණෙන මගීන් කටුනායක ගුවන්තොටුපොළෙන් දිවයිනට ප්‍රවිශ්ඨ වන ස්ථානයේ සවිකළ, නැනෝ තාක්ෂණය මගින් වාතය පිරිසිදු කරන උපකරණ පිළිබඳව වියත්මග සංවිධානය කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පැහැදිළි කිරීමක් කළ අතර ඊට එම උපකරණයේ නිපැයුම්කරු ද එක්ව සිටියා.
 
නව කොරෝනා වෛරස ආසාදනය වූ බවට සැක කෙරෙන රෝගීන් 14 දෙනෙකු මේ වන විට මෙරට රෝහල් 6 ක ප්‍රතිකාර ලබනවා.
 
මේ අතර නව කොරෝනා වෛරසය අආසාදනය වී සුවය ලබා වෛද්‍ය අධීක්ෂණය යටතේ අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ තවදුරටත් රඳවා සිටින චීන ජාතික කාන්තාවගේ ජෛව සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා හොංකොං හී පරීක්ෂණාගාරයක් වෙත යොමුකර තිබෙනවා.
 
මේ අතර, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අද දිනයේ මෙලෙස විෂබීජ හරණයකට ලක් කෙරුණේ ආරක්ෂිත පියවරක් වශයෙන්.
 
මේ සඳහා ගුවන්තොටුපොළ සමස්ත කාර්ය මණ්ඩල නිලධාරීන් එක්ව සිටියා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  387 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  1,432 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,166 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  228 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  231 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,636 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  14,305 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,833 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,690 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,874 Downloads



Top 10 Commenters

Latest Comments

Top