මෙවැනි හඩ පටයක් සභාගත කර පාර්ලිමේන්තු පුස්තකාලයට ලබාදුන් පසු එය ඕනෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට පරිහරණය කළ හැකි වනවා.
පිටස්තර පාර්ශවයක් විසින් මෙවැන්නක් පරිශීලනය කිරීමට අපේක්ෂා කරන්නේ නම් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකළ යුතුයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක දුරකථන සංවාද ඇතුළත් හඩපට සභාගත කරන බවට මුල්වරට ප්‍රකාශ කළේ පසුගිය ජනවාරි මස 21 වනදා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයක් සිදුකරමින්.
කෙසේ වෙතත් දින කිහිපයක් ගතවනතුරුත් ඔහු කිසිදු හඩපටයක් පාර්ලිමේන්තු හැන්සාඞ් දෙපාර්තමේන්තුවට භාරදී තිබුණේ නැහැ.
හඩපට කිසිවක් පාර්ලිමේන්තුවට නොලැබුණු බව කථානායකවරයා සහ නියෝජ්‍ය කථානායකවරයාද දෙවරක් නිවේදනය කළා.
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින්නේ අධිකරණ ක්‍රියාවලියට බලපෑම් කිරීමේ චෝදනාවටයි.