දඹුල්ල කන්ඩලම කැලේ ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්යබලකා සෙබළුන් (STF) පිරිසක් වැටලීමක නිරත වී සිටියදී එක් සෙබලෙකුට වෙඩි වැදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
අදාළ ප්‍රදේශයේ රහසිගතව පවත්වාගෙන ගිය ගංජා හේනක් වැටලීම සඳහා මෙම මෙහෙයුම සිදු කර තිබේ.
කෙසේවෙත් දැනට තොරතුරු වාර්තා වෙන අන්දමට මෙහෙයුමේ නිරතව සිටි තවත් නිලධාරියෙකුගේ ගිනි අවිය අහඹු ලෙස පත්තුවීමෙන්එක් සෙබලෙක් මෙලෙස අනතුරට මුහුණ පා දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇත.
අනතුරෙන් මිය ගිය සෙබලා STF කොස්තාපල්වරයෙකි.