කහවත්ත - කොටකෙතන ප්‍රදේශයේදී තම මව ඝාතනය කළ බව පැවසෙන සැකකාර පුත්‍රයා අද (10) පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
අධිකරණයේ අවසරය මත පැය 48 ක කාලයක් රඳවාගෙන මොහුගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.
සිය පෙම්වතියට ත්‍යාගයක් මිලදී ගැනීම සඳහා මුදල් ඉල්ලූ විට මව එය ප්‍රතික්ෂේප කිරීම නිසා මෙම සැකකරු පිහියක් රැගෙන සියදිවි හානි කර ගන්නා බව පවසමින් නිවසේ මුළුතැන්ගෙට ගොස් ඇති බව පරීක්ෂණවල දී හෙළිවී තිබෙනවා.
එය වැළැක්වීමට අදාළ කාන්තාව ගිය අවස්ථාවේදී සැකකරු තම මවට පිහියෙන් පහර දී ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.
මෙම කාන්තාව ඝාතනය වූ දිනයේ ඇය සමඟ නිවසේ සිටි පුත්‍රයා වන මෙම සැකකරු ඊයේ පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා. අනතුරුව ඔහු දීර්ඝ පාපොච්චාරණයක් පොලිසියට සිදුකර තිබෙනවා.