Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jan
30
UNP නායකත්වය රනිල්ට - අගමැති අපේක්ෂකත්වය සජිත්ට ලබාදීමට කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය - Video

- UNP නායකත්වය රනිල්ට - අගමැති අපේක්ෂකත්වය සජිත්ට ලබාදීමට කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

24 Views
සන්ධානයේ නායකත්වය සජිත්ට, අගමැති අපේක්ෂයාත් ඔහු..
පසුගිය දවසක තිබුණ රැස්වීමකදී ඔහු හැසිරුණු ආකාරය..?
අනාගතයේ පත්කිරීම් කරනකොට කරන්න පුළුවන්කම තියනවා..

එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස තවදුරටත් රනිල් වික්‍රමසිංහ කටයුතු කරන බවට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද තීන්දු කළා.

ඉදිරි මහ මැතිවරණය සඳහා ගොඩනගන සන්ධානයේ නායකත්වය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ලබාදීමටත්, ඔහු අගමැති අපේක්ෂකයා ලෙස නම් කිරීමටත් එකඟතාවට පැමිණි බවයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් සඳහන් කළේ.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල හමුව එම පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්වුණේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදීයී.

මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයින් 20 දෙනෙකු සහභාගි නොවීම විශේෂත්වයක්.

ඉන් 16 දෙනෙකු පෙර දැනුම්දීමකින් තොරව සහභාගි නොවූ අතර, තවත් 06 දෙනෙකු සහභාගි නොවන බව පක්ෂ මහ ලේකම්වරයා වෙත දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත්, විපක්ෂ නායකවරයාගේ පාර්ශවයෙන් අද දහවල් සඳහන් කළේ ඔහු ඇතුළු 35 දෙනෙකු කෘත්‍යාධිකාරී මණ්ඩලය වර්ජනය කරන බවටයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී.පෙරේරා, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, හිටපු අමාත්‍ය ඉමිතියාස් බාකිර් මාකර් සහ කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායකගේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකත්වය අත්හිටුවීමේ තීරණයට විරෝධය පළ කිරීම ඊට හේතුව ලෙස දක්වා තිබුණා.

ඉමිතියාස් බාකිර් මාකර් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ තමන් ඇතුළු සිව් දෙනා කිසිදු පෙර දැනුම්දීමකින් තොරව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් ඉවත් කර ඇති බවයි.

පක්ෂ විනය උල්ලංඝනය කිරීමේ චෝදනාව මත මොවුන් කෘත්‍යාධිකාරි මණ්ඩලයට නම් නොකළ බව එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළා.

කෙසේ වෙතත්, පක්ෂ විනය කඩ කිරීමේ චෝදනා මත එම සාමාජිකයන් 04 දෙනාගේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය අත්හිටවු බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කළා.

එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව, එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකයින් සංඛ්‍යාව 94ක්.

කෙසේ වෙතත්, අද දිනය වනවිට ඒ සඳහා සාමාජිකයින් නම් කර තිබුණේ 59 දෙනෙකු පමණයි.

සාමාන්‍යයෙන් පක්ෂ නායකයා, නියෝජ්‍ය නායකයා, උප නායකයා, මහලේකම්වරයා සහ භාණ්ඩාගාරිකවරයා කෘත්‍යාධිකාරි මණ්ඩලයට නිතරගයෙන් පත් වනවා.

ඊට අමතරව, පක්ෂ නායකත්වයට නිල බලයෙන් සාමාජිකයන් 20 දෙනෙකු පත් කිරීමට අවස්ථාව හිමිවනවා.

දිස්ත්‍රික් සංවිධාන නියෝජනය කරමින් සාමාජිකයන් 24 දෙනෙකු නම් කෙරෙන අතර සියලූ පළාත් පාලන ආයතන නියෝජනය කරමින් සාමාජිකයන් 9 දෙනෙකු පත් වනවා.

පළාත් සභා නියෝජනය කරමින් ප්‍රධාන අමාත්‍යවරයා හෝ විපක්ෂ නායකවරයා කෘත්‍යාධිකාරි මණ්ඩලයට පත් කරන අතර, ජාතික සේවක සංගමය, අධ්‍යාපන ජාතික සංගමය සහ ජාතික වතු කම්කරු සංගමය නියෝජනය කරමින් සාමාජිකයන් 3 දෙනෙකු ද කෘත්‍යාධිකාරි මණ්ඩලයට පත් වනවා.

මීට අමතරව අනුබද්ධ සංවිධාන නියෝජනය කරමින් වෘත්තීයවේදියෙකු පත් කිරීමට අවස්ථාව පවතින බව සඳහන්.

කෙසේ වෙතත්, රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ තවදුරටත් කටයුතු කිරීමට සූදානම් නොමැති බවත්, හෙට දිනයේ දේශපාලන කටයුතු පිළිබඳව අවසන් තීන්දුවක් ගනු ලබන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ පාර්ශවය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගනු ලැබූ තීන්දු පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශයට සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්.



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top