Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
07
ලෝකයම බිය ගැන්වූ කොරෝනා ජීවිත 638ක් බිලි ගනී - ආසාදිතයින් 31,000 ඉක්මවයි - අලුත්ම තත්ත්වය මෙන්න - Photos

- ලෝකයම බිය ගැන්වූ කොරෝනා ජීවිත 638ක් බිලි ගනී - ආසාදිතයින් 31,000 ඉක්මවයි - අලුත්ම තත්ත්වය මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,093 Views
චීනයෙන් පිටත විශාලතම ආසාදිත සංඛ්‍යාව 61 යි..
බ්‍රිතාන්‍යයේ තුන් වන කොරෝනා ආසාදිතයා හමුවෙයි..
වුහාන් සිට පැමිණි සිසුන්ගේ දැන් තත්ත්වය මෙන්න..
 
අයි.ඩී .එච්. හෙවත් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ දී තවදුරටත් වෛද්‍ය අධීක්ෂණයට ලක්වන නව කොරෝනා වෛරසය ආසාදනය වූ චීන ජාතික කාන්තාවගේ ජෛව සාම්පල අද වැඩිදුර පරීක්ෂණ සඳහා හොංකොං රාජ්‍යය වෙත යොමු කෙරෙනවා.
 
සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේ ඊට අදාළ සියලූ කටයුතු මේ වනවිට සිදුකර ඇති බවයි.

ඒ අනුව අද දිනය ඇතුළත ඇයගේ සාම්පල හොංකොං රාජ්‍යය වෙත යැවීමට නියමිත අතර, එම වාර්තා මගින් ඇයගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව තහවුරුවක් ලබාගැනීමට නියමිතයි.
 
මේ අතර, නව කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැක කෙරෙන පුද්ගලයින් 14 දෙනෙකු තවදුරටත් දිවයිනේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසනවා.
 
ඔහු කියා සිටියේ දියතලාව යුද හමුදා කඳවුරේ විශේෂ නිරෝධායන ඒකකයේ සිටින චීනයේ - වුහාන් නගරයේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 33 දෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.
 
ජපානයේ යොකොහාමා වෙරළට ඔබ්බෙන් වූ සුඛෝපභෝගී නෞකාවක සිටින තවත් පුද්ගලයන් 41 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණ වී තිබෙනවා.
 
ඒ අනුව 3700ක් මගීන් රැගෙන යන ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 61 දක්වා ඉහළ යන අතර, එය චීනයෙන් පිටත විශාලතම ආසාදිත සංඛ්‍යාවයි.
 
මෙම නෞකාව පසුගිය සති දෙක තිස්සේ යොකොහාමා වෙරළට ඔබ්බෙන් නතර කර පරීක්ෂා කිරීම් ආරම්භ වූයේ එහි සිටි 80 හැවිරිදි හොංකොං වාසියෙකු රෝගාතුරවීමෙන් අනතුරුවයි.
 
හොංකොං පුරවරයට ඔබ්බෙන් වර්ල්ඩ් ඩ්‍රීම් නැමති සුඛෝපභෝගී නෞකාවේ සිටි පුද්ගලයන් 8 දෙනෙකුට ද පසුව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
 
කෙසේ නමුත් නෞකාවේ දැන් සිටින 3600ක් වන මගීන් අතරින් කිසිවෙකු මෙතෙක් වෛරසයට ගොදුරු වූ බවක් වාර්තා වී නැහැ.
 
මේ අතර, නව කොරෝනා වෛරසයෙන් චීනයේ මිය ගිය සංඛ්‍යාව 636 දක්වා ඉහළ ගොස් ඇති අතර මුළු මරණ සංඛ්‍යාව 638 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
 
එමෙන්ම, නවතම වාර්තාවලට අනුව චීනයේ කොරෝනා වෛරස් ආසාදිත සංඛ්‍යාව 31,161 ක්.
 
ඒ අනුව ලොව පුරා ආසාදිත සංඛ්‍යාව 31,500ට ආසන්න බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
 
කොරෝනා වෛරසය කේන්ද්‍ර ගත වූ චීනයේ හුබෙයි ප්‍රාන්තයෙන් පැමිණෙන චීන ජාතික සංචාරකයන් සඳහා පනවා තිබූ තාවකාලික සංචාර තහනම තවදුරටත් පුළුල් කිරීමට මැලේසියාව තීරණය කර තිබෙනවා.
 
ඒ අනුව කොරෝනා වෛරසය හේතුවෙන් සංචරණ සීමාවන් පනවා ඇති චීනයේ සියළුම ප්‍රාන්තවලින් මැලේසියාවට පැමිණෙන චීන ජාතිකයන්ට එම තහනම බල පවත්වනු ඇති.
 
මැලේසියාව එම පියවරට එළඹී ඇත්තේ එරට ආසාදිත සංඛ්‍යාව 14 දක්වා ඉහළ යාමත් සමඟයි.
 
එමෙන්ම, චීනයේ සිටින තම රාජතාන්ත්‍රික කාර්ය මණ්ඩල සාමාජිකයන් 212 දෙනෙකු නැවත ගෙන්වා ගැනීමට මැලේසියාව පියවර ගනිමින් සිටිනවා.
 
මේ අතර, බ්‍රිතාන්‍යයේ තුන් වන කොරෝනා ආසාදිතයා ද තහවුරු වී ඇති බව ලන්ඩන් වාර්තා සඳහන් කළා.
 
ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් රැසක්ම මේ නිසා චීනයේ සංචාර සඳහා දැඩි සීමා පනවා ඇති අතර, චීනයේ සංචාරය කළ කිසිවෙකුට තම රට තුළට පැමිණීම වළක්වා තිබෙනවා.


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  388 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  1,432 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,168 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  228 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  232 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,636 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  14,311 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,833 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,690 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,874 Downloads



Top 10 Commenters

Latest Comments

Top