Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
06
මුදල් විශුද්ධිකරණ චෝදනා ලැබූ ශ්‍රී ලංකන් හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ බිරිඳ රිමාන්ඩ් - Video

- මුදල් විශුද්ධිකරණ චෝදනා ලැබූ ශ්‍රී ලංකන් හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ බිරිඳ රිමාන්ඩ් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,565 Views
ඇමරිකානු ඩොලර් මිලියන 2 ක අල්ලසක්..
සිංගප්පූරුවේ ආරම්භ කර ඇති ප්‍රශ්න ගත ගණුදෙනුව..
 
අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නියෝමාලි විජේනායක මේ මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
 
ඒ ඔවුන් කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අද පෙරවරුවේ අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් පසුව ඔවුන් අත්අඩංගුවට ගත් අතර, ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුවයි අධිකරණයට ඉදිරිපත් කෙරුණේ.
 
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සඳහා එයාර් බස් සමාගමෙන් ගුවන් යානා 10ක් මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 2 ක අල්ලසක් ලබා ගෙන මුදල් විශුද්ධිකරණය කළ බවට පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක වරෙන්තු නිකුත් කළේ පසුගිය සඳුදායි.
 
නඩුව අද කැඳවූ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු දක්වමින් කියාසිටියේ ප්‍රකාශ ලබා ගැනීමේදී අදාළ සැකකාරිය, සිංගප්පූරුවේ ආරම්භ කර ඇති ප්‍රශ්න ගත ගණුදෙනුවේ මුදල් බැර වූ ගිණුම පිළිබඳව කිසිදු අවබෝධයක් හෝ සම්බන්ධයක් නොමැති බව ප්‍රකාශ කළ බවයි.
 
එසේ ප්‍රකාශ කළ ද එම මුදලින් යම් කොටසක් ශ්‍රී ලංකාවේ එක් අයෙකුට හෝ දෙදෙනෙකුගේ ගිණුමකට ප්‍රේෂණය කර ඇති බවට අනාවරණ වී ඇති බවයි නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ.
 
ගිවිසුමට අනුව ගුවන් යානා මිලදී නොගැනීම නිසා මෙරට ගිණුමට බැර කළ මුදල මෙන්ම, වාරික වශයෙන් පොලියක් ද ප්‍රංශ සමාගමට ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුව ඇති බව ද නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කරුණු දක්වමින් කියා සිටියා.
 
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන අතිශය සංකීර්ණ බව පෙන්වා දුන් ඔහු සඳහන් කළේ සැකකරුවන් දෙදෙනාට ඇප ලබාදීම පරීක්ෂණවලට බාධාවක් විය හැකි බවයි.
 
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඔවුන්ට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ අතර සැකකරුවන් ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.
 
ශ්‍රී ලංකන් ගුවන් සේවය ගුවන් යානා නිෂ්පාදනයේ නිරත එයාර් බස් ඉන්ඩස්ට්‍රීස් සමාගම සමඟ කළ ගණුදෙනුවේදී ඇතැම් පුද්ගලයින් කළ බව කියන මූල්‍ය වංචා පිළිබඳ තොරතුරු බ්‍රිතාන්‍යයේ ‘‘ද ටෙලිග්‍රාෆ් පුවත්පත’’ වාර්තා කර තිබූ බව හිරු ප්‍රවෘත්ති ඔස්සේ අනාවරණ කළා.
 
ගුවන් යානා 14 ක් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අලෙවි කරගැනීමේ අරමුණින් ගුවන් යානා පිළිබඳ කිසිදු අත්දැකීමක් නොමැති ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු විධායක නිලධාරියෙකුගේ බිරිඳට අල්ලස් ලබාදීමට එකඟ කරවාගෙන ඇති බව එම වාර්තාවල දැක්වුනා.
 
ඒ අනුවයි පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලධාරීන්ට නියෝග කළේ.
 
එසේම, මෙම ගනුදෙනුවට අදාළව විමර්ශන වාර්තා පිටපත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත යොමු කරන ලෙසටද නීතිපති දප්පුල ද ලිවේරා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට උපදෙස් ලබාදී තිබුණා.


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  388 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  1,432 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,168 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  228 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  232 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,636 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  14,311 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,833 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,690 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,874 Downloads



Top 10 Commenters

Latest Comments

Top