Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
28
වූහාන් නගරයෙන් පැමිණෙන සිසුන් දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයට - අද රාත්‍රියේත් 176ක් පැමිණෙයි - Video

- වූහාන් නගරයෙන් පැමිණෙන සිසුන් දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයට - අද රාත්‍රියේත් 176ක් පැමිණෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,599 Views
ගෙවල්වලින් අපිව ගෙන්ව ගන්න තීරණය කළා..
සියලු ගැටලු තානාපතිවරයාට අපි දැනුම් දුන්නා..
දැනට අපි 30 දෙනා ඉතාම හොඳින් සිටිනවා..
 
චීනයේ සිටින තවත් ශ්‍රී ලාංකික සිසුන් 176දෙනෙකු අද රාත්‍රීයේ දිවයිනට පැමිණීමට නියමිතයි.
 
චීනයේ බීජිං නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී කේ.කේ. යෝගානන්ද හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ කොරෝනා වෛරසය අසාදනය වු ශ්‍රී ලාංකිකයෙකු චීනයෙන් මෙතෙක් වාර්තා වී නොමැති බවයි.

දැනටමත් ශ්‍රී ලංකාවට පැමිණ සිටින සිසුන් නිරන්තර පරීක්ෂාවන්ට යොමුවන අතර, විටින් විට ශරීර උෂ්ණත්වය නිරීක්ෂණය කරමින් සෞඛ්‍ය තත්ත්වය පිළිබදව අවධානය යොමු කරන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කළා.
 
වෛරසය ආසාදිත අයෙකුගේ රෝග තත්ත්වයන් මතුවීමට දින 20ක කාලයක් ගත වන බවත් එම කාලය අවසන් වන තුරු මුඛ ආවරණ පළදින ලෙස යි සෞඛ්‍ය අංශ ඔවුන්ට දැනුම් දෙන්නේ.
 
එසේම, චීනයේ නගර 53 ක සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ට පූර්ව වීසා අයදුම් කිරීමකින් තොරව මෙරටට ඇතුලූවීමට අවසර ලබා නොදෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
 
චීනයේ පැතිර යන මාරාන්තික කොරෝනා වෛරසය පිළිබඳව සැළකිල්ලට ගෙන මෙම තීරණයට එළඹි බවයි එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සදහන් කළේ.
 
කටුනායක ගුවන් තොටුපළට, ගුවන් මගීන් හැර සෙසු පුද්ගලයින්ට ගුවන් තොටුපළ පර්යන්තයට ඇතුළු වීම අද පෙරවරුවේ සිට තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.
 
මේ අතර කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
 
එමඟින් ඔවුන් සඳහන් කරන්නේ වසංගතයෙන් පීඩාවට පත් ප්‍රදේශවලින් දැනටමත් ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින්ගෙන් ඔවුන්ගේ සැළසුම් අවලංගු කර ජනාකීර්ණ ස්ථානවල ගැවසීමෙන් වළකින ලෙස ඉල්ලා සිටින බවයි.
 
එසේම හුබෙයි නගරය ඇතුලූ වසංගත රෝගයට ගොදුරු වූ ප්‍රදේශවල සිට ශ්‍රී ලංකාවට පැමිණීමේ සැළසුම් ඇති සංචාරකයින්ට එම සැළසුම් කල් දමන ලෙස හෝ අවලංගු කරන ලෙසටද උපදෙස් ලබාදී තිබෙනවා.
 
මේ අතර, ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමය මගීන් ඉල්ලා සිටින්නේ සෙම්ප්‍රතිෂ්‍යාව හා කැස්ස වැනි රෝග ලක්ෂණ තිබේනම් බස්රථය ගොඩවීමේදි මුඛ ආවරණයක් පැළදීම යෝග්‍ය බවයි.
 
එසේම චීනයේ සිට ඊජිප්තුව බලා යාත්‍රා කරමින් පවතින භාණ්ඩ ප්‍රවාහන නෞකාවක කාර්යමණ්ඩලයේ සිටින ශ්‍රී ලාංකිකයින් 06 දෙනෙකුට කොරෝනා වෛරසය බවට සැක කළ හැකි උණ තත්ත්වයක් වැළඳී ඇති බව වෙළද නාවික සංගමය පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් එම සංගමයේ සභාපති පාලිත අතුකෝරල කියා සිටියේ එම නෞකාව ලබන 30 වනදා ඊජිප්තුවට ලගා වීමට නියමිත බවයි.
 
කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට සහ ප්‍රතිකාර කිරීම සඳහා වූ තාක්ෂණික කරුණු ඇතුළත් විශේෂ චක්‍රලේඛයක් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරුන්ට සහ රෝහල් අධ්‍යක්‍ෂවරුන්ට යොමුකර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මේ බව කියා සිටියා.
 
එම මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වූ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි කියා සිටියේ චීනයේ වූහාන් නගරයේ සිට දිවයිනට පැමිණෙන සියලූම සිසුන් දියතලාව හමුදා කඳවුරේ වෙන්වූ කාමරවලට යොමු කරන බවයි.


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,479 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  612 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  14,600 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,746 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,507 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,559 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  8,037 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  3,918 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  812 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,403 Downloads



Top 10 Commenters

Latest Comments

Top